Hop (2011) | පිම්ම
පාස්කු හාවා හෙවත් Easter Bunny තත්වේ බාර ගන්න ඉන්න හා පැටියා ඇත්තටම ආස Drummer (බෙර වායෙක්) වෙන්නයි. නමුත් තාත්තාට උවමනා මෙයාව පාස්කු හාවෙක් කරන්න. කෙසේ නමුත් මෙයා ගෙදරින් පැනලා යනවා. එහෙම ගිහින් මුණ ගැහෙන්නේ එයා වගේම තාත්තාගේ සිහිනය සැබෑ කරන්න බැරි වුන තවත් ෆ්‍රෙඩ් කියලා කෙනෙක්ව. කෙසේ නමුත් පාස්කු හාවාගේ තත්වය ලබා ගැනීමට මාන බලන කාර්ලොස් කියලා කුකුළු පැටියෙකුත් ඉන්නවා. මේ හැමෝගෙම කථා අවසන් වනුයේ කෙසේ දැයි බැලීමට එහෙනම් ඔන්න සිංහල උප සිරැසිත් එක්කම බයිස්කෝපය බලන්න කෝ
HOP direct download කිරීමට මෙතන Click කරන්න
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වා.මු.නිලන්ත පියසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
වෙන්දේසිවත්ත එක්සත් Cricket සමාජය
Men in Black 3 (2012) | අතීතය බේරා ගැනීම උදෙසා…
මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Barry Sonnenfeld විසින්. ෆිල්ම් එක මුලින්ම තිරගත වීම අරඹන්නේ මේ අවුරුද්දේ මැයි 25. ෆිල්ම් එක හදන්න විතරක් ඇමරිකානු ඩොලර් මිලියන 215 ක වැයවෙලා තියෙනවා. ඒත් මේ ගාන වගේ හය ගුණයක් විතර හොයලා බොක්ස් ඔෆිස් රෙකෝඩ් එකක් තියලා තාමත් හොඳින් තිරගත වෙන ෆිල්ම් එකක් තමයි ඔයාලා මේ බලන්න යන්නේ….මේකේ ප්‍රධාන නළුවෝ දෙන්නා ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. මේකේ ප්‍රධාන නළුවා වෙන්නේ Will Smith නියෝජිත J (Bad Boys , Independence Day, I Robot, I Am Legend, Hancock, The Karate Kid, MIB 1 & 2 ) මෙයාගේ ෆිල්ම් ටික ඔක්කොම දැම්මොත් මේ ලිපිය රචනයක් වෙනවා බොක්ස් ඔෆිස් හිට් වෙච්ච ටික විතරයි දැම්මේ හොඳේ ), Tommy Lee Jones නියෝජිත K (Captain America: The First Avenger, Volcano,) Josh Brolin තරුණ නියෝජිත K (Milk, True Grit, Wall Street: Money Never Sleeps) ,Emma Thompson නියෝජිත O [ (Harry Potter and the Deathly Hallows Part 2, I Am Legend, Harry Potter and the Order of the Phoenix,) ,Michael Stuhlbarg Griffin (Hugo, Body of Lies, Law & Order) , Jemaine Clement බොරිස් පිටසක්වල ජීවියා (Rio, The Simpsons වෙනුවෙන් හඩ මුසු කරලා තියෙනවා ) මේ වගේ පට්ට සුපිරිම නළුවෝ නිලියෝ ටිකක් තමයි මේකේ ඉන්නේ.
ඔයාලා මේකේ දෙවැනි කොටස බලලා ඇතිනේ Men in Black – 2. මේ කතාවේදී නියෝජිත J ගේ තනතුර උසස් වෙලා ඔහු දැන් වල ජේෂ්ඨ නිලධාරියෙක් වෙලා MIB වල කලින් හිටපු අධ්‍යක්ෂකගේ මරණින් පසු අළුත් අධ්‍යක්ෂක ලෙස නියෝජිත K ගේ මනඃකල්පිත පෙම්වතියවන නියෝජිත O පත්වෙනවා. මේ අතර හඳේ තියෙන lunar max හිරගෙදරින් බොරිස් කියන පිටසක්වල ජීවියා පනිනවා. මොකද ඔහුට ඕනි වෙනවා නියෝජිත K ගෙන් පලි ගන්න. මොකද ඔහුව අල්ලලා හිරේට දාන්නේ අපේ කථාවේ උප ප්‍රධාන චරිතය වන නියෝජිත K විසින් නිසා. මෙන්න මේ සිදුවීම වෙන්නේ 1969 අවුරුද්දේ. එහිදී වන සිදු වන සටනකදී බොරිස් ගේ අතක් අහිමි වෙනවා. මෙසේ අංගවිකල වෙච්ච බොරිස්, නියෝජිත K විසින් හඳේ හිරගෙදරට යවනවා. එකේ අවුරුදු 40 ක ඉඳලා අන්තිමේට ඔහු හිරෙන් පැනලා පෘතුවියට එනවා තමන් හිර කරපු එකේ පලියගන්න. බොරිස් හදන්නේ 1969 අතීතයට ගිහින් තමුන්ගේ අත අහිමි වෙන සටනේදී නියෝජිත Kව මරලා දමන්න. නමුත් බොරිස් හිරෙන් පැනගත්තා කියන ආරංචිය නියෝජිත K දැනගත්තම ඔහු කල්පනා කරනවා අතීතයට ගිහින් බොරිස්ව මරා දමන්න.
ඉන් පසුව ඔහු තනියම අතීතයට යනවා. මේ අතර නියෝජිත K ගේ අතීතයට යෑම නිසා වර්තමානයේ සියළුම කටයුතු අවුල් වෙනවා. මොකද ඔහු තනියම අතීතයට ගියාට ඔහුට සිදුවන්නේ බොරිස් අතින් මරණයට පත්වෙන්න. ඒ නිසා පෘතුවියේ ආරක්ෂා වෙලා තියෙන්නේ වර්ෂ 1969 ජාතික පිටසක්වල Arcanian ජීවියෙක් වන ග්‍රිෆින් විසින් දෙනු ලබන විද්‍යුත් චාප ආරක්ෂණ දැල නිසයි. මෙය 1969 වර්ෂයේ ගුවන් ගතවෙන සඳ ගමනේ රොකට්ටුවේ තැන්පත් කරන්නේ නියෝජිත K විසින්. නමුත් අතීතයට ගිය නියෝජිත K මිය යන බව MIB අධ්‍යක්ෂක එමා තොම්සන් විසින් නියෝජිත J ට පවසනවා. එම නිසා පෘතුවියේ ආරක්ෂාවට තියෙන විද්‍යුත් චාප ආරක්ෂණ දැල ස්ථාපනය කිරීමට නොහැකිවූ බවත් හෙළි කරනවා. නියෝජිත K අතීතයට ගියාට පසු දා පෘතුවියට විසින් සතුරු ආක්‍රමණයක් එල්ල වෙනවා. පෘතුවිය Boglodite වරුන්ගෙන් බේරාගැනීමට නියෝජිත K ව මරණයෙන් බේරා ගැනීමට නියෝජිත J අතිතයට යනවා.........
නියෝජිත J ට තම සගයා බේරාගැනීමට හැකිවෙයිද? බොරිස් තම අරමුණ ඉටු කරගනිවිද? නියෝජිත K තම අරමුණ ඉටු කරගනිවිද? යන ප්‍රශ්නවලට උත්තර ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ….
Men In Black 3 direct download කිරීමට මෙතන Click කරන්න
Men In Black 3 direct download කිරීමට මෙතන Click කරන්න
Men in Black 1 හා 2 නොබලපු අයට-
Men In Black 2 direct download කිරීමට මෙතන Click කරන්න
Men In Black 2 direct download කිරීමට මෙතන Click කරන්න
Men In Black 1 direct download කිරීමට මෙතන Click කරන්න
Men In Black 3 හී සිංහල උපසිරස ලබා ගැනීමට මෙතන Click කරන්න
Men In Black 3 හී සිංහල උපසිරස ලබා ගැනීමට මෙතන Click කරන්න
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චරිත පොල්ගස්දෙණිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
වෙන්දේසිවත්ත එක්සත් Cricket සමාජය
Snow White and the Huntsman (2012) | අදුරු බලවේගයන්ට එරෙහිව.
මේක නිකුත් වුණේ 2012 ජුනි 1. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Rupert Sanders වියදම විතරක් ඇ.ඩො මිලියන 170 වෙනවා. මේකේ ප්‍රධාන චරිතය කරන්නේ හොලිවුඩයේ වැඩිම ආදායමක් ලබන නිළිය Kristen Jaymes Stewart ( Snow white – The Twilight Saga, The Messengers) අනෙක් ප්‍රධාන චරිතය වන දඩයක්කාරයගේ Chris Hemsworth (Huntsman – Thor , The Avengers) චරිතය කරන්නේ ඊට අමතරව Charlize Theron (Queen Ravenna – Hancock , Prometheus, Monster) , Eddie Marsan ( Mission Impossible III, Sixty Six, Hancock, Sherlock Holmes, War Horse) සම්මානනිය නළුවන් වන අයත් මෙහි රගපානවා.
Tabor රාජධානියේ පාලකයා වන Magnus රජුට හා Eleanor රැජිනට බොහෝ කාලයකට පස්සේ ලැබෙනවා දියණියක් මොවුන් ඇයට නම තියනවා Snow white (Kristen Stewart) කියලා.කුමරිය ඉපදිලා ටික දවසකින් මිය යනවා.මේ සමගම රාජධානියට අදුරු හමුදාවක් කඩා වදිනවා.රජු ඒ හමුදාව යටතේ සිටින Ravenna(Charlize Theron) කුමරිය බේරාගෙන ඔහුගේ බිසව කරගන්නවා.න්මුත් ඔහුගේ තීරණය වැරදියි කියලා ඔහුට තේරෙනකොට ඔහු සිය දිවියෙන් වන්දි ගෙවලා ඉවරයි. Ravenna රැජින තමයි එවක ලෝකේ ඉන්න දරුණුම මන්ත්‍රකාරිය.ඇයටම තමා අදුරු හමුදාව අයිති රජු මියගිය පසු අදුරු හමුදාව රාජ්‍යය ආක්‍රමණය කරනවා.මෙහේ වන සටනෙදි පැරදි Hammond (Vincent Regan) ආදිපාදවරයා තම පුතා William (Sam Claflin )සමග පලා යනවා නමුත් ඔවුන්ට කුමරිය බේරාගත නොහැකි වෙනවා. රැජින කුමරිය එක් ටැම් ගෙයක සිරකරනවා.
නමුත් දවසක කුමරිය මාළිගයෙන් පලා යනවා ඇයට අහම්බෙන් හම්බවුණ පාරක් නිසා.රැජින කුමරියව අල්ලගෙන එන්න දඩයක්කරුවෙක්ව Huntsman(Chris Hemsworth ) යවනවා අදුරු වනාන්තරයට මේ අතර නපුරු මායකාර රැජිනගෙන් රාජධානිය බේරගන්න Hammond ආදිපාදවරයා සැරසෙනවා.දඩයම්කරු කුමරියව පාවා දෙයිද?ආදිපාදවරයාගේ සැලසුම සාර්ථක වෙයිද?රැජිනගේ නපුරු පාලනය අවසන් වෙයිද? කෝ එතකොට අපි දන්න කතාවෙ ඉන්න අගුටු මිට්ටෝ? එතකොට කාටද පෙම හිමි වෙන්නේ ?කාටද අහිමි වෙන්නේ? මේකේ තව දෙවනි කොටසක් එයිද?මේ ටික දැනගන්න නම් ඔයාලට මේක ඩවුන්ලොඩ් කරන්නම වෙනවා. එහෙනම් ඉතින් කට්ටියම මේ සුපිරිම ෆිල්ම් එක බලලා හොද නරක කියන්නකෝ…
direct download කරගන්න මෙතන Click කරන්න
සිංහල උපසිරස ලබා ගැනීමට මෙතන Click කරන්න
මෙම ලිපියේ අයිතිය විකියා සතුය
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චරිත පොල්ගස්දෙණිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
වෙන්දේසිවත්ත එක්සත් Cricket සමාජය
මෙම ලිපියේ අයිතිය විකියා සතුය
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චරිත පොල්ගස්දෙණිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
වෙන්දේසිවත්ත එක්සත් Cricket සමාජය
No comments:
Post a Comment