Friday, September 7, 2012



මොර සුරන මහා වරුසාවේ 

එක දවසක ඇය හා ආවේ
සද රාණියේ නුඹ නාඩන් 
ඇය නෑ දැන් මේ ගම්මානේ


තරු පායන මල්පෙති පවනේ 
ගග ඇයි මේ ඈතට ඇදුනේ
හද පාන වැදී උණ පදුරේ 
අපේ ආදර ලෝකය මැවුනේ
කෝ එදා පැලන්දු මුදුවේ 
රන් කාන්තිය නෑ අද ලදුනී
සද රාණියේ නුඹ නාඩන් 
ඇය නෑ දැන් මේ ගම්මානේ




සුදු මල්පෙති පරදන මුහුණේ
මුතු කදුලැලි කවුරුද මැවුවේ
එන පෝයට පන්සල පාලුයි
මම කවුරු දකින්නද එන්නේ
කෝ එදා පැලන්දු මුදුවේ 
රන් කාන්තිය නෑ අද ලදුනී
සද රාණියේ නුඹ නාඩන් 
ඇය නෑ දැන් මේ ගම්මානේ




 ගීතය ගායනා කරන්නේ  අල්හාජ් මොහිදීන් බෙග් මහතා 

මටනම් දැනෙන්නේ ඉතාම සුන්දර ගීතයක් විදියට... ඇත්තටම ආදරය කරන කාලයේ කිසිම පෙම්වතියක් කැමති වෙන්නේ නෑ තම පෙම්වතා කිසිම අයුරකින් වෙන කිසිදු තරුණියක් එක්ක කතා කරනවට තබා ඒ දිහා බලනවටත්... ඇත්තටම යොවුන් ප්‍රේමය ඒ තරම්ම ආත්මාර්ථකාමියි... හැම තරුණියක්ම මෙහෙම තමා..
ඉතින් අපේ මේ පෙමවතාටත් මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න වෙලා...
මොර සුරන මහා වරුසාවේ 
එක දවසක ඇය හා ආවේ
සද රාණියේ නුඹ නාඩන් 
ඇය නෑ දැන් මේ ගම්මානේ
රචකයා මොර සුරන වරුසාවක් විදියට ඒ අවස්තාව හදුන්වන්නේ එය එතරම්ම අවාසනාවන්ත අවස්තාවක් බවට දැන් පත්ව ඇති නිසයි .ඇත්තටමමේ තරුණයා මේ කියන තරුණිය සමග වැසි දිනක කුඩේ යටින් එන්නත් ඇති. මෙතරම්ම මේ සිද්දිය දුරදිග යන වග ඔහු කලින් දන්නවනම් මොනතරම් වැස්සක වුවද ඇය සමග නොඑන බව පසුව ඔහුගේ වැළපීම් වලින් අපට පැහැදිලි වේ...මේ දේ ගමේ ඉන්න තම පෙම්වතියට ආරංචි වේ යැයි ඔහු තුන සිතකින්වත් නොසිතන්න ඇති. මේ රචකයා අපට පහදන්න උත්සාහ කරන්නේඒ ගැමි ගතිය. ඕපා දුප වලට පියාපත් තියෙනවා.. අබිලින් ල හැමතැනම. දැන් කාලේ බිත්තිවලට ඇස කන් තියෙනවා වගේ.. ගමේ නාන ලිද ලගදි හරි කොහොම හරි පෙමවතියට මෙය ආරංචි වෙලා . එහෙම ආරංචි වුනාම වෙනදේ අමුතුවෙන් ලියන්න ඕන නෑනේ.රණ්ඩු කරන කිරිල්ලී.
මම එක දවසයි ආවේ මගේ කෙල්ලේ.මම අයිම කවදාවත් එහෙම එන්නේ නෑ, ඒකි දැන් ගමේ ඇත්තෙත් නෑ.මේ හුග කාලෙකට කලින් වුනේ. දැන් අඩන්න එපා කෙල්ලේ. මගේ මැණික දැන් අඩන්න එපා.ඒකි අයිම මේ පළාතකවත් නෑ.මං කියන දේ තේරුම් ගන්න මගේ රැජිනියේ..දැන් ඔය ඇඩිල්ල නවත්තල හිනාවෙන්නකෝ...
මොන හිනාවක්ද ඇය දිගටම මොහු සමග රන්දුකරනවා... ඒ තමා යොවුන් ප්‍රේමයේ තියෙන ආථ්මර්ථකාමී බව.
ඉස්සරනම් ගමේ නෑ කිවුවම ඉතින් අයිම එයාව ගමට ආවම තමා දකින්න වෙන්නේ. අයිම ඉතින් ඒ සබදකම් තියාගන්න ලියුං කඩදාසියක්වත් යවන්න වෙන්නේ හරි අමාරුවෙන්. හැබැයි ඉතින් දැන් කාලේ නම් ජංගම දුරකථන , ඊ මේල්, ෆේස්බුක්, ස්කයිප්, අරව මෙව්වා සබඳතා වර්දනය කරගන්න, ඇතිකරගන්න ක්‍රම ගොඩයි..


තරු පායන මල්පෙති පවනේ 
ගග ඇයි මේ ඈතට ඇදුනේ
හද පාන වැදී උණ පදුරේ 
අපේ ආදර ලෝකය මැවුනේ
කෝ එදා පැලන්දු මුදුවේ 
රන් කාන්තිය නෑ අද ලදුනී
සද රාණියේ නුඹ නාඩන් 
ඇය නෑ දැන් මේ ගම්මානේ


දැන් මේ දුකින් ඉන්න තරුණයා තනිවම කල්පනාවට වැටෙනවාමෙච්චර කල් ප්‍රේම කරපු මාව ඇයට තේරුම් ගන්න බැරි ඇයි.මං කොච්චරනං තේරුම් කරන්න හැදුවද ? ඇය තේරුම් ගන්නේ නෑ . ඇයි එහෙනම් අපි මෙච්චර දුර ආවේ. බලනකොට කිසි තේරුමක් නෑ. ඔහු තනිවම හිතනවා. ඔහුගේ හිතත් පිළිගන්න අකමැතියි. ඔහුට මතක් වෙනවා ඇය එක්ක ගං ඉවුරේ උණ පදුර ලග ඇයත් එක්ක ප්‍රේම කරපු අයුරු... ඒ ආදරයට හද එලිය උණ ගස් අතරින් ගග දියට වැටිලා මවපු සුන්දර ලෝකය. ඒ සුන්දර ලෝකය ඇතුලේ ඔවුන්ගේම ප්‍රේම ගගක පීනපු හැටි ඔහුට එකිනෙක චිත්‍රපටියක් වගේ මතකයට එනවා... ඒ සුන්දර ලෝකේ ප්‍රේම කරනකොට ඔයාගේ අතගිල්ලේ මම පලදවපු පරම පිවිතුරු ප්‍රේමණීය රන් මුදුවේ කාන්තිය දැන් දැන් අඩුවෙනවා වගේ මට දැනෙන්නේ... ඒ ප්‍රේමණීය මුදුව පලන්දපු දවසේ ඔයාගේ ඇස්වල තිබුණු කාන්තිය මවෙත දීපු ආදරය අද කෝ කෙල්ලේ. ඒ ආදරය අද ඇත්තෙම නැද්ද.මට කියන්න. මාව ඔයාට එපාම වෙලාද... අනේ කෙල්ලේ මම අයිමත් කියන්නේ ඔයා අඩන්න එපා...ඒකි නෑ දැන් මේ ගමේ.. මාව විශ්වාස කරන්න මගේ රත්තරනේ...

මේ රචකයා පුන පුනා පැහැදිලි කරන්නේ මේ තරුණය තුල තිබෙන විරහවේ වේදනාව. ඒ ලතැවිල්ල . ඒ පීඩනය.

සුදු මල්පෙති පරදන මුහුණේ
මුතු කදුලැලි කවුරුද මැවුවේ
එන පෝයට පන්සල පාලුයි
මම කවුරු දකින්නද එන්නේ
කෝ එදා පැලන්දු මුදුවේ 
රන් කාන්තිය නෑ අද ලදුනී
සද රාණියේ නුඹ නාඩන් 
ඇය නෑ දැන් මේ ගම්මානේ


මෙච්චර ලස්සනට තිබුන මුහුණේ කදුලැලිමැවුවේ කවුද දෙයියනේ..ලස්සන මල්පෙති වගේ තිබුන ඇගේ සුන්දර පිරිසිදු මුහුණ... රචකයා උත්සාහ කරනවා මේ පෙම්වතා ඇයට කොතරම් ආදරේද කියනවාග පැහැදිලිකරන්නට.මේ පෙම්වතාට ඇය ඇඬුවත් ඇයගේ ලස්සනම තමා පෙන්නේ. ඇයගේ කදුලුත් මුතුකට වගේ... මෙච්චර ලස්සන මුහුණකට කොහොමද මේ කදුළු කැට මැවුවේ.. ඔහුට කිසිත් සිතාගන්නවත් බැරි තරමට වේදනාවෙන් මිරිකිලා...
ඔවුන් හමුවෙලා කතාබස්කරපු තවතැනක් රචකයා සදහන් කරනවා..
ඒ ගමේ පන්සල. ඇත්තටම පෝයදාට ගමේ පන්සල පෙම්වතුන්ට ලස්සන දේදුනු පාලමක් වගේ. බෝකොල අතරින් වැටෙනා සද එළියෙන් දිලිසෙන ඇගේ සුන්දර මුහුණ ගන්ටාර කුලුනට මුවාවෙලා ඔහු රස විදපු අපූරුව සිහියට නැගිලා මේ එන පෝයට පන්සල පාලුම පාලුයි.
ඇත්තටම පෝයකට පන්සලක් පාලු වෙන්න නම් ඉතින් පන්සල අන්‍යාගමික ප්‍රදෙශයකවත් ඉදිවන්න එපැයි. නමුත් මේ රචකයා තරුණයාගේ හිතේ තියෙන දුක ඉතාමත්ම වැඩි බව හගවන්න යොදන පදපෙල බලන්න.
මුළු ගමම පන්සලේ ඉදියත් වැඩක් නෑ මට. මගේ සුදු මැණික නැතුව. කොච්චර ලස්සනට හද පෑයුවත් වැඩක් නෑ.මගේ ලෝකේ එලිය වෙන්නේ නෑ. මගේ මැණික එන්නේ නැත්තම් මම ඇයි පන්සල එන්නේ.මම ඇවිත් වැඩක් නෑ. මගේ ලෝකෙම පාලුයි.පංසලත් පාලුයි.ඇයි මම පන්සල් එන්නේ.
මම අයිම කියන්නේ මගේ මැණික ඒකි දැන් මේ ගමේ නෑ.දකින්නවත් වෙන්නේ නෑ.මම කියන දේ තේරුම් ගන්න මගේ කෙල්ලේ...



මේ තරුණයාගේ වැළපීම දිගින් දිගටම ඉදිරිපත් කරන්නේ ඔහුගේ තියෙන වේදනාව රසිකයන්ට හැගාවන්ට... ඉතාම ලස්සන පදපෙලක්. සුන්දර සත්සර මුසුවක්... ගැබුරු වේදනාත්මක හදකින් ගැයෙන මේ ගීයබොහොමහැගුම්බර එකක්..

උපුටාගැනීම - elakiri.com
SIN(gi)
◄▐▐ Share කිරීම මිතුරන් අතරේ පමණයි▐▐ ►
... ...
ඔබ සතු හාස්‍යජනක්,දුර්ලභ,වැදගත් ලිපි,ඡායාරූප අපට එවන්න:
wendesiwatta@gmail.com 

වෙන්දේසිවත්ත එක්සත් Cricket සමාජය


විස්සයි විස්සේ - T20 Official Event song

වෙන්දේසිවත්ත එක්සත් Cricket සමාජය

ඔබ කෙදිනකවත් අසාර්ථක වී නැත්නම්, ඔබ අලුත් දෙයක් කිරීමට කෙදිනකවත් උත්සාහ කොට නැත 

(chula)

උපුටා ගැනීම - https://www.facebook.com/photo.php?fbid=256229654497319&set=a.165540823566203.33891.159649794155306&type=3

වෙන්දේසිවත්ත එක්සත් Cricket සමාජය

Thursday, September 6, 2012

අනේ ඒක රෙකෝඩ් උනානම් දාන්න එපා


භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය භාරත ප්‍රේමචන්ද්‍ර මහතාට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් විභාග වන නඩුවට පැමිණෙන ආකාරයත් ඉන් අනතුරුව පවත්වන වේගවත් කතාවත් අප බොහෝ විට මාධ්‍යයෙන් දැක ඇත්තෙමු.

නමුත් මාධ්‍යය තුලින් දැකීමට නොලැබෙන හිරුණිකා කැමරාවට මුහුණ දීමට ප්‍රථම වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා. 

එම වීඩියෝව බලන්න පහතින්.





වෙන්දේසිවත්ත එක්සත් CRICKET සමාජය

ධාතූන් වහන්සේලා වඳින්න පැය දහඅටක් පෝලිමේ හිටිය..


ධාතූන් වහන්සේලා වඳින්න පැය දහඅටක් පෝලිමේ හිටිය..
පෝලිමේ කෙළෙවර හොයාගන්න බැරුව පැය දෙකක් ආපස්සට ඇවිදගෙන ගියා..
කිලෝමීටර් හයක් දිගට පෝලිම..පේන මානයක් සුදු පාටයි..
කොහොමින් හරි දවල් දෙකට විතර පෝලිමටත් එකතු වුනා..
විනාඩි දහයකට පහලවකට සැරයක් අඩියක් දෙකක් විතර ඉස්සරහට ගියා..
ඒ වෙලාවෙ "ආපු මෝඩකමක්.." කියල හිතුනට..
අඩියෙන් අඩිය, මිටරෙන් මීටරේ ඉස්සරහට යද්දී, සංසාරෙත් මේ වගේ දුෂ්කරයි නේද කියල හිතල හිත සැහැල්ලු කරගත්තා..
අපි වෙනුවෙන් බුදුන් වහන්සෙ සාරාසංකෙයිය කල්ප ලක්ෂයක් කල් දුක්වේදනා වින්දනම්..
උන්වහන්සෙ දැකගන්න මම මේ කරන්නෙ මොන මගුලක්ද කියල හිතුන..
මේක දුකක් නෙමේ..
හිතට දිරි ගත්තා..හැම වෙලාවෙම..වයසක ආච්චිල සීයලත් රැයක් තිස්සෙ නිදි මරාගෙන හරි හරියට අපිත් එක්කම ඉස්සරහටම ඇවිදගෙන යද්දී..
අපි වයසට වඩා නාකි වෙලා කියල හිතුන..අපේ හිත් වලට වැඩිය ඒ හිත් තවම "තරුණයි" කියල හීතුනා..
ඉඳියාප්ප දහපහළොවකින් බඩගින්න නිවාගෙන..එලි වෙනකම්ම,ඉස්සරහටම ගියා..
ආපස්සට හැරුනා..
අපේ පස්සෙන් ආපු අයත් හිනාවෙවී අපිත් එක්කම..
පෝලිමේ හිටි පැය දහඅටට එයාලත් අපේ නෑදෑයො වුනා..
වෙලාව උදේ අට හමාරයි..!!!
බුදු හාමුදුරුවො පේනමානෙ..මිනිස්සුන්ගෙ මලානික මූණු සේරම එලිය වැටුන..
පන්සාලිස් අව්රුද්දක් තිස්සෙ අව්වට පිච්චි පිචිචි වැස්සට තෙමි තෙමි සිරි පතුල් වල කරගැට එනකම් ගමක් ගමක් ගානෙ නගරයක් නගරයක් ගානෙ..ඇවිද ඇවිද සංසාරෙන් ගැලවෙන්න අපිට පාර කියාදුන්න..
මගේ බුදු හාමුදුරුවො නේද මේ මගේ ඉස්සරහ වැඩයින්නෙ..!!!!!
පින්නට සිතල වෙලා තිබ්බ මගේ ඇස්දෙකට..කඳුළු ඉනුව..හරි රස්නෙට..
දුකට නෙමේ..
සතුටට..
හදවතේ ගැඹුරුම තැනින් ආපු..

(chula)

කුකුළාගේ කැමතිම සිංදුව


තව අලුත් දේවල් බලන්න වෙන්දේසිවත්ත වෙත එන්න...
මෙන්න බුකියේ page එකට යන්න මෙතන CLICK කරන්න

අපේ බුකියේ page එක

අපගේ බුකියේ page එකට යාමට  මෙතන CLICK කරන්න