ධාතූන් වහන්සේලා වඳින්න පැය දහඅටක් පෝලිමේ හිටිය..
පෝලිමේ කෙළෙවර හොයාගන්න බැරුව පැය දෙකක් ආපස්සට ඇවිදගෙන ගියා..
කිලෝමීටර් හයක් දිගට පෝලිම..පේන මානයක් සුදු පාටයි..
කොහොමින් හරි දවල් දෙකට විතර පෝලිමටත් එකතු වුනා..
විනාඩි දහයකට පහලවකට සැරයක් අඩියක් දෙකක් විතර ඉස්සරහට ගියා..
ඒ වෙලාවෙ "ආපු මෝඩකමක්.." කියල හිතුනට..
අඩියෙන් අඩිය, මිටරෙන් මීටරේ ඉස්සරහට යද්දී, සංසාරෙත් මේ වගේ දුෂ්කරයි නේද කියල හිතල හිත සැහැල්ලු කරගත්තා..
අපි වෙනුවෙන් බුදුන් වහන්සෙ සාරාසංකෙයිය කල්ප ලක්ෂයක් කල් දුක්වේදනා වින්දනම්..
උන්වහන්සෙ දැකගන්න මම මේ කරන්නෙ මොන මගුලක්ද කියල හිතුන..
මේක දුකක් නෙමේ..
හිතට දිරි ගත්තා..හැම වෙලාවෙම..වයසක ආච්චිල සීයලත් රැයක් තිස්සෙ නිදි මරාගෙන හරි හරියට අපිත් එක්කම ඉස්සරහටම ඇවිදගෙන යද්දී..
අපි වයසට වඩා නාකි වෙලා කියල හිතුන..අපේ හිත් වලට වැඩිය ඒ හිත් තවම "තරුණයි" කියල හීතුනා..
ඉඳියාප්ප දහපහළොවකින් බඩගින්න නිවාගෙන..එලි වෙනකම්ම,ඉස්සරහටම ගියා..
ආපස්සට හැරුනා..
අපේ පස්සෙන් ආපු අයත් හිනාවෙවී අපිත් එක්කම..
පෝලිමේ හිටි පැය දහඅටට එයාලත් අපේ නෑදෑයො වුනා..
වෙලාව උදේ අට හමාරයි..!!!
බුදු හාමුදුරුවො පේනමානෙ..මිනිස්සුන්ගෙ මලානික මූණු සේරම එලිය වැටුන..
පන්සාලිස් අව්රුද්දක් තිස්සෙ අව්වට පිච්චි පිචිචි වැස්සට තෙමි තෙමි සිරි පතුල් වල කරගැට එනකම් ගමක් ගමක් ගානෙ නගරයක් නගරයක් ගානෙ..ඇවිද ඇවිද සංසාරෙන් ගැලවෙන්න අපිට පාර කියාදුන්න..
මගේ බුදු හාමුදුරුවො නේද මේ මගේ ඉස්සරහ වැඩයින්නෙ..!!!!!
පින්නට සිතල වෙලා තිබ්බ මගේ ඇස්දෙකට..කඳුළු ඉනුව..හරි රස්නෙට..
දුකට නෙමේ..
සතුටට..
හදවතේ ගැඹුරුම තැනින් ආපු..
(chula)

No comments:
Post a Comment