සද එළියට ඇහැරෙන මල් (නව කතාව)


බදුලු කෝචිචිය කොළඹට සේන්දු වෙත්දී හිරු ඇහැරෙමින් තිබිණි. ඇදුම් කැඩුම් පිරි බෑගය එක් උරහිසක එල්ලාගත් මම දඩිමුඩියේ දුමුරියෙන් බසින්නට තැරැුන්දෙන මගීන් අතරට එක්වුනෙමි. අත රැුදි සෙල්ෆොනයෙහි වෙලාව සටහන්ව තිබුණේ අටයි කාල ලෙසටය. උදෑසන නවයට පෙරාතුව නුගේගොඩට යාගත යුතු විය. එකසිය තිස් අට බසයකට ගොඩවැදුණු මම සාක්කුවෙහි ලාගෙන සිටි ලිපිය අතට ගතිමි.
"සිල්වර් ක‍්‍රියේෂන්ස්,
නො.241 හයිලෙව
ල් පාර,
නුගේගොඩ.
ඥාති හිතමිත‍්‍රාදීන්ට පෙන්වීමෙනුත් අතෙහි දහදදියට මැඩිමේනුත් ලිපිය කිලිටිව තිබිණි.
’‘අප ආයතනයෙහි පිටපත් රචකයෙකු ලෙස ඔබව තෝරාගෙන ඇති බව සතුටින් දන්වා සිටුමු’’
.
එකී තුටු පහටු පණිවිඩය රැුදදි ලිපිය ලද මොහොතේ සිට මාසිත සොම්නසින් ඉපිලින. මටත් වඩා සතුටක් අම්මා කෙරෙහි විහිදිනි. ඕ දන්නා කියන කාටත් ඒ වග කීවා පමණක් නොව සාක්ෂි වශයෙන් ලිපියද ඉදිරිපත් කළාය.
උසස් පෙළ හමාර කළ සැනින් රැුකියාවක් ලැබීම සතුටකටත් වඩා අරුමයකි. ඉංග‍්‍රිසි පුවත්පතක පළමු දැන්වීමකට අහම්බෙන් අයදුම්පතක් දැම්මා විනා රැුකියාව ලැබෙතයි එතරම් විශ්වාසයක් මාසිතෙහි නොවීය. නමුත් දෙසතියක් ඇතුලත කැ`දවවීම් ලිපියත් ඉක්බිති රැුකියාවට තෝරාගත් වග දන්වා එවු ලිපියත් එක අතකට පුදුම කරවාලීය. නොදරු අවධධියේ සිටම ළමා පත්තර වලට පවා නිර්මාණ කුරුටු ගා යවා ලද අත්දැකීම් ගොන්න මේ රැුකියාව ස`දහා මා සුදුස්සකු කළේය.
අටයි හතලිස් පහ වෙද්දි මම නුගේගොඩින් බැස ගනිමි. හයිලෙවල් පාර අද්දරම වු අ`ථ පැහැති තෙමහල් ගොඩනැගිල්ලෙහි සිල්වර් ක‍්‍රියේෂන්ස් දැන්වීම් ප‍්‍රචාරක ආයතනය පිහිටියේ ය. ආරක්ෂක කුටියට ලිපිය පෙන්වු ව විට ලද අවසරයෙන් ආයතනයෙහි විදුරු දොරටුව තල්ලු කරගෙන මම ඇතුලට ගියෙමි. අඩ වෘත්තාකාරව සැකසු විසල් මේසයක් අද්දර සිටි තරුණ පිළිගැනීමේ නිළධාරිනිය පු`ථල් සිනහවක් ර`දවා ගෙන මා අත වු ලිපිය ඉල්ලා ගත්තාය.
සර් කථාකරයි.......පොඞ්ඩක් වාඩිවෙලා ඉන්න.
පිටත මෙන්ම කාර්යයාලය ඇතුලතද දැකුම්ක`ථය. අථපැහැයත් නිල් පැහැයත් බිත්තිවල ආලේපකොට තිබේ. එය ආයතනයෙහි අන්‍යතා පැහැය විය හැක. බිත්තිවල තැනින් තැන අපූර්ව සිතුවම් රදවා තිබිණි. මා ඉදිරිපිට බිත්තියෙහි වුයේ මුහුදු රැුල්ල පාගන කුඩා නොදරුවකුගේ කථ සුදු ඡුායාරූපයකි.
"සර් කථාකරනවා.....උඩට යන්න...."
පිළිගැනීමේ නිළධාරිනිය කිවාය. මදක් සැළෙන සිතින් මම පිය ගැටපෙළ නැංගෙමි. ආයතන ප‍්‍රධානියාගේ කාමරය පිහිටියේ දෙවන මහලේ කෙළවරය. මම හිමින්සීරුවේ පරිස්සමට දොර තල්ලු කළෙමි. ඔහු හිස ඔසවා බැලුවේය. හේ මැදිවියේ පසු වු පුද්ගලයෙකි.
‘‘ගුඞ්මෝනින් සර්.....’’
‘‘ගුඞ්මෝනින්’’
ඔහු තමා ඉදිරිපිට වු අසුනට අත දිගු කරමින් මට ඉදගන්න යැයි සන් කළේය. ඔහුගේ මේසය එක කොනක ලොකු රවුම් වීදුරු බෝතලයක රිදි පාට මා`ථවන් දෙතුන්දෙනෙකි. අපුර්ව කැමරාකෝණ වලින් ඩැහැගත් විචිත‍්‍රවත් ඡුායාරූප කිහිපයකින් ඔහුගේ කාර්ය්‍යාල කාමරයේ බිත්ති සරසා තිබිණි.
’‘ලිහිණි නේද?’’
ඔහු මා විමතියට පත්කරමින් ඇසුවේය. සීයයක් දෙසීයක් පැමිණි සම්මුඛ පරික්ෂණයෙන් මගේ නම ඔහුගේ මතකයේ රැුදුනේ කෙසේද?
’‘ඉන්ටර්විවි එකට එකසිය ගානක් ආවා. සිලෙක්ට් කරගත්තේ දෙන්නයි."උපැස් යුවල ගලවා අතට ගෙන එක් අන්ඩකින් එය සොලවමින් ඔහු කීවේය.
"එක්කෙනෙක් ලිහිණි....’’
මගේ දෙතොල වෙවිලාගෙන ආවේය.
’‘තැන්ක්ස්.....සර්’’
මම ඒ වචන දෙක තුන ඇහිදගත්තේ ද අසීරුවෙනි. වචන පිටනොවන තරම් සතුුට දෝරගලයි.
‘‘සිල්වර් ක‍්‍රියේෂන්ස් කියන්නේ අයිලන්ඞ්වල විතරක් නොවේ වර්ල් ටෙ‍්‍රන්ඞ් එකක් තියෙන ෆර්ම් එකක්. අවුට් කන්ටී‍්‍රස් සීයකට වඩා බ‍්‍රාන්චස් තියෙන ස්වීඩන් ප‍්‍රඩක්ෂන් එකක්. බට්....අපි වර්ක් කරන්නේ ශ‍්‍රි ලංකන් අයිඩිල් එකට. ඩිඩි යු අන්ඩස්ටෑන්ඞ්’’
‘‘යර්ස් සර්.....අයි ගොට් ඉට්’’
ඔහු මේසය මත වු සීනුව නාද කළේය. ඇසිල්ලකින් සේවිකාවක ආවාය.
’‘කොපිරයිටර් සෙක්ෂන් එකේ ආලෝක සර්ට කථාකරන්න’’
අලෝක උපැස් යුවලක් පැළද අවුරුදු තිහක පමණ පෙණුමැති නුස් තරුණයකු විය. ඔහු මාදෙස බලා ම`ද සිනහවක් නංවාගෙන මා අද්දර වු අසුනෙහි හිදගත්තේය.
‘‘ආලෝක....මේ ලිහිනි මෙයාව ඔයාගෙ සෙක්ෂන් එකට ගන්න.
මම ආයතන ප‍්‍රධානියාව තුති පුදා අලෝක සම`ග පිටුපසින් වැටුනෙමි. ඔහු මා කැටුව ගියේ විසල් කාමර කාර්යාල කැමරයකටය.
පරිගණක තිර ඉදිරිපිට සිටි තරුණ යුවතියන් දෙතුන් දෙනෙකු ඇස් තටු උස්සා අප දෙස බැලුහ.
‘‘උපේන්ද්‍ර සර් විස්තරේ කියන්න ඇතිනේ...මේක තනිකරම කස්ටර්මස්ලා එක්ක කරන ආර්ට් වර්ක් ජොබ් එකක්. ක‍්‍රීයේටිවි හාටිටෙකක් තියෙනවනං ප‍්‍රඩක්ෂෙන් එක අල්ලගන්නෙක ඊසි’’
ආලෝක සුහදශිලිව කරුණු පහදා දෙයි.
‘‘ලිහිණි හරි ලකී. ඔයා ජොයින් වුනේ ලංකාවේ ඇඞ්වර්ටයිසින් වලින් ලොකුම ක‍්‍රවුඞ් එකක් තියෙන ෆර්ම් එකත් එක්ක’’
මසිත සතුටින් ඉපිළ ගොසිනි. ආත්මීයව ප‍්‍රියකළ රැුකියාවක් ලැබීම සැබවින්ම වාසනාවකි. ඒ නිසා ලද තුටුපහටු බව සිතපුරා තැවරි ඇත.
‘‘නවතින්න බෝඩිමක් හොයාගත්දි?’’
කොළඹ ප්ලාස්ටික් කර්මාන්ත ආයතනයක රැුකියාවක් කරන මගේ මිතුරෙකු බත්තරමුල්ලේ බෝඩිමක සිටි. ටික දිනක් එහි නවාතැන් ගත හැකි වග ඔහු මා හා කීවේය.
‘‘දැනට බෝඩිමක් තියෙනවා. පස්සෙ තැනක් හොයා ගන්නවා සර්’’
මම අවංක හඩින් කීවෙමි.
‘‘දවස් දෙක තුනක් ඉන්න. මං විජේරාමෙන් තැනක් හොයලා දෙන්නම්’’
කුමක්දෝ හේතුවකට ආයතනයේ සිටි සිය`ථ දෙනාම පාහේ මා හා ක`ථපගව දොඩම`ථ වුහ. ඒ මගේ සිතට විසල් අස්වැසිල්ලක් විනි.
‘‘එහෙනම් හෙට ඉදලා වැඩට එන්න. ගුඞ්ලක්. ඕල්ද බෙස්ට්’’
ආලොක් සර් මට අතට අතදී සුභ පැතුවේය. මම බොහෝ ලෙන්ගතුව ඔහුට ස්තූති කළෙමි.
ඉහිලිය නොහැකි සතුට හිත පුරා ඉහිරෙද්දි මම ඉහල මාලයේ පටු තීරය දිගේ එන අතර තුර අම්මාට ඇමතුමක් ගතෙමි. බෙහෙවින්ම සතුටට පත් වු අම්මා පිරිත් සරින් සුභ පැතුවාය.
‘‘සුදු පුතාට දළදා හාමුදුරුවන්ගේ ආරක්ෂාවයි පරිස්සමින් වැඩකරපන් පුතේ.’’
ඕ ඇමතුම අතරතුර දෙතුන් වතාවක් එලෙස ආශිර්වාද කළාය.
උඩුමහලේ වු වීදුරු දොර අරින්නට මං එහි ලීවරයට අත තියද්දීම පිටත සිට ඇතුලට එන්නට ආ යුවතියක්ද ඊට අත තැබුවාය. ඇයට ඉඩ දෙන්නට අත ඉවතට ගෙන මම මදක් පසෙකට වීමි. නිල්පාට ඩෙනිම් වර්ගයේ කලිසමකිනුත් කහපාට ටී ෂර්ට් එකකිනුත් සැරසි කෙටි වරලස ලමැද හරහා නිදහස්ව වැටෙන්නට හැර ලැසිගමනින් ඇතුලට ආ යුවතිය මැද සිනහවක් නැගුවාය. එහෙත් ඒ ඇස් තිබුනේ මට ඔබ්බෙනි.
‘‘ගුඞ් මෝර්නින් මිස්’’
මට පිටුපසින් නැගුන හ`ඩ ආලෝක සර්ගේ ය. ඔහු පැමිණි වග මා දුටුවේ එවිටය.
ඕ අපුරු ෆර්පියුම් සුවදක් ඉහිරුවා අප පසුකර ගියාය. ආපසු හැරි ඇය දෙස බලන්නට මසිතෙහි ආශාවක් උපනද ආලෝක සර් සමීපයෙහි වු හෙයින් මම එය මැඩ ගතිමි.
‘‘ඔය උපේන්ද්‍ර සර්ගේ නංගී ස්නේහා......හරිම ආඩම්බර කැරුක්ටර් එකක් කාටවත් කතාකරන් නෑ. ලස්සන වැඩි හින්දා වෙන්න ඇති. හැබැයි ලිහිණි එයා එක්ක තමා මයාට වැඩ කරන්න වෙන්නේ’’
අලෝක සර් කීවේය. මම කිසිවක් නොදෙඩා මුණිවත රැුකිමි. සිනහවක් විතරක් නගා ගනිමි.
‘‘එහෙත් හෙට ඉදලා වැඩට එන්න’’
මම මාවතට විත් බස් එකකට නැග ගතිම්. මෙතුවක් සියල්ල යහපත්ව සිදුවිනි හෙට සිට අලුත් බලාපොරොත්තුවකින් ජිවිතයට මුහුණ දිය හැක. ආයතන හිමිකරුද අලෝක සර්ද මට බෙහෙවින්ම හිතැතිය. එහෙත් අර ආඩම්බරකාර යුවතිය ස්නේහා......
සමුගැන්මක් නොවේ...

මතු සම්බන්ධයි.......



නිල් අහසින් වට ලා කහ පාට උදෑසනක් එලැඹිණ. පාන්දරින්ම කොළඹ අහසෙහි හිරු පිපෙයි. ගමේ තරං ගස් කොලන් නැති හෙයින් අවහිරයකින් තොරව හිරු කිරණ කොන්ක්රීපට් පුරය සිපගනී. නැවුම් සුළග කොළඹට අහිමිය. ගෙදර වත්තෙහි කෙළවරක වූ නිල් දිය උතුරන ලිදෙහි තරං කොළඹ කරාම වලින් පිටවන මලකඩ දිය සීතල නොවේ. අම්මාගේ සුසුම දැවටෙන ඉසව්වක සිටින විට දැනෙන සැනසිල්ල ගෙන්දගම් අඩවියේ අහස් වියන යටදී දැනෙ
න්නේ නැත. දෑස බැද වෙනස්ම ලෝකයකට ගෙනැවිත් දැම්මාක් මෙන් හැගීමක් හිටි ගමන් මා සිතට දැනේ. . . . . . .
එහෙත් සියල්ල දරා ගත යුතුය. පිරිපත කම්කටොලු ඉහිලිය යුතුය. අපමණ වෙහෙස වී මා කුස පුරවා ඇල්දිය පොදක් බී සිය කුස ගිනි නිවාගත් අම්මාගේ ජීවිතයට අස්වැසිල්ලක් ගෙන ආ යුතුය. මා වෙනුවෙන් ඈ පුරන අප්රපමාණ හීන කන්දරාව මෙතෙකැයි කිව හැකි නොවේ. ඕ සිය විඩාබර නෙත් සගල පතුලෙහි ඒ සියලු හීන සගවාගෙන සිටී. ගෙපැල කොනක වූ ගැටපිච්ච පදුරින් මල් නෙලන ඕ මා වෙනුවෙන් බුදුන් පුදන්නීය. පිවිතුරු සිතින් සෙත් පිරිත් කරන්නීය. ඇගේ කුදු මහත් ලෝකයම මා පමණි.

* * * * * * * * * * * * * * * * * * * * * * * *
ඉක්බිති මා සුදු පසුබිමෙහි නිල් වැටුණු කමිසයකුත් කළු කලිසමත් පැලද ගත්තෙමි. කැරලි ගැසුණු කොන්ඩය පැත්තකට කොට පීරනවාටත් , ඕනෑවට වඩා කෙටි කර කපනවාටත් අම්මා ඉස්සර කැමති වූයේ නැත. “කොන්ඩෙට විකාර කරන්න එපා දරුවෝ. ඔය බොකුටු කොන්ඩෙ ලස්සනයි .... ” ඈ සමහර විටෙක එහෙම කීවාය.
උදේ හතහමාර වන විට මම කාර්යාලයට ගියෙමි. පෙරදින මතකයෙන් කාර්ය්යාබල පිලිගැනීමේ නිළධාරිනිය මා හා සිනාසුනාය. කවුන්ටරය මත වූ අත්සන් පොත මවෙත කිට්ටු කල ඇය අභ්යගන්තර දුරකථනයකට ඇමතුමක් ගත්තාය. මා පැමිණි වග දැනුන් දුන් ඕ ඉක්බිති රිසිවරය අත්වලින් වසාගෙන මදෙස බැලුවාය.
“දෙවෙනි තට්ටුවෙ කොපිරයිටින් සෙක්ෂන් එකට යන්න. ආලෝක සර් ඉන්නවා ” ඈ ලෙංගතුව කීවාය. එක පෙළට පිළිවෙලකට තැබූ ලියන මේස අටකින් යුක්ත දෙවන මාලයෙහි කොපිරයිටින් අංශය තුළ දහ දොළොස් දෙනෙක් වැඩකරනු ලැබීය. කලු වීදුරු වලින් ආවරණය කරනු ලැබූ කාමර දෙකක් කෙළවරක විණි. ඉන් දකුණු පැත්තෙහි වූයේ ආලෝක සර්ගේ කාමරයයි.
මා දොරටුවෙන් ඇතුලු වන විට ඔහු උන්නේ දුරකථන ඇමතුමකය. මා දුටු කෙනෙහිම ඔහු මට ඉදගන්නා ලෙස අතින් හා ඇසින් සන් කලේය. ඔහු කතා කරමින් උන්නේ ගණුදෙණු කරුවෙකු සමග බව කතාවේ ස්වභාවයෙන් පැහැදිලි විය. නොයෙක් තර්ක හා කේවල් කිරීම් අතර ගෙවුණු ඇමතුම හමාර වූයේ මිනිත්තු තුන හතරකට පසුවය. ඔහු කතාබහ අහවර කළේ ජයග්රාවහී ලීලාවකිනි.
“ Good morning Sir ”
“ Good morning Lihini “
ඔහු රිසීවරය රැදවුමෙහි තබා මේසය අද්දර වූ ෆයිල් කවරයක් තමා සමීපයට ගත්තේය. “ඔයාගෙ ටේබල් එක අර අයිනෙ තියන එක. දකුණු පැත්තේ ජී.එම් ගෙ කාමරේ ලග. එතෙන්ට ගිහින් මේ වැඩේ කරන්න ලිහිණි ....... ඔයාට දෙන ෆස්ට් ජොබ් එක මේක”.
එසේ කියන අතරතුර ඔහු ෆයිල් කවරෙන් පිටතට ගත් පත්රිොකාවක් මවෙත පෑවේය.
“ඔය හෑන්ඩ් බිල් එක හොදට කියවන්න. තත්පර විස්සක ටී.වී ඇඩ් එකකට වචන පනහකින් ස්ක්රි්ප්ට් එකක් ලියන්න. වැඩේට පැයක් ඇති නේද ? ”.
එය තේක්ක පැල ව්යාරපෘතියකට සම්බන්ධ ආයතනයක් පිලිබද වූ දැන්වීම් පත්රි කාවකි. මින් පෙර කිසිවිටෙක මෙවැන්නක් ලියා පලපුරුද්දක් නැති හෙයිනුත් මසිත බෙහෙවින්ම නොසන්සුන් විණි.
“ඕක උපේන්ද්රර සර්ගෙ යාලුවෙක්ගෙ කම්පැනියක් ...... වැඩේ ගින්දර වගේ කරපන් කොල්ලෝ ...... ස්ක්රිසප්ට් එකට ලොක්කා සැටිස් වුනොත් මාක්ස් වැටෙන්නෙ උඹට ”, ආලෝක සර් මා දිරිගන්වමින් කීවේය. “ හරි සර් .... මං කරන්නම් ”.
මම අත්පත්රිවකාවත් රැගෙන මට වෙන්කොට තිබූ මේසය වෙත ආවෙමි. මින් පෙර මම නොදුටු, මා නුපුරුදු සියලු දෙනා මදෙස බලා මදහස පෑහ. තාමත් ඔවුන්ට මා ආගන්තුකයකු විණි ද , ඒ බව නොපෙන්වා හැකිතරම් ලෙන්ගතුව පෙරළා ඔවුන්ට සිනාසුනෙමි.

විටින් විට මවෙත ආ ඔවුනතරින් කිහිප දෙනෙක් මගේ නම, ගම ආදිය අසා සුහද සිතින් සුභ පැතූහ.
“ මල්ලි උණු උණුවෙම වැඩක් අරගෙනම ගොඩ වෙලා වගේ. කොච්චර කලත් ලොක්කගෙ හිත සැටිස් කරන එක එච්චර ලේසි නෑ මල්ලි ” , මගේ මේසයට ඔබ්බෙන් සිටි ගයාන් කීවේය.
“ ඔය ඊර්ෂියාවට කියන කතා මල්ලි, ඕව ගනං ගන්න එපා ” පසු කලෙක මගේ දුක සැප ලග දැවටුණු අතිජාත මිතුරා වූ සාගර එහෙම කීවේය.
ඔවුහු මා වෙතින් නික්ම ගිය අවසරයෙන් මම මගේ මුල්ම රැකියාවේ පළමු කාර්යයට මුල පිරීමි. පත්රිලකාව සිව් වතාවක් කියවන්නට විනාඩි දහයක් පමණ ගෙවිණ. ඉස්සර පාසලේදී තරගයට පිළිතුරු ලියා හමාර කොට මුලින්ම ගුරුවරයාට පෙන්වූයේ මාය. කුමක් හෝ වාසනාවකට වේගයෙන් හා ඉක්මනින් යමක් ලිවීමේ හැකියාව මා හට තිබුණි. විනාඩි විසිපහකට මත්තෙන් මම පිටපත ලියා අහවර කළෙමි.
හිතට නැගුණාට ගොතා ගැලපූ පද මේ කටයුත්තට තරම් නොවේ යැයි කීපවිටක්ම මට සිතිණි. එබැවින් සිත සැලෙමිණි. එහෙත් සිදුවන්නක් උණාවෙයි සිතා මම පිටපත රැගෙන ආලෝක සර් වෙත ගියෙමි. ඉඩහල කාලයටත් පෙරාතුව පෙරළා පැමිණි මා දෙස ඔහු පුදුමයෙන් බැලුවේය.
“ඇයි ලිහිණි , වැඩේ අමාරුද ? ”
පිලිවදන් ලෙස කිසිවක් නොදෙඩූ මම, අත රැදි පිටපත ඔහු වෙත පෑවෙමි. ඔහු එතරම් විශ්වාසයකින් තොරව නොසැලකිල්ලෙන් මෙන් මවෙතින් එය රැගෙන මාරුවෙන් මාරුවට මා දෙසත් පිටපත දෙසත් බැලුවේය. දැන් දැන් කඩදාසිය උන්ඩි කර මගේ මූණට දමා ගසෙතැයි මට සිතුණි. විනාඩි දෙක තුනක් විදුලි පංකාවේ හඩ අතර ගෙවී ගියේය.
හිටිවනම ඔහු මට හිදගන්නා ලෙස පවසා මේසයෙහි වූ රතු පෑන අතට ගත්තේය. මගේ උගුර කට වේලී ගියේය. ඔහු කුමක් කියාවිද ?.
“ එක්සලන්ට් ලිහිණි ”
අලුත් හුස්මක් ගන්නට ඉඩ දෙමින් ඔහු පිටපත අනුමත කළේය. හිත පිරුණු සතුට උතුරා වාං දමන්නාක් මෙන් විය.
“ හරියටම වැඩේ කරල තියෙනවා. වෙරි ගුඩ් ලිහිණි. මං මේක බොස්ට යවන්නං”.
මේ ප්රිසංශාවන් අභියස මගේ දෙනෙත් දිදුලන්නට ඇත. තුටින් බර හිතේ උපන් කදුලක් නෙත් අග ඉවුරු බදින්නට ඇත.
“ඊයෙ මං උඹට කීවා මතකද මේ ෆීල්ඩ් එකට ක්රිියේටිව් හාට් එකක් ඕන කියලා. අන්න ඒක උඹට තියෙනවා. ඇකඩමික් ඩිග්රි වලින් විතරක් මේවා කරන්න බෑ. මේකට හාට් එකේ ඩිග්රියත් ඕන”, බොහෝ දේ පවසා අවසන ආලෝක සර් එසේ කීවේය.
මම අපමණ සතුටකින් පිටතට ආවෙමි. සතුට වැඩිකමට දෝ මම පැමිණියේ නොසැලකිලිමත්ව බිම බලාගෙන වන්නට ඇත. නොසිතූ ඇසිල්ලක නොපැතූ පරිදි මම යුවතියකගේ වතෙහි ගැටුණි.
“ පිස්සුද හලෝ ...... මොන සිහියෙන්ද ඇවිදින්නේ ? ”
තිගැස්සීගත් මම නොසන්සුන්ව ඈ දෙස බැලීමි. පෙර දින කොරිඩෝවේදී නෙත ගැටුණු යුවතිය ස්නේහා, සිය සොදුරු මුහුණ කෝපයෙන් අදුරු කරගෙන දිලිසෙන දෑසින් මදෙස බලා සිටී.
“ සො ..... සොරි මිස් .... ! ”
ඒ වචන කිහිපය ගලපා ගන්නට මා ගත් වෙහෙසක තරම ....!
ඈ අත වූ නවීන පන්නයේ ජංගම දුරකතනය මගේ පය පාමුලය. සැනින් පහත් වූ මම එය ඇයට දෙන්නට ඇහිද ගතිමි. දුරකතනය අතට ගෙන බැලූ විට මගේ සියොළගම හිරිවැටින. අධික මිලැති දුරකතනයේ තිරය පුපුරා ගොසිනි. කරකියා ගත හැක්කක් නැතිව මසිත අසරණ විය. උගුර කට වියලී වචන සිර විය. දිව පැටලින. ඉරිතලාගිය දුරකතනය මා අතින් උදුරා ගත් යුවතිය මා දවා හළු කරන තරමේ බැල්මක් හෙලුවාය. ඇසිල්ලකින් ඇගේ නිල් දෑසෙහි කදුලු පුරන්නට විය.
දෙවියනේ ! මම දැන් කුමක් නම් කරන්නද .... ?
මතු සම්බන්ධයි ........ 




තප්පර කිහිපයක් නිසොල්මන්ව ගෙවිණි. ඇඩුම් එන්නට මෙන් රතුව ගිය දෙනෙත් ඇත්තිය දෙතොල විකාගෙන මදෙස බැලුවේ නොරිස්සුම් සහගතවය. මා අතින් සිදු වූයේ සිතා මතා කල දෙයක් නොවේ. ඒ වග ඇය නොදන්නවා විය නොහැක. එහෙත් නොසැලකිල්ල නිසා මා වෙතින් වූ නොහොබිනා වරදකැයි සිතා ඇය යටි සිතින් අනේකවර දොස් නගනවා විය යුතුය. කුමක් කියන්නදැයි, කුමක් කරන්නදැයි සිතා ගත නොහී මම විලම්භීතව වුන්නෙමි.
හිටිවන
ම ස්නේහා බිදුනු දුරකතනයෙහි පිටුපස ප්ලාස්ටික් පියන්පත රෝස ආලේපන ගැල්වූ නියගින් පන්නා එතුල වූ සිම් කාඩ්පත ඉන් මුදවා අතට ගත්තාය. ඇය කරන්නට යන්නේ කුමක්දැයි මට වැටහී යයි. මගේ හද ගැස්ම මොහොතකට නතර වූවාක් මෙන් විය. ඈ දුරකතනය මවෙත පෑවාය.
“ සොරි මිස් , මම දැක්කෙ නෑ ”.
ඇය සූදානම් වන්නේ මා අතින් සිදු වූ අත්වරදට මා චූදිතයකු කොට වන්දි ලබා ගැනීමටය. අඩු තරමින් හැත්තෑපන්දහසකටත් වඩා මිලැති දුරකතනයක් නැවත අළුත්වැඩියා කරන්නට හත් අට දහසක්වත් වැය වෙනු ඇත. එවැනි මුදලක් මේ මොහොතේ මට සොයා ගන්නට තබා සිතා ගන්නටවත් නොහැක.
මගේ සමාව ඉල්ලීම පා දුහුවිල්ලකටවත් මායිම් නොකල නපුරු සිතැත්තිය මදක් මවෙත කිට්ටු වී කතා කලාය.
“ මට සොරි කියල වැඩක් නෑ. එක්කො ඩිස්ප්ලේ එක දාල දෙනවා, එක්කො ඒකට සල්ලි දෙනවා. නැත්තන් මං අයියට කියලා තමුසෙව අස්කරනවා”.
ඈ කතා කලේ මෘදු මෙළොක් බවෙහි සේයාවක්වත් නැති ගානටය. නෙතු ගැටෙන ඕනෑම කෙනෙකුට ප්රිාය උපදවන බෙහෙවින්ම සොදුරු යුවතියකගේ නපුරු වදන් මසිත කටුක ලෙස රිදවාලීය. යලි යලිත් සමාව ඉල්ලා තුට්ටුවටම බාල්දු කරගත් සිතැතිව උන් මට නිහඩ වෙනවා හැරුණු කොට අන් යමක් කරන්නට ඉඩකඩක් නොවිණ.
උදේ පාන්දර ලද ප්ර ශංසා සහගත අස්වැසිල්ල දැන් ඉහිරී ගොසිණි. අවධාරණයත්, තරවටුවත්, නියෝගයත් මුසු වූ යුවතියගේ අකීකරු වදන් අභියස මම අසරණ වීමි.
“ දවස් තුනක් ඇතුලත දෙකෙන් එකක් කරනවා”.
නියෝගය තහවුරු කොට ස්නේහා නික්ම ගියේ මහමෙරක් බර මගේ හිස මත අඩුක් කරමිනි.
මගේ අසුනට විත් මම වියවුල්ව ගිය සිත් ඇතිව දස අතේ කල්පනා කළෙමි. රැකියාවට ආ මුල්ම දිනයේ මෙවැනි වින්නැහියක් වෙතැයි මම කෙලෙසකවත් සිතුවේ නැත.තෙදිනක් ඇතුලත රුපියල් හත් අට දහසක් සෙවීම කෙසේවත් කල නොහැක.
මාසික වැටුපක් ලැබෙන තුරු එදිනෙදා වියදමට කියා සොච්චම් මුදලක් මා අත වෙයි. එය ඉල්ලා ගත්තේ ද අසරණ අම්මා ගෙනි. මේ කටයුත්තට ඒ මුදල කෙසේවත් ප්රචමාණවත් නොවේ. තුන් හතර පළකින්ම කැඩී අබලන්ව ගිය සපත්තු දෙක මසා ගන්නටවත් මුදලක් නැති මා මෙතරම් වැය බරක් දරන්නේ කෙසේද, මා මිතුරු සුරාජ් ටික දිනකට මට නේවාසික පහසුකම් දෙයි. තවදුරටත් මුදල් ඉල්ලා ඔහුට කරදර කිරීම වරදක් මෙන්ම බලවත් අපරාදයකි. අනෙක් අතට ඔහුට රැකියාව ලැබී තවම මසක්වත් ඉක්ම ගොස් නැත. ඉතින් මම කරන්නේ කුමක්ද, හිස ගිණිගත් සෙයකි. මුළු මහත් හිත පුරාම ඇත්තේ මා ගැන උපන් දැඩි ආත්මානුකම්පාව මුසු වේදනාවකි. මටම මෙවැන්නක් වූ හැටි යැයි සිතුනු වාර අනන්තය.
දැන් ඉතිරිව ඇත්තේ බෙහෙවින්ම තුටු පහටුව කරන්නට ලැබුණු රැකියාව අත් හැර දමා පාන්දර දුම්රියෙන් ගෙදර යාමය. නැත්නම් වෙනත් කුමක් හෝ රැකියාවක් සොයා ගැනීමය. මේසය ඉදිරිපිට බිත්තියෙහි රදවා ඇති ඡායාරූපයෙහි ඕලු මල් විකුණන සිගිති දැරිය මට සිනා සේ. ඒ සිනහවෙන් දෑස ඉවතට ගත් විට දිස්වන්නේ ඔබ්බෙන් වූ වීදුරු ආවරණය කල කාමරයෙහි පරිගනකය අද්දර සිටින ස්නේහාය. විදුලි පංකාව නිසා ඉහිරී මුහුණ හරහා වැටුණු කෙස් රොදක් ඕ කන් පෙති අතර රදවා ගත්තීය. ඒත් එක්කම ඉස්සුනු දෑස වැරදීමකින් දෝ මා වෙත යොමු වී නරයෙකු දුටු කළෙක මෙන් යලි මගෙන් මුදවා ගත්තාය. ඒ මොහොතේ සිට හිස නොඋස්සා සිටින්නට මම උත්සාහ කළෙමි.
එතැන් සිට මම කළේ වියවුල්ව - ඉබාගාතේ යන සිතැතිව මේසය මත වූ සුදු ඩිමයි කොළයෙහි බලි රූ රටා ඇදීමයි. ස්නේහා දෙතුන් වතාවක් මා අසලින් එහාටත් මෙහාටත් යනු යාන්තමට මගේ නෙතගට හසු විණි ද, හිස ඔසවා නොබලන්නට තරම් මා ප්රමවේසම් සහගත වීමි.
“ අළුත් මහත්තයා .... තේක නිවෙනවා ”
මම තිගැස්සී හිස ඔසවා බලද්දී කාර්යාල සේවිකාවක ට්රේසකක් රැගෙන මා පසුකරගෙන ගියේ හිස් කෝප්ප එක්කාසු කර ගන්නටය. මට යාබද මේසයෙහි සිටි ගයාන් අසලට ගිය ඕ සිනාසෙමින් යමක් මුමුණමින් හිස් කෝප්පය ට්රේග එක මත තබා ගත්තාය.
“මේ සුජාතගේ ළදරු පාසල් යන මුණුබුරා අදින චිත්ර් වගේ ඒවා , ලිහිණි මල්ලි අදිනවා කියලා සුජාතා කියනවා”.
ගයාන්ගේ ඇනුම් පදයට සිනා සී ප්ර තිචාර දැක්වූ සේවිකාව , “ ඔය බොරු මහත්තයා ” යැයි කියා යන්නට ගියාය.
ගයාන් හුන් තැනින් නැගිට්ටේය. ඔහු දකින්නට පෙරාතුව මම බලි රටා කුරුටු ගෑ කඩදාසිය උන්ඩි කොට අපද්ර ව්ය් බහාලනයට දැමීමි.
“ උදේ හින්දි ෆිල්ම් එකක පොඩි රොමෑන්ටික් සීන් කෑල්ලක් ගියාලු නේද ......? ”
උදෑසන සිදු වූ සිද්ධිය ඔහු නොදුටුවේ වී නමුදු එය ඔහුගේ කන වැකී තිබේ. මම කිසිවක් නොදොඩා මද සිනහවක් පමණක් නැගීමි. මේසයෙහි කොනකට බරවූ ඔහු, අසල කාමරය දෙසට කොකම් පා එබී බැලුවේය. දැන් දිස්වනුයේ ස්නේහාගේ මුවින් අඩකි. ඇය වෙනතකට හැරී කවුරුන් හෝ සමග දුරකතන සංවාදයක යෙදී සිටී.
“ ලොවේ මෙවන් සොදුරු රුවක් නොවේ ”
ගයාන් හෙමින් සීරුවේ එසේ කීවේය. කුමන හෝ හේතුවකට ගයාන් හා අල්ලාප සල්ලාපයට මම එතරම් ප්රි්ය නැත. ඒ නිසාවෙන්ම ඔහු කියනා දෑ වලට හූ මිටි නොතබා මම නිහඩවම උන්නෙමි. හරයකට ඇති නැති බොහෝ දෑ පවසා ඔහු මවෙතින් නික්ම ගියේය.
හවස වැඩ අහවරව මා ආයතනයෙන් පිටවන අත්සන යෙදුවේ තීරණයක් ගෙනය. ඒ, යලිත් “ සිල්වර් ක්රිවයේෂන්ස් ” ආයතනයට නොයෙන්නෙමැයි කියාය. එය එක්තරා ආකාරයක හිතුවක්කාර , කාලකණ්ණි තීරණයක් විය හැක. එහෙත් උද්ගතව ඇති තත්වය හමුවේ ඒ හැරුණු කොට කරකියා ගත හැකි අන් යමක් මට නැත. වාසනාව සහ හැකියාව පසුබාලමින් පව්කාරකම මා අසරණ කරවාලීය. කෙසේ වෙතත්, කුමන හේතුවකටවත් යලි ගෙදර නොයන්නටත් කොළඹ නතරව හිද කුමක් හෝ රැකියාවක් කරන්නටත් මම හිත හදා ගත්තෙමි.
* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *

බත්තරමුල්ලට යන්නට බසයක් එනතුරු මම නුගේගොඩ බෝ ගස අද්දර පොත් සාප්පුව අසල පදික වේදිකාවට වී සිටියෙමි.

බෝ ගසට යාබදව පිහිටි පිල් කඩෙහි කඩමල්ලක් එලාගෙන සිටි දෙපා අහිමි සිගන මිනිසා බටනලාවෙන් බෙහෙවින්ම සංවේදී ගීතයක අනුවාදනයක් වයයි. ඒ වික්ටර්ගේ “ දෛව යෝගයකින් නොවේදෝ ” ගීතයේ අනුවාදනයයි. හේ කෘෂව වැහැරී ගිය සිරුරකින් යුක්ත අතර බටනලාව වයන විට නැගෙන උස් ස්වර පරාසයට අනුව බෙල්ලෙහි නහර ඉලිප්පෙයි. ඒ ඇස් සුදුමැලිව ගොසිනි. පුදුමාකාර ලයාන්විත බවකින් ඔහු ගීතය වාදනය කරයි. මගතොට යන එන මිනිසුන් අතරින් කිහිප දෙනෙකු ඔහු අසල ඇති කිලිටි රෙදි කඩට කාසියක් දෙකක් විසි කරයි.

හදිසියේම සිහින් සිරි පොදක් වැටී එය මෙහොතකින් අනෝරාවක් බවට හැරිණි. විනාඩි හය හතකින් මාර්ගය වාන් දමන තරම් මහ වැස්ස පැතිරී තිබිණි. මම පොත් සාප්පුවේ පැලැල්ල යටට වී වැස්සෙන් බේරෙන්නට දැඩි ආයාසයක් ගතිමි. මගේ කළු පාට කලිසමේ දණහිසින් පහල දියබත්ව ගොසිනි.

පැය භාගයක් පමණ වේලා එක දිගට හඩා වැටුණු අහස ඉක්බිති සෙමෙන් සන්සුන් විය.

යලිත් නගරබද කලබලය ආරම්භ විය. ගුවන් පාලම යටත්, වෙළදසැල් අභියසත් වැස්සට කූඩු වී සිටි මිනිසුන් ගමන් ආරම්භ කළහ.

වැස්ස තුරල් වී පිණි බින්දු ඉහිරෙන ඇසිල්ලේ උපේන්ද්ර සර්ගේ නිල් පැහැති මොන්ටේරෝ රථය වේගයෙන් විත් පොත් සාප්පුව ඉදිරිපිට නතර විය. විවර වූ පිටුපස දොරෙන් මුලින්ම පිටතට මතු වූ රෝස පාට කුඩයක් ඉසිලිණි. ඒත් සමගම පිටතට බැස්සේ ස්නේහාය.

සිදු වන්නට යන්නේ කුමක්දැයි තේරුම්ගත නොහැකිව මම තිගැස්සී ගියෙමි ......................

මතු සම්බන්ධයි.


වැහි වතුර දෝර ගැලු මාවතේ පරිස්සමෙන් පියවර තබා පදිකවේදිකාවට ගොඩවැදුනු ඔ් ඉහිරිගිය කෙටි වරලස අත්ලෙන් පිටුපසට පිරා ගත්තාය. 
රෝස පාට කුඩයෙන් විහිදෙන කාන්තියට ඇගේ පැහැපත් රවුම් මුහුණ දීප්තිමත් වී තිබේ. නපුරු කමක සේයාවක්වත් මුහුණේ පෙනෙන්නට නැත. එහෙත් ස`දවතක සොදුරු බව ඒ සිතේ ඇත්තේ නැත. තිබුණා නම් උදෑසන අර ආකාර වරදකට මා පටලවන්නේ නැත. හිත විනිවිද ඇ කෙරෙහි අපැහැදීමක් කළකීරිමක්
 මා සිතේ වන නමුදු නොසන්සුන් ඉරියව්ව පහ කොටගෙන හැකිතරම් සන්සුන්ව හිදින්නට මා වෑයම් කළෙමි.
එහා මෙහා බලා ඇගේ දෙනෙතින් මිදි වහන් වෙන්නට අවසරයක් මට නොවිණි. නොවැරදීම මේ වන වටත් ඈ මා දුටුවා වන්නට පුලුවණි. ඒ නැතත් යාර තුන හතරක් එපිටින් මාදෙසට එන යුවතියගෙන් මිදි යන්නට ඉඩ කඩක් මේ මොහෝතේ කොහෙත්ම නොවේ.
මට ඉදිරියෙන් අඩි තුන හතරක් ඔබ්බෙන් නතරව ඔ් කුඩය පහාත් කළාය. ඇගේ දීප්තිමක් දෙනෙතට මා හසුවුයේ එසදය. අනපේක්ෂිත යමක් වු කළෙක මෙන් විපිලිසරව දෑස සිහින් වී මුහුණ විස්සෝපයෙන් බරවිය. ඈ සිත්හි මා කෙරෙහි පවත්නා කළකිරීමක් අපහැදීමක් වේද මා සිත්හිද ඈ කෙරෙහි එවැනිම කළකීරිමක් සහා අපහැදීමක් නැතිවා නොවේ. එහෙත් ආගන්තුක මහ පොළවක කූරා කුහුඹුවකු සරි මගේ සිතැගි අහස් සුරන්ගනාවියකට කුමකටද? ඇයට සිනා සෙන්නට හෝ සුපසන් බැල්මකින් ඈ දෙස බලන්නට හෝ මට ඔ්නෑ විනි. එය එසේම කළෙමි. එහෙත් පුරුදු පරිදි ඇගේ බැල්මෙහි වුයේ මා මායිම් නොකරන නන්නාදුනන සේයාවක් පමණි.
කුඩය පහත් කොට අකුලා සිරූවට එහි පිණි පොද ගසා දෑමු යුවතිය කිසිවක් නොවු ගානට පොත් හල තුලට වැදුණාය. මම සුසුමක් හෙළා ලය සැහැල්ලු කොට ගතිමි. පාර අද්දර වු ඈ පැමිණි රියෙහි වුයේ රියදුරා පමණි.
ඉස්පාසුවක් නැති තරමට සෙන`ග පුරවාගත් බත්තරමුල්ල හරහා යන බස් රථයක් විත් නතර විය. වැස්සට රොද බැ`ද නැවතුමෙහි තැන්තැන්වල සිටි විස්සක් තිහක් එක පොදියට දිවවිත් එහි එල්ලුනහ. තෙරපෙන මගීන් අතරින් දැඩි වෑයමක් දරා බසයට රින්ගා ගත් මම අයාසයෙන් එහි ඇන්දක් අල්ලා ගතිමි. සිටින මගීන් ප‍්‍රමාණයෙන් නොසෑහුණු කොන්දොස්තර තරුණයා තව තවත් කෑ ගසිමි. මගීන් ගාල් කොට ගනී. මම වීදුරු ජනේලයෙන් පිටතට දෙනෙත් යොමු කොට පොත්හල දෙස බලමි.
බසය අද්දන්නෙ ඔන්න මෙන්න කියා තිබියදී ස්නෙහා පොත් හලෙන් පිටතට අවාය. පොත් හය හතක් සහ ඩි.වි.ඩි.තැටි වගයක් ඇගේ දෑතට සිර වී තිබිණි. කුහුලින් බරව විපරම් දෑසින් වට පිට බැලු ඔ් අනතුරුව මෝටර් රථය දෙසට පියමන් කළාය. ඇගේ දෑස සෙව්වේ කවුදැයි මට නිනවු නැත.
...... ...... ....... ..... ...... ....... ...... .......
බෝඩිම් කාමරයේ වුයේ දැඩි පාලුවකි. තාමත් සුරාජ් වැඩ ඇරී ආවේ නැත.
කාමරයේ ජනෙල් කූරු අතරින් කරුවලට එහා දුර ඈත අහස දිස් වේ. තැනින් තැන අපිලිවලට පිපුණු සිය ගණන් තරු ඉහිරුණු අහස තුනී වළා රේකාවන්ගෙන් ගහනය හීන් මන්දාරමක් කොළඹ අහසේ වේ.නොබෝ දිනකින් අහස වැස්සකට අර අ`දින ගානය. මම ඇදේහි ඉදගෙන අනන්තයෙහි අතරමන්ව වුන්නෙමි. අවුල් සිතෙහි තෙරපෙන කරදරකාරී වියවුල් මානසිකත්වය සිතට පීඩාවක්ම විය. හිටිගමන් දුරකථනය නාද විය.ඇමතුම අපේ ගෙදරට නුදුරු ගෙදරකිනිි. අම්මා විය යුතුය. මම මවාගත් සැහැල්ලු ස්වරූපයකින් ඇමතුම සම්බන්ධ කර ගතිමි. එහා කෙළවරින් නික්මුණේ අම්මාගේ හඩය.
‘‘සුදු පුතා....කාල එහෙමද?’’
ඈ සෙනෙහසින් විමසයි. ඇගේ හ`ඩ හිතට මහා සැනසුමක් රැුගෙන එයි. මම ‘‘කෑවා’’
යැයි මුසාවක් කීවෙමි.
‘‘ඇයි පුතේ මොනව හරි කරදරයක්ද?’’
සෙනෙහස ලේවලට දිය වී ජිවිතය දරු සෙනෙහස වු කල අම්මලාට ඉව තිබේ. මා කෙතරම් ස`ගවාලන්නට වෑයම් කලත් ඈ මගේ වෙනස වචන දෙකෙන් වටහාගෙනය.
‘‘නෑ අම්මා......මම හොදින් ඉන්නවා.’’
‘‘අනේ මන්දා රස්සාව හො`දද මයෙ පුතේ..’’
ඈ අපමණ ලෙංගතුව මා විමසයි. මදින් මද සුදුව ගිය කෙස් ඇති දහසක් කම්කටො`ථ දැරිවද නොබිදෙන වීර්යයෙන් පිරි සිත් ඇති මා දෙසම බලා සිට වියපත් වු නෙත් ඇති අම්මාගේ මුහුණ මට මතක් වේ.
‘‘රස්සාව හොදයි අම්මා. අම්ම කාලද ඉන්නෙ....?’’
මම ඇසුවේ හද උතුරන ආදරයකිනි.
‘‘මම කෑව මයෙ පුතේ. ඒක නෙවේ. ගමේ ඈයෝ උඹ ගැන අහනවා. උඹට රස්සාවක් හම්බවුනා කියැපුවාහම උන් ඉරිසියාවේ පැලෙන්න හදනවා. දෙතුන් දෙනෙක් ගොඩක් සන්තෝස වුණා. පරිස්සමෙන් වැඩකරපන් පුතේ. වෙලාවකට මගේ ඇගේ ලේ වතුර වෙලා යනව.’’
අම්මා ඉන්නේ මා කෙරෙහි වු බියෙනි. මට උවදුරක් වෙතැයි ඈ සිය දහස්වර බියපත් වන්නීය. එසේ නොවේවායි දස දහස්වර ප‍්‍රාර්ථනා කරන්නීය. බොහොමයක් දේ පවසමින් මසිත දිරිගැන්වු අම්මා අන්තිමේදි පුරුදු පරිදි දෙවියන් බුදුන්ගේ ඇල්ම බැල්ම මා වෙනුවෙන් ප‍්‍රාර්ථනා කළාය.
රිසිවරය තබා දෑසේ මතුව ඇති හීන් ක`දු`ථ දැල්ල චිත්තපටින් පිසින අම්මාගේ රූපකාය මට මැවී පෙනේ.
වැඩ අහවර වු සුරාජ් බෝඩිමට ආවේ රාත‍්‍රි අටට පමණය. ? කෑමට ගෙනා කෑම පාර්සලය කුඩා ස්ටුලය මත තැබු ඔහු කමිසය ගලවන්නට විය. ඒ අතරතුර මගේ රැුකියාව ගැනත් එදිනෙදා විස්තරයත් විමසන්නට පටන් ගත්තේ්ය.
‘‘හිතට ෆිට් එකේ වැඩකරන්න පු`තවන් ද?’’
‘‘අවුලක් නෑ.....’’
‘‘විස්සක් විතර ඉන්නව’’
‘‘කෙල්ලොත් ඇති?’’
‘‘ඉන්නවා.ඉන්නවා.’’
කාර්යාලයේ්්් සිදුවු අලකලන්චිය නොදැනෙන්නට හැර වෙනසක් නොපෙන්වා සුරාජ් හා කතා කරන්නට මම මහන්සි ගතිමි. වෙහෙස කරව පැමිණි ඔහුට මේ මොහෝතේ මට සිදුව ඇති අවනඩුව පවසාලීම තරම් නොවේ.
කෑම එකෙන් කටක් දෙකටක් පමණක් කෑ මම අත සෝදා ගතිමි.
‘‘උඹට පිස්සුද.....ඔය කාලා ඉවරද?’’
සුරාජ් මදෙස බලා පුදුමයෙන් ඇසුවේය.
‘‘පිරියක් නෑ බං බඩ පිරිලා’’
‘‘යකෝ නොකා හිටපුවාම බඩ පිරෙනවානං ඒක මාර බඩක්නේ’’
යලි යලිත් කන්නේ කියා බල කරද මා එය ප‍්‍රතික්ෂේප කළමි.
රැුය පුරා නින්දක් නොවිණි. කලුවරට ඇස් ඇරගෙන එහේ මෙහේ පෙරලමින් උන්නා මිසක නින්දක සේයාවක්වත් දැනුනේ නැත. සිටිනුයේ අවුලකින් දැයි කියා කීප වතාවක් සුරාජ් මා විමසීය.එහෙත් එවන්නක් නැතැයි මම ම`ගහැරිමි.
තුන් සිතම කටු පොහෝල් පැටලුණු ගානය. නිරවුල් නොවෙන වියවුලක මා පැටලී උන්නෙමි. එක් අතකින් මා පිළිබ`ද දහසක් සිහින පුරවන අම්මාය. අනෙක් අතින් මා ඇ`ද වැටෙන තුර බලා සිටින්නන්ය. ඒ අතරතුර ස්නෙහාට මා අතින් සිදු වු අත් වැරද්දය. දැන් සිතට බරට වද දෙන්නේ තුන්වන කාරණය.යාන්තමට ඇස් දෙක පියවුණේ හිමිදිරියේ හිරු වැඩ අරබන හොරාවේය. උදේ මා පීද්දුවේ සුරාජ් ය.
මා වැඩට යන්දැයි නොයන්දැයි කියා සිතමින් සිටින අතරතුර සුරාජ් ඇ`ද පැළද ගත්තේය. ඒ අතරතුර ඔහු විටින් විට මදෙස විපරමින් බැලුවේය. සපත්තු දෙක පොලිස් කරන අතරතුර ඔහු කතා කළේය.
උඹ අද වැඩට යන්නේ නැද්ද?
මගේ අලස තෝන්තු ගතිය එවැන්නක් අසන්නට ඔහුගේ සිත පෙළබෙන්නට ඇත. මගේ නිහඩ බව වදයක් වු හෙයින්දෝ පෙරට වඩා ඔ්නෑ කමින් මදෙස බලා කතාකළේය.
ඊයේ ඉදලා උඹ ඉන්නේ මොකක් හරි අවුලක. කෑවෙත් නෑ.එළිවෙනකන් නිදා ගත්තෙත් නෑ. මොකද්ද ප‍්‍රශ්ණේ?
තව දුරටත් ඔහුට මෙ වග නොපවසා හිදීමේ පලක් නැත. හිතවත්කමට දුක බෙදා ගන්නට මේ කටුක පුරවරයේ මට සිටුනුයේ ඔහු පමණි.
ඔපිස්එකේ පොඩි අවුලක් උණා බං.
අවසන මම එසේ කීවෙමි.
සපත්තුවක් පයලා ගෙන නූල ගැට ගසන්නට ගිය ඔහු එහෙමම හිස ඔසවා මදෙස බැලුවේය.
මට හිතුනා මොකද්ද කේස්එක.
සිදු වු සියල්ල මුල මැද අග ඇතිව කියා ගෙන ගියෙමි.හේ සියල්ල විමසිලිමත්ව අසා සිටියේ ය. කෙලවර කතා කළේය.
වැරද්ද ගෙඩිය පිටින් උඹ බාරගන්නේ මොන මගුලටද?උඹ බලෙන් ගිහින් ඒකිගේ ඇගේ හැප්පුනේ නෑනේ.
ඔහු කියන්නේ සැබෑවකි. එහෙත් දැන් වැරදි කරු වී ඇත්තේ මමය. තීන්දුව දී අහවරය. පෙරලා අභියාචනා කරන්නට ඉඩක් නැත.
ඔය හයි ක්ලාස් තරු වලට ජිවිතය තේරෙන්නේ නෑ බං. උන් නැති බැරි කම් දාඩිය මහන්සිය අදුරන්නෙත් නෑ. කොටින්ම උන්ගේ හිත් හිරි වැටිලා. හරි......මොකද්ද උඹේ තිරණය.
ඔහු කතා කළේ ඈ කෙරෙහි බලවත් අප‍්‍රසාදයකිනි.
‘‘මොනවා කරන්නද බං......මොකක් හරි වෙන ජොබ් එකක් හොයා ගන්න ඔ්ණ’’
අලුතින් ජොබ් එකක් හොයන එක හිතන තරන් ලේසි නෑ. අනික ඔය වගේ හොද එකක්.......
ඔහු කියන්නා සේ මම මේ රැුකියාවට බෙහෙවින් සිතතිව වුන්නෙමි. එහේත් ආයෙමත් එහි යන්නේ කොහෝමද?
වෙන මොනවා කරන්නද?
මේ වෙලාවේ මගේ අතෙත් නෑ. පඩි ලබන සතියේ. මොකද කරන්නනේ.
ඔහු ළග මුදල් නැති වග මා හොදටම දනිමි. තිබුනා නම් දෙනවග ද දනිමි. කිිසිවෙක් නැති ආගන්තුක නගරයක ඔහු දැනට කර ඇති උදව්ද මහා මෙරක් තරම්ය. ඔහුට පවා ඉඩ කඩ මදි ලැලී ගැසු බොඩිම් කාමරය නවාතැන් දීමම විසල් උප කාරයකි. මට දුක මගේ ප‍්‍රශ්ණය ඔහුගේ හිතට අමතර බරක් වීම ගැනය.හේ මොහොතක් කල් පනා කළේ විසදුමක් හොයන අටියෙන් මෙනි.
හිටිගමන් ඔහු මා තුන් හිතකින්වත් නොසිතුවක් කළේය.
‘‘හරි මචං....මට මේක ගානක් ගියේ නෑ. මේක තියලා සල්ලි ගනිං. හිමීට නිදහස් කරගමු.
සුරාජ් ඔහුගේ ගෙල ලා ගෙන සිටි රං මාලය ගැලවිය. මගේ මු`ථමහත් සර්වාංගයම හිරිවැටි දෙදරා යද්දි මම අදහාගත නොහී විලම්බීතව ඔහු දෙස බලා සිටියෙමි.
‘‘දෙයියනේ...පිස්සුද සුරාජ්. ඒ වැඩේ කරන්න බෑ.’’
මා කෙතරම් එපා යැයි කීවද ඔහු එය මායිම් කළේ නැත.
දිවිරා කියමි....දුක ඉහිරි මගේ දෑසින් ක`දු`ථ පිටාර ගැ`ථවේය. මටත් වඩා දුක් පිරිපත දරා ඔහු උපයා සපයාගත් චේක් එක උගස් කොට මුදල් ගන්නට තරම් මා මගේ හිත හදා ගන්නේ කෙසේද? මෙලොව දෙවියන් සරි මිනිසුන් ඇතැයි නැවත වතාවක් මට පසක් විණී.
‘‘මං මේක උගස් කරන්නේ කොහොමද බං?‘‘
මං දැඩි ආත්මානුකම්පාවකින් ඇසිමි.
‘‘උඹවත් මමවත් තාම මේ කොළඹ ජිවිතේ පැලකරගෙන නැ බං.....උඹව මට මේ පොළෙවේ තනියම මුල් අල්ලා ගන්නත් බෑ...අනික මේව තියෙන්නේ ඔ්න වෙලාවට ප‍්‍රයෝජන ගන්න මිසක් අතේ කරේ දාගෙන බැබැලෙන්න නෙවෙයි. මමනේ දෙන්නේ.උඹ වැඩේ කරගනිං. පස්සේ නිදහස් කරගමු.’’
සුරාජ එසේ කියාගෙන ගොස් මගේ අතගෙන චේක් එක අත්ලෙහි තැබුවේය. මම දෙතොල විකාගෙන ඉකිගසා හඩන හිත මහ මෙරක් සේ දරා ගිතිමි.

මතු සම්බන්ධයි..



සුරාජ්ට අනේකවර පිංසිදුවන්නට යළිත් හිත හදාගෙන මට කාර්යාලයට යා ගත හැකි විනි. ඔහු පිහිට නොවන්නට ජීවිතයට බරපතල ඉරණමකට මුහුණ දෙන්නට සිදු වනු ඒකාන්තය. සැබවින්ම ඔහු ලොව්තුරු මිතුරෙකු විය. උදෙන්ම කාර්යාලයට ගිය මම මේසය මත වූ ලිපි ගොනු කිහිපයක් පරීක්ෂා කොට බැලීමි. තේ විවේකය අතරතුර හෝ කෑම පැය තුල බැංකුවට ගොස් චේන් එක උගස්කොට මුදල් ගෙන සිදුව ඇති අවනඩුවෙන් ගැලවෙන්නෙමියි කියා මම 
තීරණය කළෙමි.
උදේ නමයට පමණ උපේන්ද්රය සර් කාර්යාලයට පැමිණියේ කලබලයෙන් මෙනි. කඩිමුඩියේ ඔහු සිය කාමරය තුලට ගියේය. ඔහු පැමිණ විනාඩි හත අටකට පසු ස්නේහා ද පැමිණියාය. වට පිට බලා සුපුරුදු පරිදි මා හැරුණුකොට සෙස්සන් හා අපූරුවට සිනාසුණු ඕ කෙලින්ම ගියේ සිය සොහොයුරාගේ කාමරයටය.
“ ලොක්කා ටිකක් කලබලෙන් වගේ ....... ? ”
යාබද අසුනේ සිට ගයාන් මට විතරක් ඇසෙන සේ සිහින් සරින් එසේ කීවේය.
මසිතෙහි අනියත බියකට සමාන තිගැස්මක් හට ගත්තේය. සොයුරාගේ කාමරයට ගිය ස්නේහා මිනිත්තු කීපයකින් පිටතට ආවාය. දොරටුව විවර කරද්දී එක එල්ලේ ඇගේ දෙනෙතට හසු වූයේ මාය. “ සටස් ” ගා වෙනතක බැලූ යුවතිය ඉක්මනින් පියවර තබා ඇගේ කාමරයට ගියාය.
සැබැවින්ම ස්නේහා පිවිතුරු මලක් සේ පිං පාටය. පුදුම තරම් ලස්සනය. පිරුණු රවුම් සුසුදු මුහුණත්, දීප්තිමත් රවුම් දෑසත්, නිතර ඉහිරුණු සිනා වතත් ඇයට එක් කරනුයේ අපූරු චමත්කාරයකි. එහෙත් ඒ සොදුරු බවම ඇය ආඩම්බරකාර නපුරු සිතැත්තියක කොට ඇත. අර සිනාවත මා ඉදිරිපිට වියැකෙනුයේ මන්දැයි මට තාමත් සිතා ගත නොහැකිය.
“ලිහිණි මහත්තයට සර් කතා කළා ”
මම ලිපි ගොනුවක් බලමින් සිටින අතරතුර මවෙත දිව ආ සරත් කීවේය. මම තිගැස්සී ගියෙමි. ගයාන් පැවසූ ආකාරයට උපේන්ද්රස සර් සිටිනුයේ කලබලයෙනි. ඒ අතර ඔහු මට කතා කළේ ඇයි. ඇතැම්විට ඉකුත් දින මා අතින් සිදුවූ අත් වරද ස්නේහා ඔහු හා කියන්නට ඇත. නැතිනම් වෙනත් කුමන හෝ ගිණිගෙඩියක් වන්නට බැරි නැත. කුමක් නමුත් විගේෂ යමක් විය යුතුය. ආයතන ප්රමධානියාගේ කාර්යාලයේ දොරටුවට අත තියද්දී සිතෙහි තිගැස්ම වැඩි විණි. සිදුවන ඕනෑම දෙයකට එකගව මම කාර්යාලය තුලට ගියෙමි. උපේන්ද්රග සර් උන්නේ අන්තර්ජාලයෙන් කවුරුන්දෝ සමග කතාබහක යෙදෙමිනි. මා කාමරයට ආ වග දුටු ඔහු මට ඉදගන්නා ලෙස සන් කොට කතාබහ අතරතුරම මේසය මත වූ සීනුව නාද කළේය. ව්යා.පාර කටයුත්තකට බෙහෙවින්ම සමාන කතාබහ හමාර කල හේ, එය අහවර මේසය මත තිබූ ලිපිගොනු කීපය මදක් එක් තැන් කළේය. ඉක්බිති මේසයෙහි වූ වතුර වීදුරුවෙන් උගුරක් දෙකක් පානය කළේය. කැදවීමට අනුව පැමිණි සේවකයාට ස්නේහාගේ කාර්යාල කාමරයෙහි ඇති ලිපිගොනු වගයක් රැගෙන එන්නැයි කීවේය.
“ ස්නේහා මිස්ටත් එන්න කියන්න ”
පිටුපා යන සේවකයාට ඇසෙන සේ එලෙහි කියූ ඔහු පෑනක් අතට ගත්තේය. බරපතල යමක් සිදුවන්නට යන බව පැහැදිලිය. එනිසාම දෙගිඩියාවෙන් බර සිත බොහෝ සෙයින් සසැලේ. ඔහු ස්නේහාටද එන්න කීවේය. ඒ ඇයි ......?
“ මං කතා කලේ ඇයි කියලා දන්නවද ......? ”
කෙළින්ම මදෙස බලා ඔහු එසේ ඇසුවේය.
සත්තකින්ම කුමකට එන්නට කීවා දැයි මා දන්නේ නැත. බොහෝ විට ඊයේ වූ වැරුද්දට මා චූදිතයෙකු කොට රැකියාවෙන් නෙරපන්නට සූදානම් වනවා වන්නටද බැරි නැත.
දොර විවර කර ගෙන කාමරයට ආ ස්නේහා ලිපිගොනු දෙකක් මේසය මත තැබුවාය.
“ ඇයි ඕක සරත් අතේ එව්වේ නැත්තේ ...... ? ”
“ මටත් එන්න කීවා කියල කිව්වා ”
“ සුදූ වැඩකද හිටියේ ...... ”
උපේන්ද්රස සර් සිය නැගනියගෙන් ඇසුවේය.
“ මං වෙබ්සයිට් එක සර්ච් කලා අයියේ ..... ”
“ දැන් බිසී ද ......”
“ ම් .... ටිකක් විතර .... ඇයි අයියේ .....? ”
යන්නට ගොස් ආපසු හැරුණු යුවතිය එසේ ඇසුවාය.
ඈ සිය සොයුරා ඉදිරියේ බෙහෙවින්ම සන්සුන්ය. සැදැහැත්ය. එහෙව් ඈ අහිංසක මට නපුරුකම් පාන්නීය.
“ නෑ .... මං පස්සෙ කතා කරන්නං ”
ඈ නිකම ගිය පසු ඔහු එල්ලේ මදෙස බැලුවේය.
“ අපි ලිහිණිව සිලෙක්ට් කර ගත්තේ වැඩක් කරගන්න පුළුවන් කියල හිතලා”
හිටි ගමන් ඔහු පැවසුවේ අතිශය බැරෑරුම් ස්වරූපයක් මුහුණට ආරූඪ කොට ගනිමිනි. මම තිගැස්සුණෙමි.
“ ඊයෙ ශ්රීවන් ස්ටේට් එකේ ස්ක්රියප්ට් එක ලිවිවේ ලිහිණි නේද ? ”
එය මා කිසිවිටෙක අපේක්ෂා නොකල ප්රේශ්නයකි.
“ ඔව් සර් ”
අලුත් නොසන්සුන් කමකින් මම පිළිතුරු දුනිමි.
“ ඒකට වෙලා තියෙන දේ දන්නවද ? ”
සීතල වී ගිය මම පිළිතුරක් නොදී මුණිවත රැකීමි. මසිතෙහි වූ දැඩි කම්පනය ඔහුට වැටහී යාවි යැයි මසිත බිය පත්විය.
රෝගයක් ඇති නැති බව දැනගන්නා තුරු වෛද්යිවරයකුගේ තීරණය අභියස භිරන්තව සිටින අයෙක් මෙන් මම නොසන්සුන්ව උන්නෙමි.
“ දන්නවද, ඒක ඒ අයගේ බෝඩ් එකෙන් ඕකේ කරලා”
නිම්හිම් නැති සතුටකින් මගේ තුන් හිතම ඉපිල ගියේය. මෙතුවක් නිස්කාරණයේ ඇවිලී තිබූ සිතට සැනසිල්ලක් දැනුනේ දැන්ය. එය මහා පුදුමයකි. සැබවින්ම විශ්මයකි.
“ස්ක්රි ප්ට් එක ඒ අයගේ හිතට අල්ලලා. ග්රීමන් ස්ටේට් එකෙන් මට දැන් කතාකලා.වන් ඉයර් ටීවී කොමර්ෂල් එකක් කරන්න ඒ අය ලෑස්තියි. ප්රමඩක්ෂන් එකම අපිට දෙන්න ඒ අය කැමතියි. ස්ක්රි්ප්ට් එකේ විදියට ඒක ලොකු වැඩක්. තේරුණාද ? ”
උපේන්ද්රක සර් කියාගෙන ගියේය.
සේවාදායකයාගේ සිත තුටු පහටු වන අන්දමින් දැන්වීම් නිර්මාණය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන වගත්, දැන්වීම් කරන ක්ෂේත්ර යේ ඇති දැඩි තරගය හේතුවෙන් ඉතා විචිත්රලවත් ආකර්ෂණීය ප්රේචාරක උපක්රාම භාවිතා කල යුතු බවත් ඔහු පැවසීය. දැන්වීම්කරණය ජීවන රටාවට සමාන්තරව යන සොදුරු කලාවක් බව උපේන්ද්රි සර්ගේ විශ්වාසයයි. පෙළඹවීමක් , අලෙවි වීමක් නැති වෙළද දැන්වීමෙන් ඵලක් නැතැයි ඔහු පවසයි.

මෙවැනි තත්වයක් තුල මා ලියූ කුඵදුල් පිටපතට ඔවුන් එකග වීම අදහන්නට බැරි තරම් පුදුමයකි.
“ ඔහොම වැඩ කරගෙන යන්න. ඔය තියෙන ටැලන්ට් එක පොලිෂ් කර ගත්තහම තව ඉස්සරහට ගියහැකි“
ගෙදරදොර තොරතුරු ආදිය විමසූ ඔහු එසේ කීවේය.
දැවැන්ත ආයතනයක ප්රිධානියා විණි ද ඔහු කතා කලේ සුහදශීලී බවකින් යුතුවය. ඒ සුහදබව සිතට මහත් අස්වැසිල්ලකි.
“ ෆර්ම් එකට ආව වැඩ ගොඩක් තියෙනවා. මේක වැලන්ටයින් එක ටාගට් කරලා හදන්න තියෙන සිම් කාඩ් ඇඩ් එකක්. මේක ක්රිකයේටිව් විදිහට කිලොත් කන්ටිනිව් වැඩේ අපිට හම්බවෙනවා. මං මේ වැඩ ටික ලිහිණිට භාර දෙනවා. ම්ස්ට ආලෝකත් එකක් කතා කරලා හදන්න “.
ආයතනයකින් වගකීම් භාර දෙනුයේ විශ්වාසය ගොඩනැගෙන තරමටය. මෙතරම් ඉක්මනින් මා කෙරෙහි උපේන්ද්ර් සර් විශ්වාසය තබනුයේ කෙසේ දැයි මට සිතාගත නොහැක.
“ මාත් එක්ක හරියට වැඩ කරන අයට මං උදව් කරනවා. ආලෝක එහෙම ඉස්සරහට ආව කෙනෙක් . හරියට වැඩ කළොත් ලිහිණිටත් ඒ වගේ තැනකට එන්න පුළුවන්. සමහර විට ඊටත් එහා. තේරුණාද ? “
මම මගේ මේසයට ආවේ සතුට ඉහිරුණු සිතිනි. බලාපොරොත්තු නොවූ තරම් ඉක්මනින් යහපත් වටපිටාවක් මා වටා ගොඩ නැගෙමින් පවතී. ආයතන ප්ර්ධානියාගේ සිත දිනා ගැනීම විශාල ජයග්රමහණයකි.
********* ****************** ***************************************
තේ විවේකය අතරතුර නුගේගොඩ මහජන බැංකු ශාඛාවට ගිය මම “රංදම” උකසට තබා රුපියල් අට දහසක මුදලක් ලබා ගතිමි. එක් අතකට නිස්කාරණේ මා ණයකාරයෙකු වීමි. එහෙත් වෙන කල හැකි යමක් නැත. දැන් ඉතින් නොදැන නමුත් සිදු වූ නිරපරාද වරදෙහි වන්දිය ගෙවා සිත නිදහස් කරගත හැකිය. ඉන් අනතුරුව වත් ස්නේහාගේ රැවුම් ගෙරවුම් අහවරවනු ඇතැයි මා සිතීමි.
“ කොහේද බං ගියේ..... අන්න ලොක්කා උඹව හෙව්වා. දැන් පොරට උඹ නැතුවම බෑ වගේ. ”
මා කාර්යාලයට ගොඩවෙද්දීම ලයාක් කලබලයෙන් මෙන් කීවේය.
“ මාව හෙව්වා ......”
“ ඔව්. ඇයි කියලා දන්නේ නෑ. දැන් ටිකකට කලින් එළියට ගියා. අවුලක් නෑ , ටී බ්රේවක් එකේනෙ උඹ ගියේ. ” ඔහු විසින්ම ඇවිලු ගින්නට ඔහුම වතුර දැම්මේය.
අසුනෙහි හිද ගෙන මා කල්පනා කලේ ස්නේහාට මුදල් දෙන්නේ කෙසේදැයි කියාය. ඇය පිටතට එතැයි බොහෝ වේලාවක් බලා උන්නද ඇය ආවේ නැත. අන්තිමේදී මම ඇගේ කාර්යාල කාමරයට ගියෙමි. කෙලවරක වූ ඇගේ මේසයේ ඕ කුමක්දෝ කියවමින් උන්නාය. කවරයේ හැටියට එය නවකතාවකි. කාමරයෙන් තුනීම තුනී හඩින් නිකුත් වන ගී රාවය බෙහෙවින්ම සොදුරුය. එය ජගත්ගේ “ඔබේ සිනා ලග” ගීතයයි.
මෙතෙක් මා පැමිණි වග නොදුටු ඇයට ඇසෙන සේ මම සෙම්න් උගුර පෑදීමි. එක්කො ඇය මා ආවග දැක නොදැක්කා වගේ සිටින්නීය. නැත්නම් සැබවින්ම ඈ කියවන පොත හා දැහැන්ගතව සිටින්නීය.
“ එස්කියුස් මී මිස් ”
එවර යුවතිය කලබලව හිස එසවූවාය. ඒත් එක්කම විස්මයත්, කුහුලත් රැදි බැල්මක් මවෙත හෙලුවාය. මම මේසය අද්දරට ගියෙමි. කමිස සාක්කුවේ ලාගෙන සිටි මුදල අතට ගතිමි. එය ඇගේ මේසය මත තැබීමි. ඇය රවුම් දෑස විසල් කරගෙන පුදුමයෙන් බලා සිටියාය.
“ මිස් ෆෝන් එක හදන්න කීයක් යනවද කියල මං දන්නෑ. මෙතන අට දාහක් තියෙනවා. ඔය සල්ලි ටික හොයා ගත්තේ යාළුවගෙ චේන් එක උගස් කරලා. ගානෙ අඩුවක් තියෙනවා නම් මට තව මාසයක් කල් දෙන්න. මේ හදිස්සියෙ මං දන්න කවුරුත් මේ කොළඹ නෑ. ”
මගේ මුවින් එවදන් පිට විය. ඇගේ දෑස සිහින් විණි. මුහුණ රතු විණි. කර කියා ගත හැක්කක් නැති සේයාවෙන් මුව විවර කර ගනිමින් මා දෙසම බලා වුණි.
අන්තිමේදී ඇගේ ඇස් තටු සෙලවිණි. ඒ ඇස් හඩනවාදැයි මට තේරුණේ නෑ.
මතු සම්බන්ධයි .................. 



දින දසුන් මාරුවෙමින් සතියක් ඉක්ම ගියේ ජීවිතය අළුත් ඉමකට සේන්දු කරමිනි.කොළඹ පරිසරයට හුරු පුරුදු වීම පහසු නොවුණද එහි ජීවිතය මහමෙරක් සේම බර කටුක පීඩාකාරි එකක් විණිද හදින් බැදුණු සිතින් යුතතුව වැඩ කරන්නට තරමි ආයතනය යහපත් තැනක් විණි.
එහි බොහෝ දෙනෙක් මාවෙත හිතෛශීවන්ත වූහ. මා පිළිබඳ පැහැදීමක් ඔවුන් තුළ තිබිණි. ඉකුත් දින වල කීර්තිමත් වෙළද ආයතනය කිහිපයකම ප‍්‍රචාරක දැන්වීමි අවස්ථා බාරගන්නට සිල්වර් කි
‍්‍රයේෂන්ස් ආයතනයට හැකි විය.මවිසින් ලියූ අත් පිටපත් රැසකටම එකී ආයතන වල එකඟතාවය පල විය.ඒ හේතුවෙන්ම මවෙත පැවරුණු වැඩ කටයුතු අධික විය.මාසික වැටුප ඉතා සුළු එකක් වූවත් ඒ නොතකා ආශාවෙන් වැඩ කළේ රැකියාවෙහි වූ සෞන්දර්යාත්මක බවත් ආයතනයේ සිටිය වුන්ගේ ලෙන්ගතුබවත් හේතුවෙනි.
පැවරුණු වැඩක් සාර්ථකව හමාර කළ කල්හි උපේන්ද්‍ර සර් මා කැදවා ප‍්‍රසංසා කරයි.
"උඹ නියෙමට ඇඩිවර්ටයිසින් ආර්ටි එකේ නිල අල්ලගන්නවා.තව මාසයක් දෙකක් ඔහොම යමු.මම බොසාට කියන්නං පඩි වැඩිකරන්න කියලා.”
ආලෝක සර් නිතර මා දිරිමත් කරයි.
" මොන කටිට කාගෙන හරි ඉමු බං. ආයෙ බෝඩිං හොයන්න එපා...මට ඕෆ් දවසට බයික්කෙකත් අරං පලයං.”
බෝඩිමක් සොයා ගන්නට වෙහෙසෙන විට සුරාජ් එසේ පවසයි.ඔහුගේ බෝඩිමි ගාස්තුවට අඩකින්වත් දායක වීමේ කොන්දේසිය ඉදිරිපත් කොට මම එහිම නැවතුනෙමි.
ස්නේහා හැරුණු කොට ආයතනයේ සියළු දෙනාම මා හා කුළුපගය.ඉකුත් සතියේ ස්නේහා වැඩට ආවේ තෙදිනක් පමණි. දෙදිනක්ම ඈ නොපැමිණියාය.කැඩුණු දුරකථනයට මා ගෙවූ මුදල ඇය දෙතුන් වතාවක්ම සරත් අත ආපසු මාවෙත එවිවේය.මම ඔහු අතම පෙරලා ඒ මුදල් ඈ වෙත යවීමි.
"එහෙන් මෙහෙට එවනවා.මෙහෙන් එහෙට යවනවා.කැරකිල්ල හැදෙනකං මං එහෙට මෙහෙට යනවා.දෙන්නටම එපානං මං ගන්නඩ ද මහත්තයා.”
සරත් නෝක්කාඩු ස්වරයෙන් ඇසුවේය.
"කැමති දෙයක් කරන්න සරත් හැබැයි ඔය සල්ලි ස්නේහ මිස්ගේ.එයාට දෙන්න.”
ණයක් වීනම් ගෙවිය යුතුය.මුලින් මගෙන් වන්දිය ඉල්ලූ ඇයම මා ගෙවූ පසු ආපිට දෙන්නේ ඇයිදැයි මට නොවටහේ. ඇයට මේ මුදල එතරම් දෙයක් නොවිණි ද එය මට ලොකු මුදලකි. මට මසකට ලැබෙන වැටුප ඉක්මවා යන කරම් ලොකු මුදලකි.අනෙක් අතට ඒ මුදල සොයා ගත් හැටි දන්නේ මමය.
කෙසේ වෙතත් එදින හවස තුන පමණ වෙද්දී ස්නේහා අත් බෑගයක් ද රැගෙන සිය කාර්යාල කාමරයෙන් පිටතට ආවාය. වටහාගත නොහැකි බැල්මක් ඇගේ මුහුණෙහි තිබිණි.ඊළඟ ඇසිල්ලෙහි ඕ මදෙසට පියවර මැන්නාය.ඈ අත සුදු පැහැති ලියුම් කවරයක් විණි.ඇය නොදුටු ගානට මම යමක් ලියමින් උන්නෙමි.සමීපයෙන් මදු ව්ලවුන් සුවදක් විහිදිණි.
"එක්ස් කියුස් මී.”
ඕ සිහින් හඬට මම හිස එසවීමි.
" කාගෙවත් චේන් උගස් කරන්න කියලා මම කිව්වෙත් නෑ, මට කාගෙවත් සල්ලි ඕනෙත් නෑ.”
ඇය අත රැදි සුදු ලියුම් කවරය මගේ මේසය මත තබා එසේ කීවාය.මට පෙරලා වචනයක්වත් කියන්නට අවසර නොතැබූ ඇය කාර්යාලයෙන් පිටව ගියාය.ඇගේ ස්වරයෙහි වූයේ කලකිරීමක් ද තරහක් ද පසුතැවීමක් ද කියා නිශ්චිතව තේරුම් ගත හැකි නොවිය.

මේ දිනවල නිනව්වකින් තොරවම මහ වැස්ස ඇද හැලේ. අහසෙහි වියන් බැඳි මන්දාරමෙන් වැහි කැට කඩා වැටණුයේ පොරි වැටෙන සරිණි. උදෑසන සිල් සමාදන් වූ සෙයින් සන්සුන් වන අහස හවස් යාමය වන විට අනෝරා වැසි කඩා වැටී ගෙන්දගම් පොළව සෝදා පාළු කරයි.දෙපස කොන්ක‍්‍රීට් කාණු උතුරා පිටාර ගලන හෙයින් කාපට් පාර ලිස්සන සුළුය.කාර්යාල හමාරවන වේලාව හෙයින් වාහන තද බදය අධිකය.අත් ඔරලොසුවේ වේලාව කියැවුනේ පහයි හතලිස්පහ ලෙසය.
" මචං මට හය වෙද්දි බයික් එක හම්බ වුනොත් ඇති.ඩියුටි වැටෙන්නේ හයමාරට.”
වැඩට එන්නට උදේ යතුරු පැදිය ඉල්ලා ගනිද්දී සුරාජ එසේ කීවේය.එබැවින් අඩු තරමේ තව මිනිත්තු දහයක් ඇතුළත වත් බෝඩිමට යාගත යුතුය.කොළඹ පාරවල් නුපුරුදු වුවද මහත් වෙහෙසක් දරා වාහන තදබදය අතරින් මම යතුරු පැදිය රීඞ් මාවතට දමා ගතිමි.එහි එතරම් තද බදයක් තිබුණේ නැත.එහෙත් සාමාන්‍ය දිනවලට වඩා මඳක් වැඩි තුනී අඳුරක් හාත්පස විය. පාරේ වැහි වතුර දෙබෑ කරගෙන යතුරු පැදිය පෙරට ඇදෙයි. හෙල්මටයෙහි මුහුණු ආවරණය පීරාගෙන ලොකු වැහි කටු දෑසට කරදර කරයි. එහෙත් ඉක්මනින් යාගත යුතු හෙයින් මම වේගය මඳක් වැඩි කළෙමි. නමුදු ඒ වේගයෙන් වැඩිදුරක් යන්නට ලැබුණේ නැත.නොසිතූ ලෙස හදිස්සියෙන් යුවතියක් මාවත අද්දර විසල් මැයි ගස පාමුලින් පාර පැන්නාය.මට කර කියා ගත හැක්කක් නොව්ණ.
ලිස්සන මඟෙහි යතුරු පැදිය මගේ පාලනයෙන් මිදිණි. යුවතියගේ වතෙහි ගෑවී නොගෑවී ගිය යතුරු පැදිය පාර අද්දර මෝටර් රථයක් අසල යකඩ වැටෙහි හැපිණි. මම මහ පාර මැද ඇදගෙන වැටුණි. කිසිවක් අදහා ගනු නොහැකිව මා දැඩි සේ අකම්පිතව සසලව උන්නෙමි. අපහැදිලි සිතුවමක් පරිද්දෙන් බොඳ වූ දෑසට පෙනුනේ බොහෝ දෙනෙක් මා වට කරගන්නා අයුරුය. මොහොතකින් විසිපහක් තිහක් මා වටා රොක් වූහ. කුමකින් කුමක් වේදැයි සිතාගත නොහී මම බීතියට පත්ව වුන්නෙමි.
දෑතට වැර යොදා නැගිට ගන්නට වෙහෙසුනද ඊට පෙර හැඩි දැඩි තරුණයෙකු මවෙත කඩා පැන අල්ලා ගත්තේය.කමිස කොළරයෙන් අල්ලා මා නැගිට වූ ඔහු අතෙහි ග‍්‍රහනය වැඩි කළේය.
" අඩෝ පර බල්ලා...උඹේ පුකට පැට්‍රෝල් ගහලද යකෝ.හදට යන්න වගේ කඩාගෙන යන්නේ.ආ...නැත්තං පාර නැන්දම්ම උඹට ඩවුරියට දීල ද. කියපංඩෝ...කියපං...”
ගිණි පුළිඟු පිටවන දෑසින් යුතුව ඔහු මා ඒ මේ අත සොලවමින් වියරු හඩින් කෑ ගසයි.වරද මා අතේ නොවේ.හරි හැටි නොබලා පාර පැන්න ඒ කෙල්ලය වැරදි. එහෙත් මේ මොහොතේ මා අසරණය. විස්සක් තිහක් ව්යරූ වෙසින් මා ගොදුරු කරගන්නට මෙන් බලා සිටී.
" ස්...සො...සොරි.ම්..ම..මම”
ඔහු මට කිසිවක් කියන්නට ඉඩ දුන්නේ නැත.කිසිවෙක් මා වෙනුවෙන් ඉදිරිපත් වූයේද නැත.
"මොනවද ඩෝ කියවන්නේ.හැප්පුනානං
සොරි කියලා හරියනව ද ආ...කියපං... හරියනවද...”
මගේ අත කරකවා පිටුපසට කොට අල්ලා බෙල්ල හිරකරගෙන මෝටර් රථයට හේත්තු කළ ඔහු නරුමයෙකු සේ කෑ ගසයි. මා හිස පැළද සිටි හෙල්මටය ගැලවී වැටිණි.මම හිස බිමට නමා ගතිමි.
"අනේ රංදික අයියේ...මෙහෙ එන්න.අපි යමු.මේ මහ පාරේ රංඩු වෙන්න ඔයාට පිස්සු ද..”
කවදා හෝ නුදුරු දිනෙක අසා හුරු පුරුදු හඬක් පිටුපසින් නැඟුණි.මම අසීරුවෙන් හිස ඔසවා හැරී බැලීමි.මා වික්ෂිප්ත වීමි.සිදු වන්නේ ඇදහිය නොහැකි දේය.හැඩි දැඩි තරුණයාගේ අතෙහි එල්ලී වුන්නේ ස්නේහාය.අනපේක්ෂිත මොහොතක පාර පැන්නේ ඇයද?.ඇය මා හඳුනා ගත්තේ ඒ මොහොතේය.
" දෙයියනේ ලිහිණි...”
ඇගේ සුරත මුව ලගට ගියේය.විශ්මයට පත් දෑස ලොකු විණ.මුව විවර විණි.හිටි ගමන් උපන් අළුත් ආවේගයකින් ඕ තරුණයාගේ දෑතෙහි එල්ලෙනි.ඇය සාවියක සේ බියපත්ව කලබලව උන්නාය.
"රන්දික ප්ලීස්... ඔය ළමයා අතාරින්න.මේ අපේ ඔෆිස්සෙකේ ළමයෙක්.”
ස්නේහා මහ හඬින් කීවාය.ඇගේ හඬ පිට වූයේ උගුරෙණි.එවර ඔහු තරමක් මෙල්ල විය.අනතුරුව හේ එහෙම්මම මාව නැගිට්ටුවා තල්ලුකර දැමීය.විසි වී ගිය මම යකඩ වැටෙහි ගැටුණි.හිස වැරෙන් යකඩ කණුවක වැදුණි.
මොහොතකින් මාගේ දෑස නිලංකාර විය.සියල්ල බොඳ වී අපහැදිලිව ඇකී මැකී ගියේය.

මතු සම්බන්ධයි .................. 



ආයාසයෙන් විවර කල මගේ දෙනෙත් වලට මුලින්ම හසුවන්නට ඇත්තේ සිවිලිමෙහි එල්ලි වේගයෙන් බ්රුමනය වන විදුලි පන්කාවේ අපැහැදිලි ඡායාවයි.කිහිප දෙනෙකු මා අවට වටවී සිටින වගත් මා සිටිනුයේ රෝහලක වගත් කෙමින් මට පසක් විනි. සිදු වුයේ කුමක්දැයි එක්වරම මතකයට නොනැගුනේ වී නමුත් තැනින් තැන ඇමිනූ චිත්රේපටයක අවිදිමත් රූපරාමු මෙන් ක්රචමයෙන් පෙල ගැසී ස්මරනය වන්නට විය. අහවර සියල්ල පෙර පර ගැලපින. 
ස්නේහා
 යතුරු පැදියේ ගැටෙන්නට ගොස් සිදු වු සිද්ධිය කෙලවර වුයේ මා අනපේක්ෂිත විපතකට පත් කරවමිනි. කිසිවක් සොයා නොබලා කටයුතු කල ස්නේහා සමග උන් නරුම තරුනයා ඈ අභියස වීරයකු වීමේ රිසින් ම වියරු ලෙස පෙලන්නට විය. අන්තිමේදී ඔහු මා තල්ලු කර දැමීමේ ප්රරථිපලය හිස පෙදෙස වැරෙන් යකඩ වැටක වැදීමය. වැදුනු පහර දරුනු වීමෙහි තරම මා හට ක්ලාන්තය හැදීම දක්වා දුර දිග ගොස් තිබුනි.
ඈස් තතු අරිද්දි හිසෙහි තද බර ගතියකුත් තදබල වේදනවකුථ් දනෙමින් පවතින.මතකයෙ අති පරිදි අවසානයේ අර තරුනයා මාව තල්ලු කර දැමුවේය. හිස වේගයෙන් යකඩ කනුවෙහි වැදීම හේතුවෙන් මා සිහිසුන් වන්නට ඇත. එතැන් සිට මේ මොහොත දක්වා වූ කිසිවක් පිලිබද නිෂ්චිත මතකයක් මා තුල නැත.
මා නොසන්සුන්ව ඒ මේ අත බලද්දි සාත්තු සේවිකවක කඩිමුඩියේ විත් මවෙත නැඹුරු වුවාය. ඉක්බිති සීරුවට මගේ හිස මත අත්ල තැබූ ඕ සෙමින් කතා කලාය
''කලබල වෙන්න එපා. ඔහොම ටිකක් ඉන්න. දැන් -- ඩොක්ටර්-ඒවී.''
ඈ බෙහෙවින්ම කාරුනිකය. එහෙත් මට නැගිටින්නට ඕනෑ විය. මසිත අවුලිනි.
''ඔලුව වැඩිය හොලවන්න එපා..මචන්."
සුරාජ්ගේ දසුන මා පුදුමයට පත් කලේය. සිදුවු දෑ ඔහුට ආරන්චි වූයේ කෙසේද?
පමාවට කාරනාව විමසනුවස් මගේ දුරකතනයට හේ ඇමතුමක් ගත් වගත් ඊට උත්තර බැන්දේ මා රෝහලට රැගෙන එමින් සිටි අයෙකු බවත් පසුව සැල විය. අනතුර සිදුවු ආසන්නයේ පිහිටි කලුබෝවිල රෝහලට මා ඇතුල් කිරීමට කටයුතු යොදා තිබුනේ එතන සිටියවුන්ය.
කොලබට විත් ගෙවුන දින කීපය තුල මට අත්විදින්නට සිදුවූ අනපේක්ෂිත ප්රහෂ්න වලට පැත්තක සිටි සුරාජ්ටද වන්දි ගෙවන්නට සිදු විය. එය අපමන සිත් වේදනවට කරුනකි. අනෙක් අතට ඒ හැම ප්රිෂ්නයකම ඇරබුමක හෝ කෙලවරක උන්නී ස්නේහාය.
"ආ දෑන් කොහොමද?"
වෛද්ය වරයා පැමිනියේ ස්තෙස්තකෝප් එක අතකින් පටලවාගෙනය. සාත්තු සේවිකාව මවෙතින් මෑත්ව ගරුසරුව ඔහුට ඉඩදුන්නාය. හිසෙහි රිදුම් දෙන තැන් පරික්ෂා කල හේ මගේ අත අල්ලා නාඩි වැටෙන රිද්මය පරික්ෂා කර බැලුවේය.
"ඔලුව රිදෙනවද? පොඩ්ඩක් තැල්ම තියෙනවා. මේ ට්රීගට්මන්ට් එකෙන් හරියයි. දවසක් දෙකක් නවතිමු නේද?"
මතක ඇති සන්දියේ කිසිදු දිනෙක රෝහලක නේවාසිකවී නැති මට පලමුවරට රෝහලක නේවාසික වන්නට සිදු විය. මේ වග අසරන අම්මා දනීනම් ඕ එකාන්තවම කම්පාවෙන් කැලබෙනු ඈත.
"කොහොමද? පාර පැන්න මාල ගිරවි ලස්සනද?
තමා අත වු රෝගී තත්ත්ව පත්රිඅකා මත සටහනක් තබා අසල උන් හෙදිය අතට දෙමින් ඔහු සිනහා වතක් ඇතිව ඇසුවේය. මැදිවිය ඉක්මවා සිටි හේ බෙහෙවින්ම කාරුනික ලබැදි සිත් ඇත්තෙකි. සැබවින්ම ඔහු කියනා පරිදි මාල ගිරවි සුන්දරය. එහෙත් අසුන්දර සිතක් ඇති නොහික්මුනු එකියකිය. නිදිකුම්බා ලානක් සේ මටම කරදර කරන්නියකි. මම වෛද්යතවරයාගේ කතාවට මද සිනා නගන්නට වෑයම් කලෙමි.
මා රෝහලට රැගෙන ආ නන්නාදුනන මිනිසුන් දෙතුන්දෙනා කොරිඩෝවේ සිට සුරාජ් හා සිද්දිය පිලිබදව අදහස් දක්වනු ඇසේ.
"වැටේ වැදුන පාරට මම හිතුවා වැඩේ සීරියස් කියලා. වෙලවට හොස්පිට්ල් එක ලග පාතක තිබුනේ.
"කාර් එකේ හිටපු හයේ හතරේ පොර කිසිම සර්ච් එකක් නැතිව මෙයාට නෙලන්න ගත්තා."
"මෙයත් ආවේ ටිකක් ස්පීඩ් එකේ. ඒ වෙලාවෙ නැතිවෙන්න වහිනවා. මෙහෙන් බන්ඩක්ක සයිස් ලෙස්සනවා. හැබැයි වරද කෙල්ලගෙ. මොකද..හිතපු ගමන් පාර පැන්නා. හැප්පුනානම් පුදුකුඩිඉරුප්පු වගෙ තමයි.."
පෙරලා කිසිවක් නොදොඩාම සුරාජ් අසා සිටී. දැන් ඔවුන් මොනවා කීවද ඔවුහූ මට පිහිට වූහ. මගේ ලබදි නෑයෝද, මින් පෙර දන්නා හදුනන ඈයෝද නොවන ඔවුහූ මට රීඩ් මාවතේ වැටී සිටින්නට දුන්නේ නැත. ඔවුහු මා රෝහල් ගතකොට ඉනිදු නොනැවතී යතුරු පැදිය,හෙල්මටය,මගේ ලිපි ලේඛන ආදී සියල්ල සුරැකිව සුරාජ් වෙත බාර දී තිබුනි.
"ෆිල්ම්ස්වල නම් ඔයවගේ සීන් ඕන තරම්. ඒවා බලද්දි මාර ත්රිඔල්. මොකද දෙන්නගේ ලව් ස්ටෝරිය පටන් ගන්නෙ එතනින්. මේකත් එහෙම එකක්ද දන්නේ නෑ.."
වෛද්ය වරයා විහිලු තහලුවෙන් කියන දෑ අසා සිටිනු හැරුනුකොට වෙන මොනවා මා කියන්නද? ඔහු තවත් බොහෝ දෑ තෙපලන්නට විය.
මේ විෂ්වය කනපිට පෙරලී නැවුම් ලොවක් ගොඩ නැගුනත් සිතන්නට පවා වරම් නැති දෙයක් ගැන හේ විහිලු වදන් මුමුනයි. කටුක මහ පොලවක වලි කැටයක් සරි මා කලාසොලස පිරි පුර හදක් ගැන හීන දකින්නට තරම් පිස්සෙක් නොවන වග මොහුට නොතේරෙන්නේ මන්ද?
දුටු දවස සිට නපුරුකම් පෑමම සිය ඒකායන සන්කල්පය කරගත් ඇය එසේ මෙසේ යුවතියක නොව...නිරන්තර රකින්නට සද්දන්ත කුමාරයෙකු රැස් වලල්ලක් පරිද්දෙන් ඈ වටා සිටී. මට පහර දී මා මැඩවු රන්දික ඔහු විය නොහැකිද?
.......................................................
මා හට කලුබෝවිල රෝහලේ දෙදිනක් නේවාසික වන්නට සිදු විය. මැදියමද ගෙවෙන තුරු රෝහලේ කල්මැරූ සුරාජ් පසුදා එනවග පවසා නික්ම ගියේ මගේ බලවත් කීම නිසාය. එහෙම ගියේත් අවැසි කලමනා සියල්ල සපයාදී, ඉන් අනතුරුවය.
"අම්මට කෝල් කරන්න එහෙම එපා මචන්. එයා කලබල වෙයි." මම ඔහුට කීවෙමි.
"නෑ..නෑ කොහොමත් දැන් ඒ තරම් අව්ලක් නෑ..."
සියලුදෙනාම නික්ම ගිය කල්හි වාට්ටුවේ ඉතිරි වුයේ රෝගීන්ගේ කෙදිරිල්ලත් දෙඩවිල්ලත් පමනි. හුදකලා වු විට හිතට දැනෙන හා නැගෙන කෙලවරක් නැති සිතුවිලි අතර වැඩිමනක් උන්නී ස්නේහාය. මෙතුවක් මා හට සිදු වු බොහෝ දෑ ඈ කේන්ද්රනකොට ගෙන සිදු වුයේ කෙසේදෑයි මසිත විමතියෙනි. ස්නේහා හේතුවෙන්ම මා කිහිප විටක්ම නොසිතූ කරදර වලට පත් වීමී. සියල්ලෙහිම වැඩි වරද ඈගේය. එහෙත් ඈ පිලිබදව කලකිරීමක්,කෝපයක් මසිතෙහි නූපදින්නේ මන්ද කියා මට නොතේරේ.
ඇතැම් විට ස්නේහාගේ ඇවතුම් පැවතුම් වල පවත්නා තැන්පත් කමත්, හුරුබුහුටි සොදුරු බවත් හේතු වන්නට ඇත. ඕ දිනපතාම සිරිත් පරිදි කාර්යාලයට පිච්ච මල් රැගෙන විත් බුදුන් පුදන්නීය. ආයතන ගේට්ටුව අද්දර කිරිකැටි නොදරුවකු තුරුල් කරගෙන සිගමන් යදින කාන්තාව අත මුදලක් තබන්නීය. ආයතනයේ සුලු සේවකයාට පවා කුලුනින් අමතන්නීය. මෙවැනි වත් පිලිවෙත් ඈ කෙරෙහි මා සිත තුල ප්ර සන්න හැගීම් ඇති කරවන්නට ඇත.
හවස සිදුවීමේදී රන්දිකද මොකාද මා හට පහර දෙන්නට දෑත අමෝරා ගෙන සිටියදී ස්නේහා දෑතින්ම ඔහුගේ අතෙහි එල්ලී කෑ ගෑසුවාය. එය මසිතෙහි මැවී පෙනේ.
ඇය දැන් කුමක් කරනවා ඇත්ද? කුමක් සිතනවා ඇත්ද? හිතක් පපුවක් නැත්තියකසේ සිටිය හැකිනම් පමනක් ඇයට මේ සිදු වු දෑ පිලිබදව නොකම්පිතව සිටිය හැක. එසේ විය නොහැක. අද ඇයත් නිදි වරන රැයක් වනවාට සැක නැත.
එහෙත් මෙය ඇයට එතරම් දෙයක් නොවේ යි මට නොසිතුනාද නොවේ. අඩු තරමේ ඕ දුරකතන ඇමතුමක්වත් දුන්නේ නැත. හුදු බොලද මනෝ විකාර මැද මට යාන්තමින් නෙත් පියවින.
යලි මම ගැස්සී ඇහැරුනේ දුරකතනය හඩන හඩිනි. මම එය ගෙන ඇමතුම සම්බන්ද කර ගතිමි. එහෙත් ඊට පෙර එය විසන්දි විය. මා පුදුමයට පත් කරමින් නුපුරුදු අංකයකින් මගහැරුනු ඇමතුම් කීපයක් විනි. හිටි ගමන් කෙටි පනිවිඩයක් ලැබුනි.
extremely sorry lihini.mama nisa una karadareta puluwannam mata samawenna.oyata mokada kiyala kiyanna...plz 4n eka answer karanna..
නමක් නැති, පිලිවෙලක් නැති අනපේක්ෂිත කෙටි පනිවිඩයෙහි එසේ සටහන්ව තිබුනි. එක් වරම මගේ සියොලගම හිරිවැටුනි......

මතු සම්බන්ධයි .................. 




හිටි ගමන් ලද කෙටි පණිවිඩයෙහි කිසි තැනක නමක් වාසගමක් නොවුණි. එහෙත් එය ස්නේහා විසින් ඒවා ඇති බව පැහැදිලි නැතිවා නොවේ. කිහිප විටක්ම මට කතා කරන්නට ඈ වෑයම්කොට තිබු බව දුරකථනයෙහි වු මග හැරුණු අංක කියා පායි. ඊට ප‍්‍රතිචාර නොලද කල ඕ කෙටි පණිවිඩයක් එවන්නට ඇත. කිසි දිනක මා ලබා නොදුන් මගේ දුරකථන අංකය ඇයට කෙසේ ලැබුණීදැයි මසිත පුදදුමයෙනි. කවදාවත් නැතිව රාත‍්‍රියේ ආලෝක සර් ද මට කතා කරන්නට වෑයම්කොට තිබුණි. ඇතැම්
 විට ස්නේහා ඔහුව අමතා දුරකථන අංකය ලබාගන්නට ඇත.
‘‘වැරැද්ද මගේ....වුණ දේට පුළුවන්නම් මට සමාව දෙන්න’’
දුරකථන තිරය මත සටහන්ව ඇති වදන් ස්නේහාගේය. එකී වදන් වල සිතන්නට තරම් මහමෙරක් දේ නොවිණි ද අඩු තරමේ හත් අට වතාවක්වත් මටත් නොදැනි මගේ දැසින් එය කියවන්නට ඇත. සිදු වු දෙයහි තරමට මෙවැන්නක් එවීම පුදමයට කරුණක් නොවේ. එහෙත් මා අරඹයා මෙවැනි දෙයක් කරන්නට තරම් කීකරු සිතක් ඇය සතුව ඇතැයි මම කිසි විටෙක නොසිතුවෙමි. ඉකුත් දිනවල සිටම ඈ පිළිබදව මා උන්නේ ද දෙගුණ තෙගුණ වන කලකිරිමකින් විනා තුටුපහටු සිතකින් නොවේ. කෙටි පණිවිඩයෙහි වු එකින් එක වචන ද දෙතුන් පොලක වු විරාම ලකුණු ද කියවා එහි සැගව ඇති අරුතක් රසයක් සොයන්නට තරම් මා මොහොතකට ළපටි සිතැත්තෙකු වීමි.

රැය පහන් වි මැදියමට හැරි මැදියම අළුයමට පෙරළුනේ රෝහල තුල වු පාළු කාන්සිය සිතට කරදර තිබියදීය. රාත‍්‍රිය පුරාත් පාන්දරත් විටින් විට හිසේ දකුණු පස තදින් රිදුම් වුණි. නමුත් උදැසන වන විට එය බොහෝ දුරට පහවගොස් තිබුණි. එළිවන තුරු මහ හඩින් කෙදිරිලි සහ දෙඩවිලි නැංවු ඇතැම් රෝගීන් දැන් මදක් සන්සුන්ය.

හිමිදිරියේම සුරාජ් බොහෝ දෑ රැගෙන රෝහලට ආවේය. මා උදෙසා අමතර කරදරයක් විදිමින් බෝඩිමේ හිමිකාරිය කෑම පාර්සලයක් ද සුප් බෝතලයක් ද එවා තිබුණි.
‘‘දැන් කොහොම ද මචන් අඩු ද?’’
සුරාජ් ඔහු අත රැදි පාර්සල් කිහිපය උස මේසය මත තබන අතර එසේ ඇසුවේය.
‘‘එළිවෙනකං සැරින් සැරේ ඔළුව තදින් රිදුණා. දැන් නං සෑහෙන්න අඩුයි.’’
මම ඇදෙහි විට්ටමට හේත්තු වෙමින් කීවේමි.
‘‘උඹට ගහපු එකාගේ කාර් එකේ නම්බර් එක එතන හිටපු කොල්ලෙක් ලියාගෙන. එක් මට ඊයේ හොස්පිට්ල් එකේදි දුන්නා. උඹ ලෑස්ති ද පොලිසියේ එන්ටි‍්‍රයක් දාන්න.’’
සුරාජ් කලිසම් සාක්කුවෙහි වු දෙකට තුනට නැවු කඩදාසි කැබැල්ලක් අතට ගත්තේය. ඔහුගේ යෝජනාවට එකවරම මා අකමැති වීමි.
‘‘එපා දැං අඩුයි මචං.’‘
මගේ කතාවට සුරාජ් පුදුම විය.
‘‘ඇයි?’’
‘‘උඹ කතාව දන් නෑනේ මචං.’’
‘‘මං සේරම දන්නවා. උඹ මෙහාට අරං ආව කොල්ලෝ මට සිද්ධිය කීවා. උඹේ පැත්තට කතා කරන්න උං වුණත් ලෑස්තියි. එන්ටි‍්‍රයක් දාමු.’’
සුරාජ් යලි යලිත් කිවේය. ඔහු සියල්ල දැන වුන්න ද මේ සිද්ධිය සමග ස්නේහා සිටින වග ඔහු දන්නේ නැත.
’’උඹ දන් නැති දෙයක් තියෙනවා බං.’’
’‘මොකක් ද?’’
’‘ඒ ඇක්සිඩන්ට් වෙන්න ගියේ ස්නේහා....’’
’‘මො....ක....ක්’’
සුරාජ් තුෂ්නිම්භුත විය. විමතිය විසිරෙන දෑසින් මොහොතක් මදෙස බලා සිටියේ ය.
‘‘යකෝ...මේක මාර කතාවක් නේ. උඹට වෙන හැම වින්නැහියක් පස්සෙම ඔය සරුංගලේ ඉන්නවනේ. බලපං ජොබ් එකට ගිය පළවෙනි දවසෙම උඹේ හත් අටදාහකට වගකියන්න හැදුවා. දැං පාර මැදදි බයික් එකට අඩ තියන්න ආවා. මේ උඹේ සංසාරගත වාතයක් ද කොහෙද බං.’’
සුරාජ් වට පිට බලමින් තවමත් පහව නොගිය පුදුමයත් කේන්තියත් ඇතිව කිවේය.
‘‘ඊයේ මට ගන්න ට‍්‍රයි කරලා. මං ආන්සර් කළේ නැති හින්දද කොහෙද මැසේජ් එකක් එවලා සොරි කියලා.’’
‘‘ෆෝන් එකේ සිද්ධිය වෙලාවේ ඔය කියන කරුණාව එයා ළග තිබ්බ ද? විකාර නැතිව පොලිසි යමං බං..’’
කුමන හේතුවකට හෝ පොලීසියට ගොස් මේ පිළිබද පැමිණිලි කරන්නට මට සිතෙන්නේම නැත. සුරාජ් කෙතරම් පෙරැත්ත කළ ද මම එය ප‍්‍රතික්ෂේප කළේ ඇයි කියා තාමත් මට නොතේරේ.
ඔහු කියන දෑ සත්‍යයය. එහෙත් සිත එවැන්නක් කරන්නට එකග නැත.
’‘සොරි කියලා මැසේජ් එකක් එවන්න යන්නේ සත පනහයි බං. එහෙම එවපු මැසේජ් එකට උඹ සෝවාන් වෙලා. ලගට ඇවිත් කදුලක් හෙලුවොත් උඹ රහත් වෙයි. උඹ පොලිසීයට යයි කියන බයට තමා ඔය ෂේප් න්‍යාය දාන්න බලන්නේ. උන් හිතන්නේ උන්ගේ කැරට්ටුව ගැන බං. මෙහෙ කෙල්ලෝ පිරිත් නුල් බදින්නෙත් ෂෝ එකට. ඔය කොළඹ හතේ කෙල්ලො ගැන උඹ දන්නේ මොනව ද?’‘
ඒ සියල්ල ඇත්ත විය හැක. ඒ ගැන තර්කයක් ඇත්තේ ද නැත.‘‘පුළුවන්නං සමාව දෙන්නයැයි ඇය පවසන්යේ බැරි නං සමාව නොදුන්නත් කමක් නැහැ’’ කියා සිතාගෙන වෙන්නට බැරි ද? එබැවින් සුරාජ් පවසන දේ නිවැරදිය. එහෙත් හෙට හෝ අනිද්දා සිට මා යළිත් වැඩට යා යුතුයි. එතැන ස්වාමි දුවට එරෙහිව කැරළි ගසන්නට ඉඩක් ඇත්තේ නැත. එසේ වී නම් සිදු වන්නේ වෙන කුමක් හෝ රැකියාවක් සොයා ගන්නටය. එය සියල්ලටම වඩා අපහසුය. ඒ වග මා සුරාජ් හා පැවසු විට ඔහු මදක් නිහඩ විය. බොහෝ වේලා රෝහලේ රැදී සිටි සුරාජ් නික්ම ගියේ අටට පමණය.

මට යාබද ඇදෙහි වැතිර සිටින වියපත් රෝගියා අසල ඔහුගේ දියණිය යැයි සිතිය හැකි යුවතියක් දැවටෙමින් උවටැන් කරන්නීය. බොහෝ පරිස්සමෙන් රෝගියා වත්තම් කරවාගත් ඕ කොට්ටය ඇද විට්ටමේ තබා රෝගියා එහි හේත්තු කළාය. ඉක්බිති පණාවක් ගෙන ඔහුගේ අවුල්ව ගිය හිස පිළිවෙලකට පීරා සකස් කළාය.

අද වැඩට නොඑන වග ආයතනයට දැනුම් දිය යුතුය. රෝහල තුළ දුරකථන භාවිතය තහනම් හෙයින් මම සෙමෙන් නාන කාමරය දෙසට ගියෙමි. මගේ ඇමතුමට ආයතනයේ කවුරු පිළිතුරු දේදැයි සිත දෙගිඩියාවෙනි. උපේන්ද්‍ර සර් කථා කළ හොත් දහසකුත් එකක් දේ විමසනු ඇත. පෙර දින භාරගත් වැඩ රැසක් හමාර නොකිරිමේ වරදට දෝශාරෝපණය ද කරනු ඇත. රෝහල්ගතව සිටින බව පවසන්නට ද නොහැක. මේ කුමක් වුවත් මම ආයතනයෙහි අංකයට ඇමතුමක් ගනිමි.
‘‘ගුඞ් මෝර්නින් සිල්වර් ක‍්‍රියේෂන්ස්.....’’
සැකයක් නැත. ඒ හඩ ස්නේහාගේය. රිසිවරය එසවුයේ ඇයයි. දෙවරක් නොසිතා මම ඇමතුම විසන්ධි කළෙමි. කවදාවත් නැතිව මෙතරම් උදේ ඇය ආයතනයට පැමිණි වග දන්නවනම් මම කෙසේවත් කතා කරන්නේ නැත. ඒ පිළිබදව සැලෙන තැවෙන සිතින් මම ආපසු හැරුණි. නමුත් මිනිත්තුවක් යන්නටත් මත්තෙන් පෙරළා ඇමතුමක් ලැබුණි. ඒ ස්නේහාගෙනි.
කළ යුත්තක් ගැන මොහොතක් අතීරණයක උන් මම අන්තිමේදි ඇමතුම සම්බන්ධකොට ගතිමි. මුලින්ම පැවතියේ නිහඩ බවකි. ඈ මුණිවත බිදිනි තුරු මම ද නිහඩව අන්නෙමි. එහෙත් මට දිගින් දිගටම එලෙස සිටිය හැකි නොවිය.
‘‘හෙලෝ....’’
‘‘ලිහිණි.....’’
පළමු වතාවට ඈ සිහින් සරින් මගේ නම කීවාය. මට පෙරළා යමක් කියන්නට මුවගට වදනක් ආවේ නැත.
‘‘ලිහිණි....’’
ඈ යළිත් කතා කළාය.
‘‘ඔයා කොහෙ ද ඉන්නේ?’’
වෙනදා මෙන් සැරපරුස හෝ ආඩම්බරකාර නොවන ඇගේ හඩ දැන් බොහෝ සන්සුන්ය.
‘‘මට අද ඔෆිස් එන්න වෙන්නේ නෑ මිස්....’’
එවර මම ‘‘යන්නේ කොහෙද මල්ලේ පොල්’‘ වර්ගයේ උත්තරයක් දුන්නෙමි.
‘‘ප්ලීස්....මට කියන්න ලිහිණි ඔයා කොහෙද ඉන්නේ.....’’
ඈ යළිදු ඇසුවාය. නිවුණු ඇගේ හඩ සෝබරය. පිළිතුරු නොදි සිටිය නොහැකි තැනට මා පත්කරන්නට ඒ ස්වරය සමත්ය.
‘‘කළුබෝවිල හොස්පිට්ල් එකේ මිස්.....’’මම බොහෝ සෙමින් පිළිතුරු දුනිමි.
’‘දෙවියනේ.....’’
මොහොතක් නිහඩව ගෙවී එකවරම ඇමතුම විසන්ධි විණි. මට කිසිවක් සිතාගත නොහැකි විය.
.......... .......... .......... ........... ...............

පෙරවරුවේ තුනී අවි රැල්ලක් අතරින් සොදුරු නිලි වැස්සක් කඩාගෙන වැටුණි. මා සිටි තැනට යාබදව පිහිටි ජනෙල් රාමුවට ඔබ්බේන් පිටත රෝහල් කොරිඩෝවත් රෝහලේ ගේට්ටුව දක්වා වු මිදුලක් මගේ දෙනෙතට මැනවින් දිස් වේ. රෝහල් ගේට්ටුවෙන් ඇතුලට ආ සුදුපාට බිට්ල් වර්ගයේ කුඩා මෝටර් රථයක් අරලිය ගස පාමුල නතර විය. රියෙන් මිදුලට බැස්ස රුව දුටු මනෙතු විමතියෙන් බර විය. ඒ ස්නේහාය. මදක් අත් කොටට කැපු ලා නිල්ට හුරු බිලවුසයකින් ද සුදු පැහැති මදක් කෙටි ස්කර්ට් එකකින් ද සැරසි සිටි ස්නේහා සිමෙන්ති කැට මතින් පියවර තබා විත් රෝහල් කොරිඩෝවට ගොඩ වැදුනාය. කොරිඩෝවේ සිමෙන්ති පොළව මත ගැටෙමින් ඈත සිට මැන් වෙමින් සමීපවන පාවහන් හඩට සමානව මගේ හදෙහි හඩ උස් පහත් වෙයි. හිස දෑලින් ලමැද හරහා නිදහස්ව වැටෙන කෙටි වරලස ඉහිරෙන්නට නොදි ඕ එය සුරතින් පිටුපසට හලයි. වෙනදට දෙතොල් පෙති ලිහි නිතර විසිරෙන සිනා පොද වෙනුවට මුවග ඇත්තේ කල්පනාකාරි මන්දස්මිතියක් පමණි.
වාට්ටුවේ දොරටුව අද්දරට ආ ස්නේහා නොසන්සුන් දෙනෙතින් වට පිට බැලුවාය. කුහුලක් ද බියපත් බවක් ද ඒ ඇස්වල විය. විපරම් සහගත ඇගේ දෙනෙත් වලට මා හසු නොවු කළ ඕ අසල වුන් හෙදියකගෙන් යමක් විමසුවාය. හෙදිය තමා සමීපයේ තිබු සටහනක් දෙස බලා මදෙසට අත දිගුකොට පෙන්නුවාය. දුර තියාම ස්නේහා මා දුටුවාය. පෙර දිනවල ඒ සොදුරු මුහුණෙහි පැවති හසරැල්ල මොහොතකට අතුරුදන් විය. ඈ සෙමින් සෙමින් මදෙසට පියවර නැගුවාය..


අවසානයක් නොවේ....



නොසන්සුන් කමින් පිරී තැති ගැන්මත් සොවින් බර නෙතු කැල්මත් ඇතිව ඕ මගේ යහන අබිමුවට සමීප වූවාය. රෝගීන් බලන්නට ආ බොහෝ දෙනා හැරි හැරී සො`දුරු යුවතිය වෙත කොකම් පාන්නට වන්හ. ඒ වන විට මම ඇද වට්ටමට වාරු වී උන්නෙමි. නිරායාසයෙන්ම මද සිනාවක් පා මා ඈ පිළි ගතිමි. වරදකාරී නොපනාකම් පපුව මත නිදන් කොට තබාගෙන කේව කරන්නට තරම් මමත් ඇයත් කවුද?
"' මිස් ”
මම පිරිපත තැවුල් යටපත්
 කොට ගෙන ඈ ඇමතීමි. දොඩමලු වනු තබා කතාබහකට මුල පුරන්නට වත් වචන අහිමිව ලතැවෙන්නී විලම්භීත දෑසින් බලා සිටින්නීය.
''මං මොනතරං ගත්තද? ඇයි අන්සර් නොකළේ...? ”
ත‍නා්ක්කාඩුවකින්ද අවනඩුවක සේයාවන්ද ඛෙරි කොට ගත් මුහුණින් යුතුව ඕ කළබලව හිදියි. මෙතරම් දෙයක් සිදුව තිබියදීත් ඇය අල්ලාගෙන ඇත්තේ මගෙන් වූ වරදක්ය.
" ෆෝන් එක මගේ ගාව තිබුණේ නෑ...”
මම මුසාවක් කීවෙමි. පහසු ඉරියව්වකින් ඇද වියලට වෙන්නට යද්දී මගේ තැවුම් හිස කෙලවරින් ක‍ෂණික රිදුමක් ඇති වී යාන්තමට කෙදිරිල්ලක් නැගිණ.
'' මට සමාවෙන්න මෙතන වැරැද්ද මගේ...”
වචන කීපයක් ගොනුකර ගැනීමේ තත්පර හැට හැත්තෑවක පමණ වූ අරගලය ඈ හමාර කළේ එකී වචන දෙකතුන මුමුණමිණි.
එක හිතකින් දෙන්නට නොහැකි තරමේ අවනඩු කිහිපයකටම ඈ මාව පැටලුවාය. වෙනයම් කෙනෙකුනම් බොහෝකල් උරණව හිදින්නට තරම් දෑ ඈ අතින් මට සිදු විය. පැමිණි දා සිටම මට වූයේ ඇගේ ගැරහුම් වලට ලක්වන්නටය. නොපනත්කම් වලට වන්දි ගෙවන්නටය. අන්තිමට දෙතුන් දිනක් නේවාසික කාලයකට රෝහල්ගත වන්නට සිදුවූ හේතුව පිටුපසද උන්නේ මේ හිතුවක්කාර ස්නේහාමය.
'' ඒක හිතන්න එපා මිස්. වෙච්ච දේ වෙලා ඉවරයි. අනික මිස් ඇවිත් කරදර වෙන්නේ ඇයි.මේක හිතාමතා මිස් කරපු දෙයක් නෙවේනේ. මෙහාට ආව දවසේ ඉදලා මට හරිම අපලයි මිස්.”
මම සන්තාපයෙන් බිදක් එක්කොට සංසුන්ව කීවෙමි. ස්නේහා අත්ල මුවගට ගෙන දෙතොල විකා ගත්තාය. මා කී දෑ ඇයට තදින් දැනුණ ගානය. මෙතුවක් කල් අපමණ ආඩම්බරකම් ද පණ්ඩිත පැහැච්චකම් ද පෙන්වූ ‘ නපුරු සිතැත්තිය ’ දැන් ශාන්ත දාන්ත තීන්ත කූඩුව ගානය. ඈ හිස බිමට නැඹුරු කරගත්වනම සිටී.
'' කොහොමත් ටිකට් කැපුවම මම ගෙදර යනවා මිස්...”
ඇගේ හිත ප,රුණු රිසින් මම එසේ කීවාදැයි නොදනිමි. එහෙත් මම එහෙම කීවෙමි. කලබලයෙන් ක‍ෂණිකව හිස එසවු යුවතියගේ දෙනුවන් විසල් විණි.
'' යනවා ඒ ඇයි...රෑ ”
ඇය කතාකරනුයේ උගුරිනි.යමක් උගුරෙහි සිරව ඇති කළෙක මෙන් කටහඩ බ්දෙන සුලුය. වේදනාවෙන් පිරිලාය. මම නිරුත්තරව හිදීම නිසා ඕ නැවත කතා කළාය.
'' ආ... කියන්න...ඇයි යන්නේ..රෑ ”
වෙනදාට නිල් පාට ඇස් රතුවී ඇස් පිහිටු යට කදුලක් කරන අරගලය මම දුටුවේ ඒස`දය. මේ ටිකට ඇය එතරම් සංවේදී වූයේ කෙසේදරෑ ත‍ම ද මවාගත් ර`ගපෑමක් විය හැකි නොවේදරෑ
''ඇයි ඔයා යන්නේ...කියන්කෝ ළිහිණි...”
ඒ හ`ඩ කොතරම් කොතරම්නම් තැන්පත්ද?
'' අපේ අම්මාට ඉන්නේ මං විතරක් හින්දා ”
කදුඵ පුරණ නෙත්වලින් එක එල්ලේ මදෙස බලා හුන් යුවතියට එකවරම ඉකිබි`දින සැනින් දෙකොපුල හරහා පිටාර ගැලූ කදු`ඵ පේළිය පෙරලී විත් මගේ නිරුවත් අත්ලට වැටී විසිරිණ.
ජීවිතයේ පළමු වතාවට මෙවැනි අත්දැකීමක් වින්දාමය. යුවතිය හ`ඩන්නේ කුමකටද?ඇයට හඩන්නට තරම් දෙයක් මා කීවාද? මේ හඩමින් තැවෙනුයේ සදඵතලාවක සුමුදු සුදු මුදු සදමඩලකි. අදහාගත නොහැක්කේ ඒකය.
" ඇයි මිස් මේ ”
හැඩුම වලකනු රිසින් මම කතා කළෙමි.
"හැම දේටම මට සමාවෙන්න ලිහිණි. ඊයේ වුණදේ ගැන මට ගොඩක් දුකයි. මම තාමත් ෂොක් වෙලා ඉන්නේ.මොනා වුණාද කියලා හිතාගන්නවත් බෑ. රන්දික අයියා මහා පිස්සෙක්. එහෙම කියලා මම හිතක් පපුවක් නැති ගලක් කියලා හිතන්න එපා ලිහිණි. ප්ලීස්...එහෙම හිතන්න එපා...”
ඇය නැවතිල්ලේ කියාගෙන යයි. රංදික පිස්සෙක් වග ඇය කියන්නට උවමනා නැත.ඒ බැව් පෙරදා ඔහු ඔප්පු කළේය. එහෙත් පෙර දිනවල වටින් විට ඈ මා කෙරෙහි දැක්වූයේ හො`ද හිතක් නම් නොවේ. හීනකින්වත් නොසිතා සිදුවූ දේවල් වලට මා හා උරණවූයේ ඇය නොවේද? යුවතියට ඒවා අමතකද?
''මිස් එක්ක කවදාවත් මගේ අහිතක් තිබුණේ නෑ.හිතක් පපුවක් නැති ගානට කොයි වෙලාවකවත් මම හැසිරිලත් නෑ. මම ආවේ රස්සාවකට මිසක් කාගෙවත් එක්ක අරියාදු පිරිමහන්න නෙවේ. බොහොම අහිංසකව මම වැඩ කරන බව මිස්ගේ හදවත දන්නවා.ඊයේ වෙච්ච දේ මාව පුදුම තරම් කම්පනය කළා. සත්තයි මට මරණ බය දැනුනා. මගේ අතක් පයක් කඩලා දායි කියලා මට හිතුණා. මගේ අත් දෙකේ හයියෙන් ජීවිතය හොයන අම්මා ගැන මට බය හිතුනා. එච්චරයි මිස් වෙන දෙයක් නෑ...”
මා කියාගෙන යද්දී දෙතොල විකාගෙන ස්නේහා බලා උන්නාය. වේදනාව ඇගේ දෑසින් පිටාර ගලයි. දිගු කලක් මු`ඵල්ලේ ඈ වෙතින් සිදු වූ යම් යම් අකටයුතුකම් හේතුවෙන් ලද පීඩනය ද හේතු කෙට ගෙන මා එහෙම කීවා වන්නට ඇත. මා කියන දෑ දරන්නට නොහැකිතරම් හිත රිදවන තැන හිතා මතා හෝ වැරදීමකින් හෝ ඈ නොසිතූ ඇසිල්ලක මගේ අතට අත තිබිබාය. සීතල අත්ලින් මගේ සියොලග සසැලින.
''රිදෙන බව දැන දැන ඔහොම කතා කරන්න එපා ළිහිණි. ඔයාට දුක නැද්ද?මට සමාව නොදුන්නට කමක් නෑ. ඒත් ඔයා වැඩට නෑවිත් ඉන්න එපා... ප්ලීස් එහෙම කරන්න එපා.”
හිමිහිට නමුත් බර හ`ඩින් ඇය කීවාය.
''දැන් වෙලාව ඉවරයි. හැමෝම යන්න...”
රෝහලේ සේවකයෙකු විධානය දීගෙන ගියේය. ස්නේහා කදු`ඵ යටපත් කරගන්නට නො වෙහෙසක් දරයි. වට පිට සිටියවුන් යනෙන අතර යුවතිය දෙසත් මා දෙසත් බලයි. මම ඉතාම සෙමින් සීරුවේ අත ඉවතට ගතිමි.අත් දෙකත් මගේ ඇස් දෙකත් බැලූ යුවතිය බොරු නොපනාපයකින් මුහුණ ඇද කරගත්තාය.
'' ස්...සොරි ”
ඇය අත ඉවතට ගත්තේ එහෙම කියාය.
'' කලබලේට මොකුත් ගෙනාවේ නෑ...ළිහිණිට මොනාද ඕණි... ”
ඇය අලුත් හ`ඩකින් විමසයි.
'' මොකුත් එපා මිස්...දැන් වෙලාවත් ඉවරයිනේ.මිස් යන්න.අනික... ”
මම කියන්නට ගිය දේ ගිල ගතිමි.
'' අනික... මොකක්ද? ”
ඇය සෙමින් විමසයි.
'' මුකුත් නෑ... ”
''මුකුත් නැති වෙන්න බෑ... කියන්නකෝ ”
ඈ ලදැරියක සේ යළි යළිත් අසයි.
''ඔෆිස් එකෙන් මිස්ව හොයයි...කලබලවෙයි ”
මම එවැන්නක් කියා කතාව වෙනස් කළෙමි.කියන්නට ගොස් ගිල ගත්තේ ''රන්දික ඔයාව හොයයි ” යන්න විය යුතුය. එතරම් දෙයක් කියන්නට මා කවුද?
''ඔයා බොරු කියන්නේ...”
ඉව කියන්නේ එය විය යුතුය. ගැහැණුන්ට බොරු කිරීම පහසු නැත.
හිටිගමන් ස්නේහාගේ දුරකතනය නාද විය. එය අතටගත් ස්නේහාගේ ඇස් උඩ ගියේය.
'' දෙයියනේ...”
ඇයට කියවින...
 




අහේතුකව හෝ සහේතුකව දැඩිව කළබල වූ යුවතිය පැමිණී ඇමතුමේ ශබ්ධය නිහ`ඩ වන්නට හැරියාය. මෙතුවක් ඇතුඵ වූ සංවේගී ස්වරූපයට අලුත් කළබලයක්ද, බියපත් බවක්ද එක් විය. ඇයට ඇමතුම ආවේ කාගෙන්ද යන කුහුල මා තුල විය.යලිත් තැන්පත් බවක් පෙන්වූ ඇය මදෙස බැලුවාය.
”දැන් අඩුද?”
ඇය අසනුයේ අර කලබලකාරී බව සගවාගන්නට අපමණ වෙහෙසක් දරමිනි. මුලින් ඇ තුල වූ නොසන්සුන් සංවේගය හා කළබලය සගවා ගන්නට යුවතියට අපහසුය. ඇය ඩෙස්ක් එක මත වූ පොතක් අ
තට ගත්තාය.
”අඩුයි මිස්...හෙට ටිකට් කපයි...”
”අයියට මොනාද කීවේ....ඊයේ සිද්දිය කීවාද?”
ඇය අසරණ සරින් විමසයි.මම සිනාසුනෙමි.ඇය අර පොත ලාච්චුවෙහි ලූවාය.
”ඒ දේවල් වල කියන්න තරම් දෙයක් නෑ මිස්...”
මගේ කතාවට ඇගේ බැල්ම තවත් අසරණ සෙයක් ගනු ලැබීය.
”හොදටම සනීප වෙනකO රෙස්ට් කරන්න...මම ලීව් දාල දෙන්නං...”
මොහොතක් නිහඩව සිටි ඇය එසේ කීවාය. නිරුත්සාහයෙන් මද සිනා නගා ගත් මම වෙනතකට හැරුනෙමි.මට නිවාඩු පවා දෙන්නට තරම් සහනුකම්පිත වී සිටින මේ යුවතිය ඒ දවස උන් හිතුවක්කාර වගාඩම්බරයෙන් පිරි යුවතියමද? මගේ සිනාවට කාරනා විමසනු වස් ඇස් යටින් මදෙස බලා ඕ තොලපිට පෙරලා බොරුවට රැුව්වාය.
”දන්නව මං”
”මොනවද මිස්”
”ඉන්නෙ තරහින් කියලා”
”නෑ...”
”නැත්තේ නෑ...ඒබව පේනවා...”
”ඒ කොහොමද?”
”කියන කතා වලින්...හැසිරෙන විදියෙන්...”
”මම මොකටද මිස් එක්ක තරහ වෙන්නේ...? අනිත්තෙක මිස් කවුද? අපි මොනා බෙදා ගන්නද?”
”බෙදාගන්න මුකුත්ම නැද්ද?”
ඇය හිටි ගමන් කියන අපබ‍්‍රංස මට හරිහැටි වැටහෙන්නේ නැත. රවුම් ඇස් යටින් බලා ඇය කතා බහ කරන්නේ හැ`ගුම් බරවය. ඇගේ හැම ඉරියව්වකම වන සො`දුරු චමත්කාරය මියුරු කුසුමක් වාගේය. මැවුම්කරු ඈ අරුම යුවතියක් කළ හැටි...!!!
ඇගේ දුරකතනය යලිත් හ`ඩයි. නැවත ඈ කළබල වෙයි. සැහැල්ලුව පලායයි. සියල්ල වෙනස් වෙයි. දුරකතන තිරය දෙස බලාගෙන උන් ඈ එවර ඇමතුම කණට ලංකර ගත්තාය.
”කියන්න”
”........................”
”මට බෑ...”
”..........................”
”ඔයා කැමති වුණාට ඔය ෂෙරිල්ලාගේ කල්චර් එකට මම කැමති නෑ...මට බෑ”
”.....................................”
”දැන් ඉන්නේ එළියේ....”
”................”
”ෆාමසි එකේ... ටිකක් වෙලා යයි...”
”....................................................................................................................................................................................................................................................................................................................”
”අනේ රන්දික අයියේ...ඔයා කැමති විදියකට හිතාගන්න.ඒත් මගේ නිදහස නැති කරන්න එපා.මොකද ඔයාම දන්නවා මම ඒ නිදහස වැරදියට ගන්නේ නෑ කියලා.කෙල්ලෙක්ට වුණත් ඉවසන්න සීමාවක් තියෙනවා අයියේ...”
යුවතිය සෙමින් නමුත් තදින් කතා කරන්නේ රන්දික සමගය. ඇමතුමේ එහා ඉම උන්නේ පෙරදින මා වියරු ලෙස පෙලූ ප්‍රෝටීන් පර්වතයය. කුමක් නමුත් ඕ ඉන්නේ එක්තරා ගැටලුවකය. යලිත් අලුත් වූ කදුලකින් ඇගේ දෙනුවන් නලියයි.එක දිගට බර සුසුමක් හෙලූ යුවතිය දෙතොල විකාගෙන හදවතේ බර සැහැල්ලු කර ගන්නට තද අරගලයක යෙදුනාය. තරහක්ද,වේදනාවක්ද,දුකක්ද කියා නිනව්වක් නැති හැ`ගීම් කන්දක් ඇගේ මුහුණේ විණි.ප‍්‍රශ්නය කුමක්දැයි කියා අසන්නට කිහිපවිටක්ම මට සිතුනද ඔවුන්ගේ පෞද්ගලික ගැටලු ගැන මට විමසන්නට ඇති අයිතිය කුමක් දැයි සිතා මා නිහඩ වීමි.
”මම... යන්නද ලිහිණි.....?”
නිහඩ බව බි`දිමින් ඇය ඇසුවාය. ඒ හඩ වේදනාබරය.අතිශය වේදනාබරය. මම නිහඩව ඈ දෙස බලා උනිමි.වචන අහිමිව මා නොසන්සුන්ය.ඈ යන්නට හැරුණාය.
”ආවාට ගොඩක් ස්තූතියි මිස්...”
පිටුපා යන යුවතිය මගේ හඩට යලි හැරී බැලුවාය.සන්තාපයට යටින් හීන් ම`ද සිනාවක් පිපුණි.හිතුවක්කාර යුවතිය නැවත මාවෙත පය තිබ්බාය.
”ෆෝන් එක වැඩ නේද?”
”ඔව් මිස්...”
”? වෙලා ගත්තට කමක් නැද්ද?”
මම විමතියෙනි. මේ කතා කරන්නේ අර ස්නේහාමද?
”ගන්න එපාද?”
පෙරලා පිළිතුරු දෙන්නට මවෙතින් වූ පමාව හේතුවෙන් ඇය නෝක්කාඩු බැල්මෙන් ඇසුවාය. විටෙක දැඩි ආඩම්බර කමකුත්-එසැනින්ම දැඩි අවිහිංසක බවකුත් ඇතුල වෙයි.
”මිස්ට කරදරයක් නැත්නං ගන්න...ගත්තා නොගත්තා කියලා අහිතක් නෑ මිස්...”
මගේ කතාවට ඇගේ මුහුණ බෙරි විය.මටත් කටපියාගෙන ඉන්නට බැරි හැටි!
”පණ්ඩිතකම විතරක්...”
එහෙම මිමිණූ ඇය ”යන්නං...” කියා මද සැහැල්ලුවකින් නිසා නික්මිණ. කහපාට වැනි අව්වට බට ඕ අරලිය පදුර යටවූ වාහනයට නැ`ගුනාය.ගේට්ටුවෙන් පිටතට ගොස් මාර්ගයේ වාහන අතරට එක්වූ සුදු පාට මෝටර් රථය නොපෙනී ගියේය.
රැුකියා ස්ථානයෙන් බොහෝ දුරකතන ඇමතුම් ලැබිණි. වැඩට නාව කාරණය විමසූ ඔවුන් ඉක්මනින් පෙරලා පැමිණෙන ලෙස දැන්වුවා. සිදු වූ කිසිවක් නොකියන්නටත් උණ රෝගය වැළදී සිටින බවත් දැන් තරමක් සනීප බවත් පැවසීමි.
රට පුරා ඩෙංගු රෝගය පවතින බවත් හැකිතරම් ප‍්‍රවේසම් වන ලෙසත් ඉක්මනින් වෛද්‍ය ප‍්‍රතිකාර ගන්නා ලෙසත් ඔවුන් මට කී අතර බෝහෝ වැඩ ඇති හෙයින් සුවපත් වී ඉක්මනින් පැමිණෙන ලෙසත් වැඩිදුරටත් කීය.
? තදින් කඩින්කඩ වැසි වැටිණි...අකුණු නැතත් වැටුණු වැස්ස දැඩිය.මැදියම එලැබෙද්දී අනෝරාවේ ඉවරයක් නැත. ඒ හෝරාවේ දුරකතනයට පණිවිඩයක් ලැබිණි. ඒ ඇයගෙනි.
”අහසට මෙච්චර වතුර කොහෙන්ද?”
කිසිවක් සටහන්කොට පෙරලා පණිවිඩයක් යවන්නට හිතන්නවත් පෙර දෙවන පණිවිඩය ද ලැබිණි.
”හවස අත ඇල්ලුවේ හිතලා නෙවේ හොදේ.”
ඇයට එක අතකට පිස්සුය.එවැන්නේම විකාරය.ඒවා මම නොහිතන දේවල්ය.ඇගේ පණිවිඩ දෙකටම මා එකවර පිළිතුරක් යැවීමි.
”අහසට ඒ හැටි වතුර ආවේ පොළවෙන්...අත අල්ලපු එක හිතට බරක් කර ගන්න එපා... ”
විනාඩියක් දෙකක් ගෙවිණි.තෙවන පණිවිඩය ලැබිණි.
”ඔයාගේ මේස ලාච්චුවේ තියෙන පොත අරගන්න.ඒකෙ පොඩි දෙයක් තියෙනවා.වරදවා නොහිතා ගන්න හොෙ`ද්...”
මම උඩ බිම බැලීමි.සිත සැලෙමින් කම්පිත විණි.ලාච්චුව විවර කොට පොත අතට ගතිමි...මට කිසිවක් අදහාගත නොහැක.ඇය පුදුම යුවතියකි.




ස්ටූලය මත තිබූ ' තාරකාවෙන් පාර අහගෙන ' පොත අතට ගෙන මම කඩිමුඩියේ පිටු පෙරලා බැලීමි. පොත් පිටු අතර වූ නිලට හුරු චෙක් පත දුටු මම විමතියෙන් තැති ගතිමි. රුපියල් තිස් දහසක මුදලක සදහන් කොට රැගෙන එන්නාට මාරු කොට මුදල් ලබා ගත හැකි පරිදි ලියා තිබූ චෙක් පත කොයි මොහොතක ඇය පොත ඇතුලට දැම්මාදැයි මට සිතා ගන්නටවත් නොහැක. මසිත හටගත් සිතුවිල්ල කෙබදු එකක්දැයි නිරවුල් නැතත් මේ අනප
ේක්ෂිත සිදුවීම අපැහැදිලි හැගීම් සහ සිතුවිලි රැසකින් මා කලඹනු ලැබීය.
පෙරදා මා හට සිදුවූ හානියට වන්දි ගෙවීමක්ද? එසේ නැතිනම් සිතේ උපන් අනුකම්පාව මත කල උපකාරයක්ද? නොඑසේනම් පෙරදිනක ඇගේ දුරකතනයට සිදු වූ හානිය වෙනුවෙන් මා ගෙවූ මුදල පෙරළා සිව්ගුණයක් කොය ආපසු දීමක්ද?
ඒ කිසිවක් ගැන නිවැරදි හැගීමක් නැතිව මම චෙක්පත පොත මත තබාගෙන කල්පනා කලෙමි. විනාඩි දෙකක් හෝ තුනක් ඇතුලත තවත් කෙටිපණිවිඩයක් ඇගෙන් ලැබිණ.
' මං ගැන වැරදියට හිතන්න එපා. ඔය වන්දි ගෙවීමක් නෙවේ. හදිසියකට ගන්න. '
පුදුමාකාර යුවතිය මායාකාර වචන වැලක් ලියා එවා තිබුණි. මසිත පැටලෙමින් තිබූ ගැටළු වලට ඈ නිරවුල් පිලිතුරක් එවුවාය. එහෙත් මෙතරම් මුදලක් ......!
ඊට පිලිතුරු නොසොයා මා ඉන්නේ කොහොමද?
' මෙහෙම කරන්නේ ඇයි මිස්, ඇයි මේ චෙක් එකක් ' මම විමසා යැවීමි.
'අනේ පණ්ඩිතයෝ .... ආඩම්බරකම තියාගන්න. ඔය චෙක් එක මාරු කරගෙන ඕනි දේකට ගන්න ......'
එතැන් සිට හය හත් වතාවක් මගේ කෙටි පණිවිඩත් ඇගේ දිගු කෙටි පණිවිඩත් හුවමාරු විණි.
'ඒත් මේ සල්ලි මිස්ගේ'
'ඉතිං මොකද වෙන්නෙ ..... ඒවා ගන්න එක ඔය පණ්ඩිතයට ලැජ්ජාවක්ද? කොහොමත් ඔයාගෙ ආඩමිබරකම ඕණිවට වැඩියි'
'මම කියන්න ඕණි දේ මිස් කියනවා .......'
'ආ .... ඒ කියන්නෙ මමද ආඩම්බර .... එන්නකො ඔෆිස් එකට.... අල්ලගන්නං ඔය සේරටම .... අහන්නමයි හිටියෙ, බදුල්ලෙ ගෑණු ළමයා කතා කළාද?'
ඒ අහන්නේ ඕන නැති කතාවකි. ඇසින් දැක, කතාබහ කොට ඇති යුවතියක් ගැන අහන සරින් ඕ විමසයි. බොළද යුවතියගෙන් මා ඇසිය යුතු ප්ර ශ්න ඇය මෙසේ පෙරළා මගෙන් ඇසීමය විමතියට කරැණ. විටෙක මා කොහොත්ම නොහිතන තරම් සමීප කතාබහ ඇගේ කෙටි පණිවිඩවල වෙයි. පෞද්ගලික දෑ පිලිබදව කතාබහකට තරම් ඒ හැටි ලංව පවතින දැන හැදිනීමක් ස්නේහාත් මමත් අතර කොහෙක්ම නොවෙයි. එහෙත් ඒ වගක් ඇති ගානට ඈ අකුරු ගලපා මා වෙත එවයි.
'ඇයි රිප්ලයි නැත්තෙ, මම වරදක් කලාද?'
පිලිතුරක් යැවීමට මා වෙතින් වූ පමාව ඉවසිය නොහැකි තැන ඕ එකම ප්ර ශ්නය තුන් වතාවක් මා වෙත එව්වාය.
මගේ නිහඩබව තවදුරටත් දැරිය නොහැකි තැන කළ තවත් පණිවුඩයක් ලැබුණි. එය ගීතයක පද කිහිපයකි.

' මහ වැස්සක් බිමට හෙලා
නිදහස් වූ අහසක් සේ
ඔබ නිසොල්මනේ එපා
හිදින්න ..........
ඔබේ නිහඩබව මට බෑ
දරාන ඉන්න .......'
අරුමයකි. මේ අරුමෝසම් යුවතියට රසවින්දනයක්ද තිබේ. මම අන්තිමට තරමක් දිගු පිලිතුරක් ඇමිණුවෙමි.
' මිස් අහන්නෙම මම අහන්න හිතන ප්රටශ්න. මම ඒවා අහන්න පමා වෙන්නෙ ඒවා අහන්න මට තියන අයිතිය මගේ හදවත ප්ර ශ්න කරන නිසා. ඒත් මිස් ඒවා අහනවා. මිස් අහනවා ගෑණු ලමයා කතා කලාද කියලා. ඒ-ලෙවල් කරද්දිවත් කෙල්ලෙක් එක්ක වැඩිය කතාබහ නොකල මට දැනටත් කෙල්ලෙක් නෑ. ආදරයක් පටලවගෙන ජීවිතේ හොයන්න තරං සැහැල්ලු ලෝකයක් මගේ වටේ නෑ මිස්. ආදරේ කරන්න අයිතියක් තියෙන බව ඇත්ත. ඒත් ඊට වඩා මගේ පපුව ඇතුලේ යුතුකම් ටිකක් තියනවා. අද දවසෙ මම මගේ ජීවිතේම වෙන් කරන්නෙ ඒ යුතුකම් ටික ඉටුකරන්න. අනික කවුරු කොහොම කීවත් ආදරේ කියන්නෙ මට පූජාවක්. ඒකට පේවෙන්න බැරිනං වාවගෙන පැත්තකින් ඉන්න එක හොදයි '
දිගුම දිගු කෙටි පණිවිඩය ඇයට යවන්නට පෙර මා එය යලිත් කියවා බැලීමි. අන්තිමේදී 0724243300 දරණ ඇගේ අංකය තෝරා Send අයිකනය තද කලෙමි.
අනුචිත යමක් ඒ තුල වී නම් ඈ සිත පාරාගනු ඇත. උචිත යමක් වී නම් ඈ සැහැල්ලුවෙන් සිතනු ඇත. මා යම්තාක් හෝ වටහාගෙන සිටින්නේනම් ඈ උපේක්ෂාවෙන් සිතනු ඇත.
වැහිකෝඩය උත්සන්නය. ඇස්බැස්ටෝස් වහලයට වැටෙන වැහි තීරු වල හඩ එක දිගට උත්සන්න වෙයි.
පණිවිඩය ඈ ලද බව ඇගවෙන වාර්තාව ලැබිණි. Sent items තුල වූ ඇය වෙත යැවූ සටහන මා යලිදු කියවීමි. විනාඩියක් ගියේ නැත. ඈ මගේ දුරකතනයට ඇමතුමක් ගත්තාය. මම එය නොගෙන උන්නෙමි. එතැන් සිට තුන් වතාවක් ඈ ගත් අතර සිව්වැනි වතාවේ මම දුරකතනය කනට ලංකර ගත්තේ අවංක තිගැස්මකිනි.
'හෙලෝ මිස්'
කිසිවක් නොවුණු ගානට වෙනසක් නොපෙන්වා මා ඇමතීමි. මෙතෙක් වේලා හුන් යුවතිය මසිත කුහුල වැඩි කලේය.
'ඒ කීවෙ ඇත්තමද?' අන්තිමේදී ඇය හඩ විවර කලාය.
'මොනාද?'
'කෙල්ලෙක් නෑ කියල ....... ?'
'මිස්ට විශ්වාස නැද්ද?'
'ඇත්තම කියන්නද ?'
'හා .....'
'මට විශ්වාස නෑ ......!'
'මාව ....?'
'නෑ ... ඔයාගෙ කතාව'
'හේතුව ?'
'ඔයාට කෙල්ලෙක් නෑ කියල විශ්වාස නෑ'
'විශ්වාස කලත්, නොකලත් ඇත්ත ඒක'
'මට විශ්වාස කරන්න බැරි හේතු තියෙනවා'
'ඒ මොනවද?'
'ඔයා ලියලා තියෙන කවි .... ඔයා ලියන ස්ක්රිරප්ට් ..... ඒ සේරම ඇතුලෙ තියෙන්නෙ රොමෑන්ටික්. ඔයාගෙ බයෝ ඩේටා එක ලියල තියන බෝල අකුරු මුතු කැට වගේ. ඒවා ඔයාගෙ අකුරු නෙවේ. අනිවාර්යෙන්ම කෙල්ලෙක්ගෙ අකුරු ........ මම හරිද, වැරදිද? '
මම කරකවා - කරකවා අතෑරියාක් මෙන් විය. ගොයම් කොලයට මුවා වී මිනිසෙකු මැරූ කතාවේ නඩු තීන්දුවේ මෙන් කතාව පෙල ගැසී තිබේ.
'ඒ අකුරු කෙල්ලෙකුගෙද, නැද්ද?' ඈ යලිත් ඇසුවාය.
'ඔව්.... කෙල්ලෙක්ගෙ. ඒත් .... '
මම වෙන කුමක් කියන්නද?
'ඕකේ ... තෑන්ක්ස් ....... ' ඇය ඇමතුම විසන්ධි කලාය.
මම කලබලව ඇයට ගත්තෙමි. දුරකතනය විසන්ධි කොට ඇති වගට වූ පටිගත කල ඇමතුම වාදනය විය.
යලිත් ඇය මා හා අමනාප වූවාද?




දෙදිනක නේවාසික ප්රෙතිකාර අහවර මා යලිදු බෝඩිමට ආවෙමි. නිරන්තරව විරාජ් මා වෙනුවෙන් වෙහෙසුනු අතර ඔහුගේ කාලය පමණක් නොව, මුදල්ද වියපැහැදම් විය. ඔය අතරතුර ස්නේහා නිරන්තරව කෙටි පණිවිඩ එවන්නටත්, miss call දමන්නටත්, හිටිගමන් නිස්කාරනේ තරහ වෙන්නටත්, යලි ඇසිල්ලකින් සුහද වන්නටත් පටන් ගත්තාය. සිදුවන්නේත්, සිදුවන්නට පටන් ගෙන ඇත්තේත් මොනවාදැයි සත්තකින්ම මට නිශ්චිතව වැටහෙන්නේ නැත. 
ඈ එවන කෙටි පණිවිඩ දහයකට, දොලහකට එකක් ලෙස මා පිලිතුරු යැවීමි. ඒ මාගේ පණ්ඩිත මහන්තත්තකමක් සේ ඕ නිස්කාරණේ වරදවා තේරුම්ගෙන විනාඩි හයක් හතක්, උපරිම පැය කාලක් කිසිදු ශබ්දයක් නැතිව නිහඩවම සිටින්නීය. සිදුවනදේ කුමක් වුවත්, මේවා එතරම් සුලුපටු නොවන බග පමණක් හොදාකාරවම දන්නා මා ඇගේ සොදුරු කරදරය මැදිහත්ව දරා උන්නෙමි.
"හොදටම සනීපයි නේද ? "
"කවද්ද වැඩට එන්නෙ ? "
"මහ පාලුයි අප්පා ....."
"හිතවත් කමටවත් රිප්ලයි එකක් එවන්නවත් ඔයාට හිතක් පපුවක් නැද්ද ? "
"ඔයාට හිතෙනවද මජ සහ නරක කෙල්ලෙක් කියල ? "
"ඇත්තම කියන්න, මාව කරදරයක්ද ? "
ඕ එවන සියල්ල කියවා මා හිරිවැටුණු මිනිසකු සේ නිහඩවම උනිමි. විටෙක ලැබෙන පණිවිඩ නාසය කිතිකවාලන ඒවාය.
" ඔබේ සිනා ලග නෙත නැවතුනදා
ඔබේ කතා ලග සිත නැවතුනදා
ප්රේකමය හැදින්නෙමී ......
මේ ලෝ තලයේ ...... "
මන්දාකිණි පිපෙන පාන්දර එකහමාරට පමණ ඕ එවැනි පද වැලක් එවා තිබිණි. ලය කිලිපොලා ගියේය.
"මොකක්ද බං පාන්දරත් ඔය මගුල අඩන්නෙ, ඉදිආප්ප තම්බන කවුරුවත්ද ?"
දුරකතනයේ නාදය අසා ඇහැරුණු විරාජ් කෙදිරුවේය. මම නිහඩව ගොලුවකු මෙන් උන්නෙමි.
"මොකක්හරි දුක් සීන් එකක් පටන් ගන්න වගේ. බලමුකො, අපටත් මීටර් වෙයිනෙ" විරාජ් නිදිමතේ දොඩවයි. මම දුරකතනය වසා කොට්ටය යටින් දැමීමි.
* * * * * * * * * * * * * * * *
තෙදිනකට පසු කාර්යාලයට යන විට එය අතිශය කාර්යබහුල වී තිබිණි. අලුතෙන් ලැබෙන දැන්වීම් ප්ර මාණය කෙමෙන් වැඩිවන්නට පටන් ගත්තේය. මවිසින් ලියන ලද බොහොමයක් දැන්වීම් ගණුදෙනුකරුවන්ගේ සිත්ගත් අතර ඒ හරහා විශාල දැන්වීම් ප්රනමාණයක් ආයතනයට ලැබිණි. උපේන්ද්ර් සර් ඒ පිලිබදව බෙහෙවින්ම තුටු පහටු සිත් ඇතිව උන්නේය. රාජ්යන හා පෞද්ගලික ආයතනයන්ගේ දැන්වීම් රැසක් හේතුවෙන් සිල්වර් ක්රිබයේෂන්ස් ආයතනය කෙමෙන් දැන්වීම්කරණ ක්ෂේත්රරයේ දැවැන්තයෙකු සේ හිස ඔසවන්නට පටන් ගෙන ඇත.
උදේ 10.30 ට පමණ ස්නේහා මිස් කාර්යාලයට ආවේ කොපිරයිටින් අංශය හරහායි. පරිගනක තිරයට නැඹුරුව යමක් සකසමින් සිටි මා, ඇය දුටුවේ මා අසලින්ම මාව පසුකොට යද්දීය. වරලස නිදහස්ව මුදා හැර, ලා ගුරු පාට ටී ෂර්ටයක් ද හැදගෙන, නිල් ඩෙනිම් කලිසමකින්ද සැරසී සිටි ඕ වෙතින් දගකාර ලදැරියකගේ සේයාව දිස්විණි.
"ඇහැක් කළ පිනක් ....." , කවදත් කටට ආ දෙයක් කියා දමන ගයාන් මිමිණුවේය.
මම කිසිවක් නොඇසුණු ගානට කරමින් සිටි වැඩේට ඇස යොමු කළෙමි. හුරුබුහුටි වීදුරු කාමරයේ යාන්තමට මෑත් වූ තිර රෙදි කඩක ඉඩකඩින් ස්නේහාගේ මුහුණ අදත් දිස්වේ. ඈ ලැප්ටොප් පරිගනකය ක්රිනයාත්මක කරගෙන හෙඩ් ෆෝන් එක දෙසවන රදවා ගත්තීය. හැමදාම ඇය කරන්නේ ඕකය. ඉන්තොර බරපතල වැඩක් ඔය කාර්යාල කාමරයේ සිට ඇය කරන වගක් මා දැක නැත. පැය ාගයකට පමණ පසු මගේ දුරකතනයට පණිවිඩයක් ලැබිණි.
"Good Morning කියන්නවත් බැරිද, මොනාද ඔය හැටි කරන්නෙ? "
මම ගැස්සී අර තිර රෙදි අතරින් ඇය දෙස බැලුවේ නිතැතින්මය. එක එල්ලේ යුවතියගේ ඇස් මවෙත යොමුවී තිබිණි. දුරකතනය පසෙකින් තබා ආපසු මා පරිගනක තිරය වෙත යොමු වීමි.
"Facebook ඉන්නව නේද, request එකක් දාන්න, Sneha Dedunupitiya. මේ දැන් ........"
මට නිදහසක් නොදෙන ඇගේ ඊළග නියෝගය එයයි. මෙය ඇයට සෙල්ලමකි. එහෙත් මට ලෙල්ලමකි.
පණිවිඩය කියවා දුරකතනය පසෙකින් තැබූ මා නැවතත් එය ගෙන,
"මේ වැඩේ ඉක්මනට ඉවර කරන්න ඕන. මට පැය භාගයක් දෙන්න මිස්. මම ෆේස්බුක් නෑ", යනුවෙන් ලියා කඩිමුඩියේ එම පණිවිඩය Send කළෙමි.
කුමක්දෝ සැකයක සේයාවක් මසිත හටගත් නිසාවෙන් ක්ෂණිකවම නැවත දුරකතනය දෙස බැලීමි. උගුරකට වේලී සර්වාංගයම හිරි වැටී හිස කැරකෙන්නට තරම් මා තිගැස්සුණෙමි. සිදු වූ දෙයක තරම.... පණිවිඩය ගොස් තිබුණේ උපේන්ද්රහ සර්ගේ නමටය. වායුසමීකරණය කල, අයිස් වැනි කාමරය තුල පවා මගේ සියොලග දාහය දැනෙන්නට විය.
"ලිහිණි සර්ට මිස් කතා කරනවා ..." , කාර්යාලයේ සේවකයෙකු වන තිලක් යුහුසුලුව විත් මට කීවේය.
යාබද අසුන්වල සියළුදෙනා හිස් ඔසවා මදෙස බලා සිටී. මම ගිනිගොඩක දැවෙද්දී පවා ඇය කරන විකාරවල ඉවරයක් නැත. එහෙත් නිල වශයෙන්ම ස්වාමි දියණියගේ නියෝගයට අභියෝග කරන්නට මට වරම් නැත. මා ඇගේ කාර්යාල කාමරයට ගියෙමි. ඇය හෙඩ් ෆෝනය ගලවා ගෙලෙහි රදවා ගත්තාය. එක එල්ලේ බොර පාට රවුම් ඇස් මවෙතට හෙලුවාය.
"මොන සිහියකින්ද ඉන්නෙ?"
"ඇයි මිස්?"
"මට කියන්න ඕන ඒවා අයියට කියන්නෙ අසිහියෙන් නිසා නෙවෙයිද?"
දැන් නම් හිස උස්සන්නට ඉඩක් නැත. උපේන්ද්රව සර් සියල්ල ඇයට කියා ඇත. මම නිරුත්තර වීමි.
"කෙල්ලො දිහා බල බල , කෙල්ලො ගැන හිත හිත, මල් කඩ කඩ හිටියෙ හොද සිහියෙන් නෙමෙයි කියල හොදටම පෙනුණා"
මට කතා කරන්නට දෙයක් නැත......
"වෙලාවට ෆෝන් එක මා ලග තිබුණෙ .... "
ඇය එසේ කියද්දී මට දැනුණ සැහැල්ලුව නිමිහිම් නොවේ. මම සැනසුම ලද ගානට හුස්මක් ගත්තෙමි.
"ඒත් මං මේක අයියට දෙනවා .... " ස්නේහා තරවටුවක ස්වරයෙන් කීවාය.
"මිස්ට පිස්සුද ? "
"එහෙනං දැන්ම ඔය පණ්ඩිතකම අඩුකර ගන්න. වෙන අයට දාන ලොකු ලයින් මට දාන්න එපා හොදද ..."
මම සිනාසුණෙමි. අර බෝල ඇස් හිතුවක්කාර සිගිති දැරියකගේ වගේය ......
"දැන්නං හිනාවෙනවා. කරන්නෙම මෝඩ වැඩ. යන්න යන්න, සේරම ඇස් මේකට දාගෙන ඉන්නෙ ...., හැබැයි , ලොකු ලයින් බෑ ..... හරිද ....."
මම නැගිට්ටෙමි. බර හුස්ම ඇයට දැණිනි.
"මේ .... please මට request එකක් දාන්නකො. හැම තැනම ඔයාගෙ නම පීරුවා. ඒත් හොයාගන්න නෑ ....."
ඇය සිහින් සරින් තෙපලාය. මම සිනාසී පිටතට ආවෙමි.





කිසිවක් හෝ කිසිවෙක් මායිම් නොකරමින් මා උදෙසා ස්නේහා කරනු ලබන විවිධාකාර පැවතුම් මා අපමණ නොසන්සුන් බවටත් විටෙක අපහසුතාවයටත් පත් කරනු ලැබීය. ඒ ඇවතුම් හා පැවතුම් වලට අනුගත වීම මට එතරම් පහසු නොවිණි.කාර්යාලයේ සිටින බෝහෝ දෙනා දැන හෝ නොදැන ඈ කෙරෙහිත් මා කෙරෙහිත් විවිධ හැ`ගීම් ඇති කොට ගෙන සිටින වගක් මට අනියතව දැනේ. ඔවුන් අපවෙත වැරදිකාර ඇස් යොමතැයි මා බියපත්ව උන්නෙමි. වීදුරු කවුලුව
ෙන් එපිට කාර්යාල කාමරය තුළ ස්නේහා මා දෙසම බැලුම් ලා ගෙන හිදින්නීය. එය කෙලවරක් නොවන මානසික කරදරයක් විනි. හිස මෑත් කොට එසවූ සැනින් මවෙත යොමු වන ඇගේ සො`දුරු ඇස් මසිත කඩා බිද දමයි. රැකියාව මට මගේ ජීවිතය වග ඇය දන්නේ නැත. වගකීම් කන්දක් උර මත දරාගෙන මා ජීවිතය සොයන වග ඈ දන්නේ නැත. කොටින්ම ලියන කියන අතත් ඊට අනුබල දෙන හිතත් ඇරුණූ කොට මා සන්තක අන් යමක් නැතිවග ඕ දන්නේ නැත. සියල්ල සරලසුගම ලෙස පෙරළාගෙන සමනළ සිතුවිලි මතම සරණ ස්නේහාට මෙන් සැනසිලිදායක සහනයක් අපට නැත.
මේ වගක් නොදන්නා අය මට වගේ පාඩුවේ වැඩක්පලක් කරන්නට ඉඩ කඩක් දෙන්නේම නැත.ඇගේ අපරික්ෂාකාරී සෙල්ලක්කාරකම් නිසා අසරණ වන්නේ මමය. හිටිගමන් හේතුවක් ඇතිව හෝ නැතිව ඇය මට ඇමතුම් ගැනීමත්-කාර්යාලයට කතා කිරීමත් සෙස්සන්ගේ වැරදි සිතුවිල්ලකට පාර කපතැයි මා සැලමින් උන්නෙමි.සිය සොයුරා අබියස පමණක් කීකරු සිටින්නීය.සෙස්සන් අබියස හිතුවක්කාරියක සේම හැසිරෙයි.
ටිකෙන් ටික මොහොතින් මොහොත ස්නේහා මා හා වඩ වඩාත් සමීප වන්නට පටන් ගත්තාය.ඇයටම සුවිශේෂි ඇවතුම් පැවතුම් රටාවක් තුලින් ඈ මා හා මානසික ගනුදෙනුව සිදු කළාය.
කලාතුරකින් මම ලොග් වෙන ෆේස් බුක් ගිනුම විවර කොට ගෙන ඉහළ පරීක‍ෂා රාමුවේ —සිනේහා දේදුනුපිටිය˜ යැයි නම සටහන් කොට පරීක‍ෂා කළෙමි.එනමින්ම වෙනත් කිසිදු ගිණූමක් නොවූ අතර තිබුණේ එකම එක ගිණුමකි. හදුනාගැනීමේ ඡායාරූපය ලෙෂ තිබුණේ ඕලු මලකි.මම මිතුරු ඇරඹූමක් තබා මොහොතක් ඉක්ම ගියේ නැත ඇය පෙරලා මගේ ඇරයුම තහවුරු කළාය.ඕ නිරන්තර ෆෙAස්බුක් සැරිසරන්නියක්ද? මෙතෙක් දිස් නොවූ ඇගේ තොරතුරු මට දැකගත හැකි විනි. විසිහයක් පමණ වූ ඡායාරූප ඇල්බම් එකින් එක පෙරලා බලන්නට මට නොසිතුනාම නොවේ.පාසැල් අවදියේ උසස් පෙළ පන්තියේ හිදින විට ගත් ඡායාරූප ඇල්බමය මුලින් මා බැලීමි. ඉතාම හුරුබුහුටි පෙනුමකින් ඕ ඒවාගෙහි පෙනී උන්නාය. වරක් —අනුලා කුමරිය˜ ලෙස කිරු`ඵ දැරූ දිනක ගනු ලැබූ ඡායාරූප කිහිපයක්ද විවාද කණ්ඩායමේ සිටියදී ගත් ඡායාරූප කිහිපයක්ද ඒ අතර විනි.
—තෑන්ක්ස්....˜ ෆේස්බුක් කෙටිපණීවිඩය ඇගෙනි.
එතැන් පටන් ඕ අනේක විද දෑ වලින් චැට්රූම් එක පිරවූවාය. මොහොතක් පාසා ඈ එවන විවිධාකාර වදන්ද,ඇවටිලිද,නෝක්කාඩුද,ගතුකීම් වලද ඉවරයක් නොවිනි. ඉන්පසුවත් නොමනාතරමට වැඩ කන්දරාවක් ගොඩ ගැසී සිටින හෙයින් ඈ එවන දෑ ගැන වැඩිපුර තැකීමක් කරන්නට මට අවසරයක් නොවිනි. අනෙක් අතට ඕනෑවට වඩා ඇයි හොදයිකම් පාන්නට ගොස් අලුතින් ගිනි ගොඩක් අවුලුවාලන්නට මට අවැසි නොවිණි.ස්නේහා පාන ස්නේහාවන්ත කම මොන ආකාරයක එකක් දැයි නිවැරදිව නොවැටහිනිද මම වඩා ප්‍රවේශම් සහගතව කටයුතු කරන්නට ඉටා ගතිමි. අවධාරණය කොට කිව යුත්තක් තිබේ.ස්නේහා වනාහී ඕණෑම ඉලන්දාරි සිතක් පැහැර ගත හැකි සොදුරු යුවතියකි. ඇගේ හුරුබුහුටි ඇවතුම් පැවතුම් සහ කෝල මදහස අපූර්ව චමත්කාරයකි. ඒ අභියස කඩා හැලෙන පිරිමි සිතක් සිටිය හැකි නොවේ. දිව්රා කියමි....මසිතද සසැලුනු වාර අනන්තය.කැලබුනු වාර අපමණය... එහෙත්... සියල්ල දරාගෙන-නොසැලී ඉන්නට මා අපමණ වෙහෙසක් ගතිමි.
—බේබි ෂෙරමි ඇඩ් එකක් ඇවිත් තියෙනවා...ටිකකට එන්න...˜
ශවස් වරුවේ ස්නේහා හදිසියේම මට කතා කළාය.බැහැර කළ නොහැකි ඉල්ලීමට අනුගතව මම ඇගේ වීදුරු කාමරයට ගියෙමි. කිරිකැටි බිළුදු නොදරුවන් කිහිප දෙනෙකුගේ ඡායාරූප රැසක් මේසය මත තබාගෙන ඕ ඒවා ඒ මේ අත පෙරලමින් වි`දියි.
—ඇඩ් එකට පුජචි නලුවා සිලෙක්ට් කරන්න කතා කළේ. හෙල්ප් එකක් දෙන්නකෝ... ˜
එය මට අයිති කාර්යයක් නොවෙතත් මම ඡායාරූප එකින් එක බැලීමි. මල් පෙතිවන් සමනළ පැටවුන් සියලු දෙනාම පාහේ සුන්දරය.
—එක්කෙනෙක් සිලෙක්ට් කරන්කෝ...˜
නැවත වරක් ඡායාරූප කිහිපය දෙස බැලූ මම එක ඡායාරූපයක් මත ඇගිල්ල තැබීමි....ුයුවතියගේ දෑස් විසල් විණි... ඉමිහිරි සිනාවකින්ද විමතියෙන්ද බරව ඈ මදෙස බැලුවාය.
—වා...ව්...මමත් සිලෙක්ට් කළේ ඒ බබාමයි.˜
ඇය මා පෙන්වූ ඡායාරූපය අනෙක් පස හරවා පෙන්වූවාය. එහි තරු සලකුනක් තබා තිබිණි. මගේ සිතද විනිවිද සියුම් සතුටක් මෝදු විණි.
තෝරාගත් ඡායාරූපය පසෙකට කොට සෙසු ඡායාරූප ලාච්චුවට දැමූ ඕ අලුත් හුස්මක් ගත්තාය. අනතුරුව මදෙස බැලුවාය.

මතු සම්බන්ධයි




—මට කියන්න....˜
—මොනාද මිස්....˜
—ඇයි මාව මග අරින්නේ?˜
—එහෙම දෙයක් නෑ මිස්...˜
—නැත්තේ මොකෝ... කොයි වෙලාවෙ බැලුවත් ලෝකේ තියෙන සේරම වැඩ කරන ගානට ඉන්නේ.කෝල් කලාට ගන්නේ නෑ.මැසේජ් එකට රිප්ලයි නෑ. කතා කළාට එන්නේ නෑ. ඇයි එහෙම කරන්නේ...˜
යුවතිය දෑස සිහින් කොට ගෙන විමසයි. පුදුමාකාර අවිහිංසක සේයාවක් ඒ මුහුණේ වෙයි.
—එහෙම දෙයක් නෑ මිස්...˜
මගේ පිළිතුර දුර්වල එකකි.
—නැත්තේ නෑ... මගේ් අතින් වැරදි වුණා තමයි. ගොඩක් වැරදි වූණා. දෙයියනේ මම සමාව ගත්තනේ ... ඔෆිස් එකේ හැමෝම එක්ක විහුලු කරනවා.කතාබහ කරනවා.ඒත් මාත්තෙක්ක විතරක් ඇයි මේ ලොකු ලයින්... ˜
ඇගේ හ`ඩ හැ`ගුම්බරය. මුහුණ මැලවුණු මලක් ගානය. තෙරක් නැතිව සිතුවිලි දාමයක මම නිරුත්තර වීමි.
කාර්යාල කාමරයේ වූ මද නිහැ`ඩියාව මකනුයේ දීපිකාගේ ලයාන්විත ගී හඩයි... මම හඩ විවර කළෙමි.
—මිස්...මේ අහන්න... වෙච්ච දේවල් පපුවෙ ලියාගෙන ඒවත් එක්ක කේවල් කරන්න තරම් මම පහත් නෑ...එදා වගේම අදත් මම ඒක කියනවා.සමහර දේවල් මට හරිහැටි තේරෙන්නේ නෑ මිස්...හැමෝම එක්ක කරන විහිලු මිස් එක්ක කරන්න මට බෑ. මොකද ම්ස් මේ ඔෆිස් එකේ ඩිරෙක්ටර් කෙනෙක්.කොපිරයිටින් සෙක්ෂන් එකේ ඉන්න අයයි මිසුයි එක්ක එක විදියට කතාබහ කරන්න මට බෑ කියලා මිස් නොදන්නවා නොවේනේ... ˜
—ඒ තරම් බරක් ඔලුවට ගන්න තරම් හයියක් මට නෑ ලිහිණි. මමත් ආසයි සරළව ජීවත් වෙන්න.ඔයා ඔය කියන ඩිරෙක්ටර් පෝස්ට් එ කමට අයියා දුන්න එකක්... ඒ ලෙවල් රිසල්ට් එන්නත් කලින් එහෙම බරක් අයියා මට දුන්නේ බලෙන්.මම බිස්නස් වලට කැමති නෑ.මෙතන පොඩි වෙනසක් තියෙන නිසයි මම මේකට කැමති වුණේ.මාව තේරුම් ගන්න...ඉස්සර මම ඔෆිස් එකට ආවේ පුදුම අකමැත්තකින්.දැන් පුදුම ආසාවකින් මම එන්නේ-මං දන්නෑ ඒ ඇයි කියලා ඔයා හිතනවා ඇති මම මහා නරක කෙල්ලෙක් කියලා. මම හිතුවක්කාරයි කියලා අම්මා ඉස්සර කියනවා මට මතකයි. ඒත් මේ වෙනතෙක් මම නරක වැඩක් කරලා නෑ..ෆැෂන් එකට කොල්ලෝ එක්ක යාලුවෙන යාලුවෝ මට හිටියා. ඒත් අදටත් මම කිසිම කොල්ලෙක්ට ආදරේ කරල නෑ.ඔයා පිළිගත්තත් නැතත් ඇත්ත ඒකයි...මගේ ඇස් දෙක පල් ඇත්ත ඒකයි.එහෙම මට පණ්ඩිතකම් පෙන්නන්න එපා...˜
ඇයට ඉකිබිදින...මේසයේ වීදුරු ආවරණය මතට වැටුණු කදුලක් විසිරිණ.මම හැඩිව ගිය සිතින් යුතුව දෑස් දල්වා ගෙන උනිමි... අහිංසක ඉතා අහිංසක පෙනුමක් ඇගේ බැල්මෙහි වෙයි. මසිත ඇවිලෙනුයේ ඇගේ කදුළෙහි බරටය.ඇය කියන සියල්ල ඇත්තද නැත්තද මා දන්නේ නැත. එහෙත් බොරුවක් කියන්නට තරම් හේතුවක් ඇයට තිබිය හැකිද? ඇය කිසිම කොල්ලෙකුට ප්‍රේම නැත්නං රංදික ඇගේ කවුරුන්ද? මම සිතන්නට වීමි.
ඉතාම නිහ`ඩව විනාඩියකට ආසන්න කාලයක් ගෙවිණ. බො`දව ගිය දෑස ඇය සීරුවට පිස දැමුවාය. තවමත් තෙත නොවියැකුුණූ දෑසින් යුතුව ඇය සුසුමක් හෙලුවාය.හිටි අටියේ මට වම් පසින් තිබූ විදුරු දොර විවිර විය. අනවසරයෙන් ඇතුලට ආවේ රංදිකය.ස්නේහාගේ මුහුණ වෙනස් විය.
ඔහු අප දෙස මාරුවෙන් මාරුවට බැලුවේය.



කාර්යාල කාමරයට පිවිසි ඔහුට මා හදුනා ගන්නට තත්පර දෙකතුනක්ක් ගතවිය. තුනකින් පහදා කිව නොහැකි විලම්භීත හැ`ගීමෙන් මදෙස බැලූ ඔහු ස්නේහා දෙසට ඒ බැල්ම පහ කළේය.
—රන්දික අයියේ...˜
ස්නේහා වෙනසක් නොවන ගානට හැසිරෙන්නට තතනයි. මොහොතකට පෙර තෙත්ව ගිය දෙනෙත් තාමත් එහෙමමය. කලින් නොදන්වා කඩා වැදුනු සුනාමියක් සේ ආ රන්දික අප දෙහිත කලබා සසළ කරවාලීය. ඇගේ දෑසේ වන වෙනස රන්දිකට ප්‍රහෙලිකාවකි. ඒ කුහුලින් පපුව පුරවාගෙන
 ඔහු මදෙස බැලුවේය.
—එදා පාර බදු අරන් ආවේ තමුසේ නේද?˜
මානසික ආතතියේ පෙළෙමින් සිටින ඔහු දැඩි උද්දච්ච කමකින් හැසිරෙන්නකි. ඔහුට පිළිතුරු නොදී මා මේසය මත වූ මගේ හාෆ්ෂිට් කොළ කිහිපය පිළිවෙලක් කොට ගතිමි. සිදුවූ සුලු අත්වැරැද්දට මහ මගදී පහරදී රෝහල්ගත වන තැනට මිනිසෙක් පත් කරන්නට මේ තක්කඩියා අවසර දුන්නේ කවුදැයි කියා ඔහු ඔහුගෙන් අසා ගත යුතුය.
—මේ අලුතෙන් ගත්ත හාදයෙක්ද?˜
එවර ඔහු ප්‍රශ්න කරන්නේ ස්නේහාගෙනි.
—ඔව්... එහෙම කෙනෙක් තමා...˜ යැයි ඕනෑවට එපාවට කී ස්නේහා මට පිටවන ලෙස නෙතින් සන් කළාය. එහෙත් ඊට පෙර රන්දික කතා කළේය.
—ගම කොහෙද?˜
—බදුල්ල...
˜" බදුල්ල.....හ්ම්.."
මගේ ගම බදුල්ල වීම ඔහුට සිනාවට කාරනයක් වීය.
මෙවැනි දෑ අසන්නට ඔහුට ඇති අයිතිය මා දන්නේ නැත.අයිතියක් නැතිව මෙහෙම අහන්නේද නැත. ස්නේහාගේ මේසය කොනක ඉදගෙන මේසයේ වූ වීදුරු බෝලය කරකවමින් හේ මාව ප්‍රශ්න කරයි.
එක්ස්පීරියන්ස් තියෙනවද මේ ෆිල්ඩ් එකේ..?
—රන්දික අයියේ ඒ ළමයා ඉන්ටවීව් කරල අරන් තියෙන්නේ...˜
ස්නේහා මා වෙනුවෙන් ඉදිරිපත් වූවාය.
—උපේන්ද්‍රටත් පිස්සු... මම අර එවපු ඇන්ජලා කියන ගර්ල් මාර බ්‍රයිට් කේස් එකක්. මේ මනුස්සයා ඒ කෙල්ලව සිලෙක්ට් කරගෙන නෑනේ... ටෙටිවිෂන් එක තාමත් මැජික් වෙලා තියෙන බදුල්ල බණ්ඩාරවෙල ෆාමස්ලා දන්න ඇඩිවර්ටයිසිං˜
මිනිහෙක් උපන් රටට මෙන්ම ගමටද ආදරේය. රංදිකගේ උපහාස පිරි වචන ලය අවුලුවාලයි. මම පළමුවද ඉවසීමි.දෙවනු තෙවනුවද ඉවසීමි. රටක් ලෝකයක් දික්විජය කළේ ඔහු ඔය උපහාසයෙන් කටමැද දොඩවන ගමෙන් පැමිණි බයියලා වග මේ මානසික ත්‍රස්තවායා දන්නේ නැත.
තවදුරටත් මෙතන රැදී සිටීම අනවශ්‍ය ප්‍රශ්න රැසකට උඩගෙඩි දීමකි. මම කාමරයෙන් පිටතට ඒමට හැරුනෙමි...
—සුදු මොකෝ ඔයාගේ ඇස් රතු වෙලා...ආ...˜
මා දොරටුවෙන් මෙපිටට එනවිට රංදික ස්නේහාගෙන් අසනු මට ඇසුණි. මා අකාරුණිකයෙකු වී දැයි මා නොදන්නෙමි. මා සමග කතාවෙන් දෙනෙත් තෙත් කර ගත්තිය නොසලකා හැර මා පැමිණියා යැයි ඔබට සිතෙන්නට පිළිවන. එහෙත් මා අන් කුමක් කරන්නද? උද්දච්ච කමින් මිනිසෙකුගේ නොමනාකතා අසමින් තවදුරටත් දීනයකු සේ එතන රැදීසිටිනවාට ඔබ එක`ගද?
මම මගේ අසුනට ආවෙමි...හිතත්-හිසත් බර ගතියකින් මා තැවෙමින් උන්නෙමි. එකී තැවුල මට තැන්පත් සිතින් වැඩක් කරන්නට ඉඩ දුන්නේම නැත.තාමත් රන්දික ස්නේහාගේ කාර්යාලයේය. ඇය මට තේරෙන්නේම නැත. ස්නේහා යනු තවත් එක කොළොම්පුරයේ යුවතියක් පමණක් යැයි ඒ අතර මට සිතේ. කිසිදු කොල්ලෙකුට ආදරය නොකරන වගට ඕ මීට මිනිත්තු කිහිපයකට පෙර කීවාය.එසේනම් ඇගේ සකල විධ කරුණාවලට අතපොවන රන්දික කවුද? මේ තරම් ලොකු ර`ගපෑමක් යුවතියකට කළ හැකිද? සන්සුන් සිතින් වැඩ වැඩ කළ යුතු මසිත නොසන්සුන් කොටගෙන හින්නට මා පිය නොකරමි. එහෙත් කුමක් හෝ අහේතුවකට ස්නේහා මසිතට කරදරකාරී රිදවුමක් වී තිබේ. රන්දික තවමත් පිටව ගියේ නැත.ඔහු කවුද? ඔහුට ඇති බලට කුමක්ද? ස්නේහාත් ඔහුත් අතර වන ගණූදෙනුව කුමක්ද? ඔය සියල්ල මැද ඕ තවමත් පෙම්වතියක් නොවේයැයි කියන්නේ මොන පදනමකින්ද? මේවාට උත්තර මා දන්නේ නැත.
මට මදකට හෝ කාර්යාලයෙන් පිටවන්නට ඕනැ විය. නුගේගොඩ මහජන බැංකු ශාඛාවට ගොස් සුරාජ්ගේ රංදම උගසින් බේරා ගන්නට තීරණය කළ මම දෙවරක් නොසිතා පාරට බැස්සෙමි...
බැංකු ශාඛාවේ උගස්කවුන්ටරය අසළ පුටුවේ වාඩි සිටියදී ස්නේහා මට ඇමතුමක් ගත්තාය.
—ඔයා කොහෙද ඉන්නේ...?˜
—එළියේ...˜
—අයියා ඔයාව හොයනවා...ඉක්මනට එන්න.˜
—ඒ ඇයි?˜
—දන්නේ නැ...රන්දික කීවද දන්නෑ...˜
—මොනා කියන්නද?˜
—එයාට හේතුවක් ඕණි නෑනේ...ඔයා ඉක්මනට ඔෆිස් එකට එන්න...˜
ස්නේහා කලබලව සිටින ගානය. හේතුවකින් තොරව ඇය මේතරම් කලබල වන්නට විදිහක් නැත. මම උගස බේරා ගැනීම පසෙකට දමා කඩිමුඩියේ කාර්යාලයට ආවෙමි.
රන්දිකගේ මෝටර් රථය පිටව ගියේ මම ආයතනය තුළට පිවිසෙද්දීම වාගේය. කුමක් හෝ සිදුව පවතිතැයි යන කුහුල ඇතිව මම තරප්පු පෙළ නැග උපේන්ද්‍ර සර්ගේ කාමරයට ගියෙමි.ආයතනයේ නිර්මාණ අධ්‍යක‍ෂවරයා වන උපේන්ද්‍ර සර්ද කාමරයේ් උන්නේය.
මට අසුන් ගන්නා ලෙස කී උපේන්ද්‍ර සර් පුරුදු පරිදි ලිපිගොනුවක් අතට ගත්තේය. මම එක එල්ලේ ඔහු දෙස බැලීමි.
—ළිහිණීගේ ගම්පළාත බදුල්ල නේද?˜
ඔහු මවෙතින් විමසයි.
—ඔව් සර්... බදුල්ල. ඔහියේ...˜
—එහෙනම් පලාත හොදට දන්නවා ඇති...?˜
—සෑහෙන්න දන්නවා සර්... ˜
—ඒ හරියේ හොද ලොකේෂන් තියෙනවා නේද?˜
—ඔව් සර් බදුල්ලේ ගොඩක් ලස්සන ලොකේෂන් තියෙනවා...˜
ඹම උද්යෝගිමත්ව කීමි. බදුල්ල ඛෙහෙවින්ම මනස්කාන්ත පෙදෙසක් වග නොදන්නෙක් නොවේ. කදුකරයේ චමත්කාරයට ලංවූ තවත් පෙදෙසක් ලංකාවේ වේ නම් ඒ බදුල්ල වග නොරහසකි. උඩු කි`ද හා යටි කි`ද යනුවෙන් දෙකට ඛෙදා ඇති මේ ප්‍රදේශයේ පට්ටිපොළ,ඔහිය හපුතලේ,වැලිමඩ,ගුරුතලාව,අඹේවෙල,ඇට්ටම්පිට්ය වැනි කදුකර ස්ථාන උඩුකිදටත් බදුල්ල,පස්සර,ලුනුගල,දෙමෝදරඇල්ල,හාලි ඇල්ල,නාරංගල,ස්ප්‍රිම්වැල වැනි පහත් බිම් ප්‍රදේශ යටිකිදටත් වෙන්කොට තිබේ. මේ සියලු ස්ථාන සොබාදහමේ නොමද ආකශනීය පහසින් සොදුරු වී තිබේ. ඔහිය නගරයෙන් මදක් ඇතුලට වෙන්නට පිහිටි අපේ ගමට ලෝකාන්තය පෙනෙන නොපෙනෙන දුරිනි.
—ඒ පැත්තේ රුචිය කැමරා වලට අහුවුණ නැති ලොකේෂන් කීපයක් බලන්න ඕනි.පුලුවන්ද?˜
උපේන්ද්‍ර සර් විමසයි.
—පුලුවං සර්... ඇටැම්පිටිය,ගුරුතලාව,පට්ටිපොළ වගේ තැන්වල හො`ද ලොකේෂන් තියෙනවා.ඒ පැතිවලට වැඩිය කවුරුත් ගිහිං නෑ...˜
මම කීමි.
—ගුඩ්... ඔයා අනිද්දට එහෙ යන්න.ඕන නම් මම තව කවුරුහරිත් දෙන්නං... මේක ඉන්ටනැෂනල් ලෙවල් එකේ ඇඩ් එකක්.ඒ නිසා අපි ඛෙස්ට් ප්‍රඩක්ට් එකක් දෙන්න ඕණි...˜
මම අපමණ සතුටට පත් වීමි. මුලින් තිබූ තැති ගැන්ම හා කුහුල වියැකී ගොසිනි.ටික දිනක් කාර්යාලයෙන් බැහැරව හිදින්නට හැකිවීමත් ගම් ප්‍රදේශයටම යා ගත හැකි වීමත් පිළිබදව සතුටක් මසිත විනි.
කාර්යාලයෙන් පිටතට ආ සැනින් සිදුවූ දෑ මා ස්නේහාට කෙටි පණිවිඩයකින් දැනුම් දුනිමි. ඕ අමන්දානන්දයට පත්වූවාය.
—ඔහ්...නියමයිනේ..මාත් එන්නද?˜ ඇය පෙරලා මගෙන් විමසුවාය.
—ඒ මොකටද?˜
—එන්න එපාද?˜
—මිස්ට එන්න දෙන එකක් නෑ˜
—කොහොම හරි ආවොත් මොනාද දෙන්නේ?˜
—මොනා දෙන්නද? බදුල්ල පෙන්නන්නං...˜
—ඇත්තටමඑ ් පැත්ත ලස්සනද?˜
—ඔව්... ලස්සනයි.ඒකනේ ලොකේෂන් වලට ගන්නේ.˜
—අනේ..මාත් එන්නම්කෝ...˜
—පර්මිෂන් අරන් එන්න˜
—අයියා එන්න දෙන එකක් නෑ..ඒත් මං කොහොම හරි එනවා...˜
—අයිය එන්න දුන්නත්...උදේ ආව කෙනා එන්න දෙන එකක් නෑ මිස්...˜ මම කීවා නොව කියවින. ඈ තත්පර ගානකට නිහ`ඩ වූවාය.අනතුරුව ඇමතුම විසන්දි කළාය.මසිත තැවිනි.නොමනා යමක් කියවුනා යැයි මට සිතුනේ පසුවය.




සිතා මතා නොවෙතතත් මා වෙතින් පිටවූ වදන් වලට යුවතියගේ සිත පෑරුණූ ගානය. සො`දුරු මුහුණ නොමනාපයෙන් රතුකරගෙන පුලුටු කරගත් බැල්මත් මZවෙත හෙලූ යුවතිය කරබාගත්තාය. අනතුරුව පුටුවෙහි හරිබරි ගැසී පරිගණක තිරයට නැඹුරු වූවාය.පොඩි දේට සසළ වන එසැනින්ම නිසල වෙන සිත් යුවතියක් සතු යැයි පෙර මා නොදැන උන්නද ස්නේහා කෙරෙන් ඒ වග මා වටහා ගතිමි.තව දුරටත් එතන රැදී සිටින්නට තරම් සිතක් මා තුළ නොවිණි. මා නොමනාප සේයාවක් පෑ යුවතිය 
වෙතින් පිටමංව මම මගේ මේසය වෙත ආවෙමි. කරන්නට කියා විශේෂ වැඩක් නොවුනු හෙයින් මම කළේ පිළිගැනීමේ කවුන්ටරය අසළට විත් රංගිලා සම`ග කතා කිරීමය. මා හා ඛෙහෙවින්ම කුලුපහ යුවතියක් වන ඕ නාවල ප්‍රදේශයේ පදිංචිව හි`දින්නියකි.
ඇය විවාහක කතක් වන අතර ඇගේ සැමියා ප්‍රකට රක්ෂණ සමාගමක විකුණුම් නිලධාරියෙකු ලෙස කටයුතු කරන්නෙකි.—ළිහිණි මල්ලි˜ යැයි ඔි බොහෝ ලබැදිව මා හා කතාබස් කරයි.
—හෙට අපි දියතලාවේ යනවා ලොකේෂන් බලන්න.˜ මම කීවෙමි.
—වා..ව් ලස්සන පලාත මල්ලිලාගේ ගෙවල් එහෙ නේද?˜
—ඔව්... ඔව්...˜
—කවුද ආයේ යන්නේ...˜
—කවුරු දාලද දන්නේ නෑ...කවුරු හරි දෙන්නම් කියල සර් කිව්වා..˜
—කටටියම අවුට් ගිහිල්ලනෙ මල්ලී...ඔෆිස් එකේ කවුරුත් නෑ.සමහර විට ඔයා තනියම යවයි..˜ රංගිලා කීවාය.
—ඒකටනං අවුලක් නෑ.මම ඒ පැත්ත සෑහෙන්න දන්නවා...
—ගම්පළාත නොදන්නේ කවුද...නේද?˜
—එනකොට අපිටත් මොනව හරි ගෙනෙයි නේද?˜
ඇය අසනුයේ විහිලුවක සරිනි.
—මොනා ගේන්නද? එහෙ මල් නම් තියෙනවා.ඕනනං මල් කූඩයක් ගේන්නං˜
—ආ...නේ... ඇත්තටම ඒ පැත්ත මල් වලට ෆේමස් නේද? ˜
—නැතුව... නැතුව...එහෙ මිනිස්සුත් මම් වගේ තමා...˜
—ඒක වෙන්න ඇති ඉස්සර කලාතුරකින්වත් ඔෆිස් නාව සමහරු දැන් හැමදාම ඔෆිස් එන්නේ...˜ රංගිලාගේ ඒ කතාව මට වැටහුනේ තත්පර පහහයක් ගියාට පසුවය.
—ඒ කවුද... ඒ...˜ මම නොවැටහුණූ ගානට ඇසීමි.
—ඔයා බබා දන්නෙම නෑ...˜
—දැන ගන්න කියන්න එපාය...˜
—ඔය ස්නේහා මිස් ඉස්සර සතියකට දවස් දෙකයි ඔෆිස් එන්නේ... ඒත් පැය දෙක තුනයි වැඩිම වුනොත්ඉන්නේ...ඒකට දැන් සතිය පුරාම පිපෙනවනේ...නිකං නෙවේ සුවදත් හම හමා...˜
රංගිලා තාලයකට මුහුණ නලවමින් කියාගෙන යයි.
—ඔය වටෙන් වටෙන් ඔයා එන්නේ කොතෙන්ටද කියනවද?˜
එක්තරා තිගැස්මක් මZසිත ඉපැනදිි.එය මිහිරකට බර එහෙත් හිත සසැලෙන තිගැස්මකි. යමක් සිදු නොවීත් යමෙකුට ඉවක් වැටී ඇත්ද? ගැහැණූන්ට කොහොමත් ඉව තිබේ.රංගිලාගේ කතාව ගැන මා තරමක් සසැලුනේ එබැවිනි.
—වටෙන් පිටෙන් කොහොමටවත් එන්නේ නෑ...ඒත් සමහර දේවල් වලින් ලා..වට වගේ මොකක්දෝ වෙගෙව් යනව වගේ දැනෙනවා..˜
—විකාරද රංගි අක්කේ...˜ මම කිවේ අවංක බියකිනි.
—මල්ලී ි වැස්සයි අව්වය එකවර වැටෙන කොට අහසේ කොහේ හරි දේදුන්නක් පායනවා...පෝය කිට්ටු වෙනකොට ටික ටික හ`ද පිරෙන්න ගන්නවා... කල් ඇතිව ඒවා මේවා වෙනස් වෙනකොට පුංචි පුංචි හෝඩුවාවල් දැනෙන්න ගන්නවා හ`ද එළියේ පිපෙන මල් වලට කියන්නේ රෑක-මාරි කියලා.ළ`ගදි ඉදල ඒමල් පිපෙන ගතියක් පේන්න තියෙනවා.ඒකයි මම නොකියා කීවේ...˜ ඇය අතොරක් නැතිව කියවයි.ඇය හෝ මා කී දෙයකට අප දෙදෙනාම සිටින අතරතුර තරප්පු පෙළ බැසගෙන ස්නේහා පහළට ආවාය.උදේ නිදහස්ව ලාගෙන සිටි කැරලි ගැසුණූ කෙස් වැටිය ලිහිල්ව ගැටගසා කීකරු කොටගෙන බූල් පිරුණූ ඛෙයාර් පැටියෙකුගේ හැඩය ගත් පසුම්බියක් පමණක් ගෙන ඕ පිළිගැනීමේ කවුන්ටරය අසලට පිවිසියාය.
—මිස් එළියට යන්නද?˜ මා දෙස නොබැලූ යුවතියගෙන් එහෙම ඇහුවේ රංගිලාය.
—ඔව්... මම එන්න චුට්ටක් වෙලා යනවා... කවුරු හරි ඇහුවොත් කියන්න ෆෝන් එකේ බැට්ටි්‍ර බැහැල කියලා...˜ ඇය මාව මායිම් නොකර එහෙම කීවාය. ඇගේ වචන හිත කඩා වට්ටන තරම් විය. ඈ කෙහේ යනවාද? අනෙක ෆෝන් එකත් ඕෆ් කරගෙන. මගේ ලෙන්ගතු බැල්ම මායිම් කොනර මගහැරී යුවතිය වීදුරු දොර හැර පාරට බැස්සාය. ලොකු වෙහෙසක් දරා මෝටර් රථය ප්‍රධාන පාරට දමා ගත් ඇය නොපෙනී යනතුරුම මා බලා උන්නෙමි.
—මොකක් හරි අවුලක් වගේ...˜ රංගිලා විමසුම් ඇස් ඇතිව කීවාය. ස්නේහාගේ හැසිරීම වටහාගත නොහැකි මමද උන්නේ නොසන්සුන්වය.
—උදේ මොනා හරි උනාද?˜ රංගිලා මZවෙතින් විමසයි. මම —එහෙම මොකුත් වුනේ නැතැය˜ කීවෙමි.
—මේ කෙල්ල කොහෙද ගියේ?˜




ස්නේහා මා දෙසවත් නොබලන ගානට පිටමං වීම මටත් වඩා රංගිලාට විමතියට හේතු වූ සෙයකි.ඇගේ බැහැර යාම මZසිතද නොසන්සුන් කරවාලීය.ඇය ගියේ කොහේ කොතැනක කුමකට දැයි මZසිත ලසොවින් බරව විමසන්නට විය. රංගිලා විමසුම් දෑසින් මZදෙස බලා සිටිනුයේ කිසිවක් වටහා ග නොහැකි ගානටය. ඇගේ පිටව යාමටත් වඩා හිතට බරක් ගෙනෙනුයේ ඈ කියා ගිය දේය. දුරකථනයේ බැටරි බැස ඇති වග ඈ කිවෙි බොරුවටය. එහෙම කියා දුරකථනය ක්‍රියා විරහිත කරන්නේ මන්ද? පෙරළා න
ැවත එන විට තරමක් වෙලා ගත වන වග කීවෙි ඇයි? මා දෙසවත් නොබලා යන තරමට මZවෙතින් වූ වරද කුමක්ද? මෙිවා මට තේරුමි ගත නොහැකිවා මෙන්ම සිත නොසන්සුන්ද කරවාලයි.
—අද මිස් ටිකක් වෙනස්...කවදාවත් නැතිව මෙි වෙලාවෙි එළියට ගියේ ඇයි.. අනික ෆෝන් එකත් ඔිෆ් කරගෙන...˜
රංගිලා මටත් ඇසෙන පරිදි තමන්ටම වාගේ කියා ගත්තාය. මම රංගිලා වෙතින් මෑත්ව තරප්පු පෙළ නගින අතර ස්නේහාගේ දුුරකතනයට ගතිමි. එය කාර්ය බහුල ව`ග හ`ගවන පටිගත කළ ප්‍රකාශනය කියැවිණ. නිරවුල් නොවන නොසන්සුන් බව උත්සන්න වෙයි. කුමක්දැයි නිනවි නැති අමුතු සාංකාවක් වැනි යමක් සිත වෙලා ගනියි. හත් අට වතාවක්ම ඇයට ගන්නට වෑයමි කළද ඇගේ දිගු දුරකතන ඇමතුම හමාර නොවන ගානය. විනාඩි තුන හතරකට පසු නැවත ගන්නා විට අවාසනාවන්ත ලෙස දුරකතනය ක්‍රියාවිරහිත කොට දමා තිබිණී.
මම මගේ අසුනට බර වී මෙිසයේ ඇති ලිය කියවිලි පිරික්සන්නට පටන් ගත්තද එක සංසුන් අරමුණකින් වැඩක් කරන්නට සිත් දෙන්නේ නැත. කාර්යාලයේ හැමකෙක්ම සිය කටයුතුවල බරට යෙදී සිටින හෝරා කිහිපය මෙි වෙතත් මා උන්නේ දුරට ගිය සිත් ඇතිවය. කෙතරමි නැවුමි සහ ආශ්වාදනීය වෙතත් ස්නේහාගේ ඇතැමි ඇවතුමි පැවතුමි මට වටහා ගත හැකි නොවෙි. ඉතාම කුඩා හේතු සහ සිදුවීම් අබියස ඇය නොදරුවෙකු සේ ල`ද බොළද වන්නීය. වාත්තු කලාක් මෙන් සො`දුරු ඇත්දල පැහැ සුසුදු වතටත් නිතර හිනැහෙන නිල් ඇස්වලටත් යටින් සිටිනුයේ පොඩිදේට කලබල වන යුවතියක්ද?
අඩපැයක් පමණ මම නොසන්සුන්ව ඒ මෙි දෑ කුරුටු ගාමින් සිටියදී එකවරම ඇමතුමක් ලැබිණි. එය දුරකතන කුටියක අංකයකි.
—ළිහිණි... මම ˜ ඇමතුම ස්නේහාගෙනි.
—කොහෙද මිස් ඉන්නේ...මේ නමිබර් එක කොහෙද?˜ මම කලබලව උන්නා ද නොසන්සුන්ව උන්නා ද නොදනිමි.
—දැන් ඔිෆ් ටයිම් නේද?˜ ඇය අසයි.
—ඔවි...තව විනාඩි දහයයි මිස්...˜
—තව ඔෆිස් එකේද? ˜
—ඔවි මිස්...කොහෙද මෙි මිස් ඉන්නේ...?˜
—යා`ඵවෙක්ගේ ගෙදර විෙජ්රාමෙි...˜
—හදිසියේම ආවෙි..˜
—ඔවි අනූපාගේ ගෙදර..ඒක නෙවෙි මට ඔයාට කතා කරන්න ඔිණි..˜ එකවරම ස්නේහා එහෙම කීවාය. මම ඇදහිය නොහී පුදුම වීමි.
—ඉතිං ඔෆිස් එකේ හිටියනේ...මිස්නේ කතාවත් නොකර ආවෙි.˜ මම නෝක්කාඩු ස්වරයෙන් කීවෙමි.
—කතා කරන්නෙ කොහොමද? රංගිලා එක්ක කැකැරි පල පල හිටියනේ...˜
—බොරු හේතු කියන්න එපා මිස්...හිතාමතාම මග ඇරල ආවෙි මිස් නේද? මම ඇගේ සිත නොරිදෙන පරිදි කීවෙමි.˜
—හරි හරි මමනේ බොරු කියන්නේ...ඒ හින්දනෙ අපිව ගනං ගන්නෙවත් නැත්තේ..˜
ඇය කියන දේ මට වැටහෙන්නේ නැත.ඈ මායිමි නොකර හිටි වගක් මට මතක නැත. ඇය වෑයමි කරන්නේ ඊයමි බරු සේ හිත බර කරන වචන වලින් මා පෙළන්නටය. මම නිරුත්තරව හි`දින තරමට ඇය විසින් අදින සිතුවම සායමි කරන්නේ වැරදි පාට කූරු වලිනි.
—මිස්නේ ඔෆිස් එකේදී මාත් එක්ක අමනාප වුණේ මිස් හේතුවක් මම දන්නේ නෑ. ඇත්තටම මගේ ටෙිබල් එකට වෙලා ඉන්න හිත ඉඩ දුන්නෙ නැති නිසයි මම පහළට ආවෙි. රංගිලා එක්ක කදේ දාගෙන ඉන්න මට හේතුවක් නෑ. ෆෝන් එකත් ඔිෆ් කරගෙන මිස් එළියට ආවා.එන්න වෙලා යනවා කීවා.ඒ කිවිවෙත් රංගිල අතිං.මම හිතින් කලබල වුණා.කී වතාවක් මම මිස්ට ගත්තද? ෆෝන් එක බිසී. ඊට පස්සේ ඔිෆ්.කොහේ ගියාද? මොකටද ගියේ? ඒවා හොයන්න මට තියෙන අයිතිය මොකක්ද මිස්?˜
මා කියද්දී ඇය වචනයකින්වත් නොදොඩා කීකරු ළදැරියක් සේ නිසංසලව අසා වුන්නාය.
—ඒ මෙතන මෙයා අඩනවා... පිස්සුද ස්නේහා..මොකෝ මෙි˜
හීන් හඩින් ස්නේහා වෙත ලංව එහෙම මුමුණන යුවතියකගේ හ`ඩ ඇසිණි.මZසිත දැවිණි.
—යන්නකෝ අනූ˜ ස්නේහා කීවාය.
ඉක්බිති තත්පර දෙක තුනක නිහ`ඩ බවකි.
—ඇත්තටම අයිතියක් නැද්ද?˜ නිහැඩියාව බි`දිමින් සැලෙන හඩින් විමසුයේ ස්නේහාය. මෙි අහන ඒවාට මා කොහොම උත්තර බදින්නද? මේ හැ`ගුමි බර වචන පපුවට ටොන් ගානක බර එක්කරන වග ඇය නොදන්නේද?
—සමහර විට ඇති...ඒත් ඒක පැහැදිලි නෑ...˜ මම කීවෙි එවැන්නකි
—හෙට යනවා නේද?˜ ඇය අලුත් කතාබහකට බැස්සාය.
—ඔවි...˜
—තනියම?˜
—සමහරවිට...˜
—දවස් හතරකට නේද?˜
—හරියටම දවස් ගාන කීවෙි නෑ මිස්...˜
—ගමි පලාතටනෙ යන්නෙ නේද? පාලුවක් දැනෙන එකක් නෑ...˜ ඇය ඇනුමි පදයක තාලයට කීවාය.
—එහෙම විශේෂයක් නෑ මිස්.වෙලාවක් හදාගෙන අමිමව බලල එන්න තිබුණොත් පාලු නෑ. ඒ ඇරුනම පාලුවක් නොදැනෙන හේතුවක් නෑ.˜ මම කීවෙමි.
—ඇයි... අර බෝල අකුරු තියෙන...˜ ඇය කියන්නේ අඩකි. ඉතිරි අඩ මා සිතා ගත යුතුය. තවමත් ඒ අකුරු පටලවාගෙන හි`දියි. විටෙක හැ`ගුමි බරවත්-විටෙක ආඩමිබරවත්-තවත් විටෙක උපහාසයෙනුත් අනපේක්ෂිත අවස්ථාවල දයාබරවත් දොඩමලුකමිපාන මෙි යුවතිය තවම මට තේරෙන්නේ නැත.
—මට ඔයාව හමිබ වෙන්න ඔිණි...˜ ඇය යලිත් කීවාය. මට කියන්නට සිතෙන සහ හැෙ`ගන දේ ඇ යමට පෙර කියයි.
—කවද්ද මිස්...˜
—අද බැරිද?˜
—අද...˜
—ඔවි...˜
—මිස්ට පුලුවන්ද?˜
—මට පුලුවං... ඔයාට පුලුවංද කියන්නකෝ?˜
—පුලුවං...කොහේදිද හමිබ වෙන්නේ?˜
මෙි ඇසෙන දේවල් කලින් සැලසුමිකරගත් දෑ නොවෙි.බරක් පතලක් පිළිබද තැකීමක් නොකර ඔහේ සිත් අන්ධ වූ ගානට අපි වචන හුවමාරු කර ගතිමු.
—ඔයා ඔිෆ් වෙලා විෙජ්රාමෙි හන්දියට එන්න..මම එතෙන්ට එනවා..ඇය අන්තිමට කීවාය.˜
කතා කළ දේවල් කෙතරමි වගකීම් විරහිත දැයි මට දැනුනේ ඇමතුම හමාර කළාට පසුවය. ඇය හමුවන්නේ ඇයි? ඉර ගිලෙන හැන්දෑවක ඇය හමුවී කතාබස් කිරීමට ඇත්තේ මොනවාද? මෙි හමුවීමෙි කෙලවර කුමක්ද? අප හමුවූ වග ආයතනයේ කවුරුන්හෝ දැනගතහොත් ඇතිවන විනාශය කොතරමිද? ඔය කිසිවක් බැරෑරුමිව නොසිතා අපි හමුවන්නට තීන්දු කළෙමු. හමුවන්නේ ඇයි කියාවත් නොදැන අපි හමුවන්නට තීන්දු කළෙමු.





එක එල්ලේ කිව නොහැකි කුමක් දැයි නොවැටහෙන නුහුරු මිහිරියාවකින් සිත පිබිද තිබේ.හවස එළඛෙන ආගන්තුක හමුව පිළිබද මා උන්නේ පියකරු සිතුවිලි අතරය. ස්නේහා හදිස්සියේම කළ ඇරයුම මගේ සිතට විශ්මයකුත්-සතුටකුත් එකැවර එකතු කළේය.කුමකට හමුවී මා හා කුමක් කතාකරන්නට ඇයට තිබේ දැයි කියා මා නොදන්නා නමුදු ඇය හමුවීමට ලැබීම සිතට නිම් හිම් නොවන ආශ්වාදයක් අරං එන වග සත්තකි. ඒ සතුට මිහිර මොහොතකින් තිගැස්මකටත් නොසන්සුන් කමකටත් පෙරල
ූනේ කාර්යාලයෙන් බැහැර වන්නට අත්සන යොදන මොහොතේය. පිළිගැනීමේ කවුන්ටරය අසළවූ අත්සන් පොත රැගෙන අත්සන යොදන විට ආ දුරකතන ඇමතුමට රංගිලා පිළිතුරු බැන්දාය. මදක් කලබලව ගිය ගානට රිසිවරය තැබූ ඕ මා අසළ සිටියවුන් එහෙ මෙහෙ වනතුරු හිද මට පමණක් ඇසෙන්නට කතා කළාය.
—රන්දික සර් මිස්ව අහනවා. මිස් කියන්න කියූ දේ මම කීවා.වෙන මොනා කරන්නද?˜
මZසිත තිගැස්සී ගියේය. මෙතෙක් මා තුළ වූ මිහිර පලා ගොස් වරදකාර හැ`ගීම සිතේ අරක් ගත්තේය. මා යන්නේ නොයායුතු ගමනකැයි යන සිතුවිල්ල හිතට වද දෙන්නට පටන් ගත්තේය. මේ ගමන යනවාට වඩා නොයා හිදීම මනවැයි හිටිගමන් මට සිතුනි. ඉක්බිති නොයන්නට පටන් ගතිමි. මට කාර්යාලයෙන් එළියට බැස්සේ එක අරමුණකින් තොරවය.නේක සිතුවිලි මට අනේක විද පීඩාවක් රැගෙන ආවේය.
දිනෙක මෙහෙවර අහවර කළ වුන් නවාතැන් කරා ඇදෙන හෝරාවේ කෙලවරක් නැති තදබදයෙන් පිරි මංමාවත් අතොරක් නැතිව කාර්යබහුලය. තෙරෙපෙමින්-කඩිමුඩියේ දුවන මිනිසුන් අතරින් බේරෙමින්ද ගැටෙමින්ද මම ගුවන්පාලම අද්දර බෝගස පාමුලට ආවෙමි. හැන්දෑවේ ඉර ගිලෙන කනිසමේ අවසන් ඉර එළීය බෝ ගසේ අතු පතර අතරින් තීරු තීරු ගලා එයි. සබන් වතුර මුසු කරගත් පෙන පිරි භාජනයකට හුරුබුහුටි බට කැබැල්ලක් බහාලන වෙළෙන්දෙක් අනතුරුව එය දෙතොලතරට මැදිකොට සෙමින් පිබියි. බටය තුළින් වන තෙරපුමට සබන් පෙණ පිටතට එන්නේ දේදුණූ පැහැ ලොකු කුඩා සබන්බෝල නංවමිනි. සිය දහසක් සබන් බෝල හිස් අවකාශය මත ඉපිද විසිර ගැටී නොපෙනී යයි. ස්නේහා හමුනොවී බෝඩිමට යන්නට හිත හදාගෙන මම බොරලැස්ගමුව බස් එකක් එනතෙක් උන්නෙමි. ඇතැම් විට ඇය මා හා යලි කවදාවත් කතා නොකරනු ඇත. උරණවූ සිතින්ම මා හා කලකිරී සිටිනු ඇත. බස් එකක් විත් නතර කළේය. මම එහි නැ`ග උසුනකට බර වීමි.
—කොහෙද ඔයා ඉන්නේ?˜
ස්නේහා සිහින් හ`ඩ මගේ සිතුවිලි කණපිට හරවාලන්නට තරම් විය.
—මිස්... රන්දික සර් මිස්ව අහනවා˜
මට ඇවැසි වූයේ ගමන වෙනස් කරන්නටය.
—මම දන්නවා... ඔයා කොහෙද ඉන්නේ.ඉක්මනට එන්නකෝ...˜
යුවතිය කිසිවක් පිළිබ`ද ගානක් නැත. ඕ නොසන්සුන්ව සිටිනුයේ මා එනතෙක්ය.
—මේවා මට තේරෙන්නේ නෑ.ඇයි මිස් ෆෝන් එක ඕෆ් කරගෙන ඉන්නේ.ඒ මනුස්සයා කලබල වෙලා. මේ ගමන මගේ හිතට බරක් මිස්...˜
යුවතිය තත්පර කිහිපයකට නිහ`ඩ වූවාය.
—ඔයාට මාව කරදරයක්ද?˜
මොහොතකට පසු ඇය සැලෙන හ`ඩින් කීවාය.
—එහෙම දෙයක් නෙවේ මිස්...ඇත්තටම මේ ගමනේ අරමුණ මම දන්නේ නෑ.අරහේ අර මනුස්සයා හෝ ගාලා මිස්ව හොයනවා.මිස් කියනවා මිස් ආදරේ කරන කවුරුත් නෑ කියල. ඒත් රන්දිකගෙයි මිස්ගෙයි බැ`දීම මොකක්ද කියලා මම දන්නේ නෑ.ඒ නිසා මට මේක හිතට බරක් ˜ මම කීවෙමි.
—ඔයා පේන දේවල් එක්ක ඇයි හැමදේම තීරනේ කරන්නේ...පේන දේවල් වලට වැඩිය නොපෙනෙන දේවල් ඇත්ත හංගගෙන ඉන්නව ලිහිණි...˜
ස්නේහා මිමිණූවාය. බසය පිටත්වන්නට සැර දැම්මේය.ඒ වග ඇයට ඇසිණි.
—ඔයා යනවද?... ආ... ˜ මම නිහ`ඩ උනිමි.
—අනේ එක පාරක් ඇවිත් යන්නකෝ...ඊට පස්සේ ආයෙ මම කරදර කරන්නේ නෑ...ප්ලීස්...˜
මගේ පපුකුහර ඇතුලාන්තයම හෝස් ගා දැවී ගියේය. කිසිවිටෙක බලාපොරොත්තු නොවූ අවිහිංසක ආයාචනයක් පාදුහුවිලි තරමට මායාම් කරනුයේ කෙසේද? අද්දන බසයෙන් මම බැස්සා නොව පැන්නෙමි.
—හලෝ පිස්සුද?...අතපය දං දෙන්න හදනවද?˜ කොන්දොස්තර කොලූවා මහහ`ඩින් ඛෙරිහන් දුන්නේය. එහෙම්පිටින්ම වැරදිකරු මම හෙයින් නිහ`ඩවම එනවා හැරුණු කොට වෙන මොනවා කරන්නද.කඩිමුඩියේ පාර පැන්න මම නැවත දුරකතනය කණට ලං කර ගතිමි.
—මම බැස්සා... මිස් කොහෙද ඉන්නේ...˜
—මට බණිනවා ඇති නේද? කමක් නෑ අද විතරක් බැණුම් අහන්නම්..ඔයා කේ.එෆ්.සී එක ළ`ග ඊන්න.මං විනාඩි 2ට එනවා...˜
ඇය නව පනක් ලද සෙයින් කීවාය.නගර අලංකරණය උදෙසා පාරට යාබද පිහිටි අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම හේතුවෙන් බිදුනු පරණ ගොඩනැගිලි වල ශේෂ වූ කැට කැබිලි මතින් ගොස් මම රතු සුදු තීන්තෙන් හැඩවූ කේ.එෆ්.සී අවන්හල පාමුල නතර වීමී. තවමත් කෙලවරක් නොමැතිව තදබදයට මැදිවූ වාහන කන්දරාව ගුවන්පාලම උඩිනුත්-යටිනුත් පෙළගැසී තිබේ. නිල් තීන්ත ගිගෙන තිබූ බ්ත්තියක අඩක් රන්වන් පැහැ තීන්ත ආලේප කරමින් තිඛෙන අයුරින් අහස පාට ගැන්වී තිබේ. නුගේගොඩ විහාරයේ චෛතයේ කොත් කැරැල්ලට දවසේ අවසන් ඉර එළිය වැටී තියේ.ඈතින් ඇදෙන රථ පෙළ දෙසට ඇස මානා ගෙන ඇගේ වාහනය සොයන්නට මම වෙහෙසුනෙමි. ඉබිගමනින් නොසන්සුන් මිනිත්තු දෙක ගෙවිණි. මීටර් පනහක් පමණ එපිටින් වාහන පෙළ අතර ඇගේ කහපාට බීට්ල් මෝටර් රථය ගාටමින් තිබිණි. මදින් මද ලැඛෙන ඉඩ කඩක අවසරයෙන් ඕ පාර අයිනට වෙන්නට සිය රිය හරවා මා අද්දරින් නතර කර ගත්තායගඉක්බිති රියෙහි දොර විවර විනිගස්නේහා සිනා කටක් පුරවාගෙන හිස පහත් කරගෙනම විවර වු දොර පලුවෙන් එබී මදෙස බෑලුවායග
—එන්න ඉක්මනටගගගගගෟ˜
නිරුත්සාහයෙන්ම වට පිට නෙත් හෙලූ මම රියට ගොඩ වීමිගහුරුබුහුටි මෝටර් රතය මා සිසිල් කලේයග
—මම ලේට් උනාද˜
පරිස්සමින් වාහනය ප්ර˜දාන පාරට ලමින් යුවතිය අසයිගග
නෑගගමිස්ගගගබ්ලොක් එක නේද˜
රිය එහෙම් පිටින්ම ටෙඩි බෙයාර්ලාගේත්, පුලුන් හාවුන්ගේත් ගුහාවක් වනියගමිහිරි මෘදු සුඝන්දයක් හාත්පස විසිර තියේග
—තරහා වෙලාද ඉන්නෙ˜,
හිමින් සීරුවේ මහ මග රත පෙලට මොටර් රතය එක් කරමින් ඈ අසයිගගුවන් පාලම යටින් හරහට වටුන මාවතේ රාජගිරිය දෙසට පාර ඒ තරම් තද බදයක් නොවේග
—මොකටද තරහා වෙන්නෙ මිස්ගග˜
යුවතිය මුහුන සිප ගනිමින් තිබු කෙස් කරෑල්ලක් අතගිල්ලෙන් ගෙන සවනත රදවා ගත්තායගඅහස් නිලට හුරු බ්ලව්ස් එකක්ද,සුදු පෑහෑති ඩෙනිම් කලිසමක්ද පෑලද සිටින ඕ වෙතින් නික්මුනේ හුරුබුහුටි කෙලිලොල් බවකිගකහ පෑහෑති සුරතෙහි පෑලදි රන් දම ලා අව්වට දිලෙයිග
නිල් පාට රව්ම් දෑසත්ලරොස පාට සිහින් දෙතොලත් නොවියකෙන සිනාවක් අතිව පිහිටා තියේගගසිහින් මන්දස්මිතිය ඈ වෙතට අරුම චමත්කාරයක් අරන් එයිග
—මම ඔයාගේ ජීවිතේට කරදර කරනවාද? ˜
ඈ මුලින් ඇසූ පැනයට මගෙන් පිළිතුරු නැති කළ නැවත වෙනත් අයුරකින් එකම ප්‍රශ්නය නැගුවාය.
—මිස්ට එහෙම හිතෙනවාද?˜
ඇය අඩක් කියවා පිටුවක කොනක් නවා තිබූ මගේ කුලූදුල් පෙම්වතිය පොත මම එහෙන් මෙහෙන් පෙරැළීමි.
—කියවලා තියෙනවද ඕක...?˜ ඇය අසනුයේ පොත දෙස බලාය.
—නෑ˜ මම බොරුවක් කීවෙමි.
—ඕකෙ ඉන්නෙත් ළිහිණි කියලා බෝයි කෙනෙක්...ඒත් එයා ටීචර් පස්සෙන් යන කෙනෙක්. ඒකට මේ ළිහිණි...˜
—ඇයි මේ ළීහිණි මොකද?˜
—මේ ළිහිණි පස්සෙ කෙල්ලො එනව...˜
යුවතිය හ`ඩන`ගා සිනාසුනාය. ඈ අපමණ සැහැල්ලූවෙන් හිදින්නීය. මේ ලිහිණී පස්සේ කෙල්ලෙක් එනවානම් නොවරදවාම ඒ කෙල්ලට පිස්සු විය යුතුය. මම ඒ වගක් නොකියා පොත අසුනින් තැබීමි.
—අපි කොහෙද යන්නේ?...˜ මම ඇසීමි.
—දන්නෙ නෑ....˜
—දන්නෙ නෑ....˜
—ඔව්... මං දන්නෙ නෑ...˜
—හම්බවෙමු කීවෙ මිස්. ඩ්‍රයිව් කරන්නේ මිස් ඉතිං යන තැන දන්නේ නැත්තේ කොහොමද?˜
—ඔව් ඒ දෙකම ඇත්ත.ඒත් අපි යන්නේ කොහෙද කියලා මගෙන් අහන්නෙ ඇයි... ඔයා මේ ගමන ආවේ අකමැත්තෙන්ද?˜
යුවතිය අසනුයේ පුදුමාකාර දෑය.
පාර්ලිමේන්තු සංකීර්ණය පසුකළ රිය බේරවැව අද්දර නතර කළ යුවතිය හිස මදක් ඇලකොට අවිහිංසකව මදෙස බැලූවාය. ඔය බැල්ම තරම් මා අසරණ කළ, ඔය බැල්ම තරම් මා සසළ කළ,ඔ්‍ය බැල්ම තරම් මා මුසපත් කළ වෙනත් ඇස් දෙකක් මට මේ ආත්මයේ කවදාවත් හමුවී නැත... ඒ තරම්ම ඒ ඇස් කවිකාරය.
—මෙතන පොඩ්ඩක් බහිමුද?˜ යුවතිය මගෙන් විමසයි. මම කීකරු වෙමි.
කොළඹ නගරයේ සාමාන්‍ය උෂAණය වෙනුවට බේරෙවැව ඉසව්ව සිසිලසින් යුතුය. වැව් ඉවුර වටේට පිළිවෙලකට රටා මවන සිමෙන්ති කැට ඇතිරූ මාවතත් ඊට යාබද සක්මන් පථයත් ඊටත් ඔබ්ඛෙන් තන පලසත් ඉක්බිති නිල් දිය පිරි ජල තලයත් සොදුරු දසුනකි.ඉර එළීයට දිලිසෙන රිදී පැහැ වැව් ජලය සිහින් රැළිති නංවයි. වැව් ඉව්රින් මිදුණූ පුංචි පුංචි දූපත් දහයක් පහළවක් තුළ තරමක් උස රටාවක් ඇති තුරුවැල් ඉතිරි කොට තිබේ. මම රියෙහි දොර වසාගෙන කකුලක් රියසකට තබාගෙන දෑත බැද ඈත බැලීමි.




ස්නේහා රියෙන් බෑස වටෙන් විත් මට වඩා සමීපව හිට ගත්තාය.ඉක්බිති දේඅත බෑද හිස මදක් ඈල කොට ගත්තාය.පුංචි වීදුරු බෝල දෙකක් වන් දෙනෙත් වලින් මගේ නෙත් අල්ලාගත් ඈ අඩියක්වත් පරතරයක් නොවනසේ මා අසලින්ම දෑවටෙන්නට වුවාය.මට ආගන්තුක නමුදු ස්නේහාට සාන්කවක්වත් නෑති ගානය.සීතලට හම්ම ගිය තුනී පවනක් අප හුන් තන්හී විසල් කොහොබ ගසේ වියපත් පත්‍ර රෑසක් හලාගෙන ගියේය.තෑබිලි පාට අවරදිග අහස වඩාත් රතට හුරු වලකුලින් ගහනය..
"ලස්සනය
ි නේද?
යුවතිය එහෙම කියන්නේ මෑතින් වන වැවටද,ඒ මැද පුංචි පුංචි දුපත් දහය දොලහක වු තුරු ලතා වලටද,බෑස යන හිරු එලිය තවරුන වර්නවත් අවරදිග අහසටද,කියා නොවෑටහුනු නමුදු මමද "ලස්සනයි"කියා හූමිටි තෑබීමි.විටින්විට,එහෙමෙහේ යන රියක් දෙකක්ද,හුදකලාවත් ,නිදහසත් පතන පෙම්වතුන් කිහිප දෙනෙක් දරා හුන් කොම්ක්රීට් බන්කු කිහිහිපයද,සිය ශරීරයේ පාලනය උදෙසා ඈවිදින,දුවන,නතරව අත්පා සලන මිනිසෙකුද හෑරුනුකොට මුලු හාත්පසම සන්සුන්ය.
"කතා කරන්නකෝ....."
ස්නේහා දෑත රියට බරකොට,පාර දෙසට නබුරුව,මදක් මදෙසට හිස හරවා දගකාර ලෙස කියයි.යුවතියකගේ මෘදු කෝල රුව ගුනත්,සොදුරුසහල්ලුවත් ආදරනීය හෑසිරීමුත් සපිරිවරා සිටින මේ ඈත් දල පාට යුවතිය තවමත් මට අදහාගත නොහකිය.මේ මා අස සිටිනුයේ "ස්නේහා"මද කියා තවමත් සෑක සාන්කා සහගතය.
"කියන්න දිග කතාවක් තියිනවා කීව නේද?
ස්නෙහා හිස වනුවාය.
"කලුවර වෙනව ඉක්මනටම...මේ පාරවල් ගානේ ඉන්න එක හොද මදි.නිකරුනේ ප්‍රශ්න හදා ගන්න හොද නෑ මිස්.මං අහන් ඉන්නම්..මිස් කියන්න..."
යුවතිය හීන් මන්දස්මිතියක් නන්වා ගත්තාය.
"ඊට කලින් මම දෙයක් අහන්නද?
"අහන්න..."මං මහ නරක කෙල්ලක් කියලා හිතනවද?
"නෑ....."
මහ හිතුවක්කර කෙල්ලක් කියලා හිතනවද?
නෑ...."
මාව කරදරයක් කියලා හිතෙනවද?
"නෑ මිස්...මොකටද මම එහෙම හිතන්නේ..?කවදාවත් මම එහෙම හිතලා නෑ..."
යුවතිය ලය සෑහෑල්ලු කරගත් සුසුමක් පිට කලාය.සෑහෑල්ලුවට මිටියක් කොට ගෑට ගසා තිබූකෙටි කෑරලි ගෑසුනු කෙස් කලබ ගෙල දෙසින් විත් උස ලෑම මත රෑදී සිටියි.මෝටර් රථයේ බොනට්ටුව මත වු කහ පාට කොහොබ කොලය අතට ගත් මම එය දෙකට නවා,නියගින් තීරුවක් ඈද දපලු කලෙමි.මවෙතින් මදක් මෑතට ගිය ස්නෙහා අපට යාබදව වු කොන්ක්රීට් බන්කුවේ ඉද ගත්තාය. ඉක්බිති ඕ දකුනත බන්කු ඈන්දෙහි තබා ඒ අත උඩට වම් අත්ල ගෙනවිත් තබා ඒ උඩින් නිකට හේට්තු කලාය.
"මෙතෙන්ට එන්නකො....."
බිදක් හෝ සෑර නෑති රාස්සිගේ අව්ව වෑටුනු ස්නේහාගේ වත වඩාත් කහ පාටින් පෑහෑපත්ය.මම ඈ හුන් බන්කුවේ කොනකට වන්නට ඉද ගතිමි.
"ඔච්චර දුරින් ඈයි....මේ බන්කුව ඉඩ මදිද?
යුවතිය අසනුයේ දෑස ලොකු කරගෙනය.
"කමක් නෑ...
මම කියමි.
හරි....මම එන්නම්කෝ...."
එහෙම කියන ඈ තවත් මවෙත කිට්ටු වෙයි.
මෙතරම් සෑහෑල්ලුව,දෑරිවියක සේ හසිරෙනුයේ මෙරට අංක එකේ දෙන්වීම් ප්‍රරචාරක ආයතනයේ හිමිකරුගේ නෑගනියය.ඊට අනුබද්දව අන්තර්ජාල රුපවාහිනී නාලිකාවක්ද,රන් භාන්ඩ උගස් ආයතන කීපයක් ඈතුලු ව්යාපාර රෑසක් "දේදුනුපිටිය"පවුල සතුය.එහෙවු පවුලක යුවතියක් මෙහෙවු සෑහෑල්ලුව හෑසිරෙනුයේ බදුලු කොච්චියෙන් ජීවිතය සොයා කොලබ ආ දුප්පත් කොල්ලෙකු අසලය.ඈ කොතරම් ලෙන්ගතුව කතාබහ කලද අප අතර වන බරපතල පරතරය යෝද බෑම්මක්ව තුන්ඝ ලෙස නෑගී සිටියි..ආදරයත්,ආරක්ශාවත් යනදී රෑකවරන නොඅඩුව අත් විදිමින් දිවි ගෙවන මෙවන් යුවතියක හා මෙහෙම හුදකලවේ සිටීම සුලුපටු වරදක් නොවේ.මම සලිතව උන්නේ කවුරුන් හෝ අප දකිතෑයි කියාය.එබෑවින් සියලු කතාබහ හමාරකොට පෙරලා යන මොහොත එනතුරු මා නොඉවසිල්ලෙන් උනිමි.
"තව ටිකකින් කලුවර වෙනව මිස්..මේ අව ගමන ඒ තරම් හොද නෑ..ගොඩක්ම මිස්ට හොද නෑ..මම ආසයි මිස්ගේ කතාව අහන්න..පුලුවන්නම් කියන්න...ඒත් වෙලාව ගන හිතන්න...."
මම අවන්කවම කීවෙමි..
"බයද?.....
ඈ අසයි.
ඔව්....
"මන් ගෑනද?ඔයා ගෑනද?
"සමහරවිට මිස් ගෑන...සමහරවිට මම ගෑන...අන්තිමේදි අපි දෙන්නම ගෑන.."
ඈය හෑගීම් දහසක් පිරි දෑසින් මදෙස බලන්නීය.කවුරුන් නමුත් මෑට පෙම් කරන්නා මහා වාසනාවන්තයෙකියි මට සිතිනි.පිරිමි හිතක් සදාතනිකව නතර කොට ගන්නට තරම් ඒ කවිකාර නෙත් සොදුරු ය.මම ඉර ගිලී යන අහස දෙසට දෑස පා කලෙමි.ඒ අතර ඕ හඩ අවදි කලාය.
"සමහරවිට මේ ආව ගමන විකාරයක් කියලා ඔයා හිතනවා අති.මම එක්ක තරහත් ඈති. මම මේ ගත්තේ ඔයාගේ කාලය.උදේ ඉදලා වෑඩ කරලා හවස ඕෆ් වෙලත් නිදහසක් නෑ කියලා ඔයට හිතෙනවා ඇති.මන් දන්නවා,මේ ආව ගමන ඔයාට බරක්..මන් හින්දම මහ ගොඩක් කරදර දෑනටමත් ඔයා විදල තියෙනවා.ඒත් අයේ නොකියන කාටවත් මෙච්චරකල් නොකියපු දේවල් ටිකක් තියෙනවා ඔයාට කියන්න.මෙවා මම හිතේ හිර කරන් හිටපු දේවල් තමඉ.මම දන්නේ නෑ මෙ දෙවල් කියන්න මම ඔයාව තොරා ගත්තේ ඈයි කියල.කොල්ලෝ පේන්න බෑරි මට ඔයා මෙ තරම් විශ්වාස උනේ කොහොමද කියලා මන් දන්නේ නෑ.ඒත් මම දන්නවා ,ඔයට කියන්න දේවල් ගොඩක් මට තිබුන කියලා....
ඔයා අපෙ ඔෆීස් එකට ආව දවසේ ඉදලා අපි දෙන්න හරිම ඈරියස්.ගොඩක්ම මම තමයි.අනේ ඔයා ඔහේ දරාගෙන හිටියා..පස්සේ මටම දුක හිතුනා.සමහරවිට කොල්ලො එක්ක තිබුන තරහා මම අහිංසක ඔයා හරහා පිරිමහන්න ඇති.
මට ඔයාට කියන්න කතාවක් තියෙනවා...මට මේක පටන් ගන්න තේරෙන්නේ නෑ.පුලුවන් විදිහට කියන්නම්.
දේදුනුපිටියලා ලොකු බිස්නස් කරන අය කියලා රටම දන්න බව ඈත්ත.ඒත් එ පවුලේ සතුට නෑ කියලා ලොකෙ දන්නේ නෑ.මම පුන්චි කාලේ පුදුම දුක් වින්දා.දන්න කියන කාලේ ඉදලා අපෙ ගෙදර සෑනසුමක් තිබුනේ නෑ.ඉස්සර අම්මයි,තාත්තයි දෙන්නම රන්ඩු නොවුන දවසක් නෑ.වරද අම්මගේද,තාත්තගෙද කියලා මම අදටවත් දන්නේ නෑ.අය්යගෙයි මගෙයි වයස් පරතරය අවුරුදු පහලවක්.එයා මුලින් හොස්ට්ට්රල් වල ඉදලා පස්සේ රට ගියා.මගේ ඈස් දෙක ඉස්සරහ අම්මගෙයි තාත්තගෙයි රංඩු වෙනවා.එ රන්ඩු වලටබයේ මම කාමරේ අතුල හෑන්ගෙනවා.ඒ දෙන්නම මට වෙනසක් නොකල බව ඈත්ත.ඒත් එයාලගෙ රන්දු නිසා අපිට සෑනසුමක්නෑ.
හරියටම මගේ හත්වෙනි බර්ත් දේ එක දවසේ මොකක්දෝ හේතුවකට එයලා රන්ඩු උනා.අම්මා අරන් දීපු නිල් පාට ගවුමත් ඈදගෙන නිදා ගත්තා. පාන්දර මට ඈහෑරුනේ අම්ම මාව බදාගෙන අඩනවා අහිලා.මොනවදෝ කියව කියව එයා මාව තුරුල් කරන් ඈඩුවා.හිමින් හිමින් එයා අඩන එක නතර කලා.එයට නින්ද ගිහින් තිබුනා.ඒත්...ඊට පස්සේ කවදාවත් එයා ඈස් ඈරියේ නෑ.අම්මා මෑරුනේ ස්ලීපින් ටෑබ්ලට් තිස් පහකට වඩා බීලා කියල මට පස්සේ කවුදෝ කීවා.අම්මා මාව දාලා ගියේ එහෙම...
ස්නෙහා වෙවුලන හඩින් අවසන් වචන කීපය කීවාය.මම කඩා වටුනු සිතින් හිරිවෑටී අසා උන්නමි.යුවතියගේ නිල් පාට දෙනුවන් රතට හුරුව...කඩුලින් බරව....කඩුලු දෙපෙලියක් නෙත් ඉවුරු බිදගෙන ගලා ගියේය.මසිත හෝස් ගා දෑවිනි.අසරනිය හනික පසුම්බිය හෑර ටිශු කොලයක් ගෙන දෑස පිස දෑමුවාය.මම විලම්භීතව අසා උනිමි.
"අදටත් නොතෙරෙන අම්මගෙ ආදරේ මම හොයනවා.ඒත් කොහේ කියල හොයන්නද?තාත්තා මට ආදරේ තමයි..ඒත් එයා ලග අම්මගේ ආදරේ නෑ."
යලි යලි කදුලින් බර වෙන දෙනුවන් සන්තාපය මවෙත අරන් එයි.කල යුත්තක් හෝ කිව යුත්තක් නතිව මා අසරනය.හීනෙකින්වත් නොසිතු ගින්දරක් මේ යුවතිය උහුලාගෙන හිදී.පවුල් වල අවුල් අරුමයක් නොවුනද...ස්නෙහා මෙවනි වේදනාවක සිටින වග මා නොසිතීමි.
දිගු සුසුමක් හෙලූ ඈ යලිත් කතාව පටන් ගත්තාය.
"අම්මා නෑති උනාම තාත්තා ටික කාලෙකින් අලුත් ජීවිතයක් පටන් ගත්තා.ඒත් එයාට අයේ කවදාවත් සතුටක් ආවේ නෑ.අම්මගේ වටිනාකම එයට තේරුනේ ඊට පස්සේ.අම්මාට වඩා තාත්තා පුංචි අම්මගෙන් දුක්වින්දා.අම්මගෙන් මිදුන ජීවිතේ තාත්තට සෑනසුමක් වුනේ නෑ.එයා මගෙ ලග ඉදන් අඩපු වාර අනන්තයි.අම්මට එයගෙන් උන අසදාරනයත්,වේදනාවත් අරන් තාත්තා හාට් ඈටෑක් එකකින් මෑරුනා.අපිට උරුම උන වියාපාර අයියා ගොඩ ගත්තේ පුදුම මහන්සියකින්..අයියා ඈඩ්වටයිසින් ගොඩ නෑගුවේ පුදුම වෙහෙසකින්.හරිම පොඩියට එයා ඕක පටන් ගත්තේ.අද එයා මේ ඉන්න තෑන අදහන්නත් බෑ.අයියට මෙ තෑනට එන්න උදවු කරපු කෙනෙක් හිටියා.එයා තමයි "රන්දික".
....................."එතකොට රන්දික කියන්නේ කාගේ කවුද?එයාගෙයි ඔයාගෙයි තියෙන හිතවත්කම මොකක්ද?
මම තෝන්තු වී උන්නමි...කුමක්දෝ නොවෑටහෙන සිතුවිලි සිය ගානක් සිත සියුම්ව රිදවාලයි... ඉබේ දෑල්වෙන පහන් කනුවල ලා කහ පාට නියොන් එලියට ඉඩ දී හිරු සෑගවී හෝරාවකටත් වෑඩිය.

"පරාක්‍රම සල්වතුර"කියන පලාත් සභා ඈමතිගෙ මල්ලි රන්දික..හිතේ මොන බලාපොරොත්තු තියන් හිටියත් මගේ හිතේ බින්දුවක්වත් එයා ගෑන හෑගීමක් නෑ.කොහොමටවත් නෑ...."
ස්නේහා වෙව්ලුම් සරින් කියන්නීය...

මතු සම්බන්ධයි.......



අතිශයින්ම සමිපයෙකුට දුකක් කරදරයක් වූ කලෙක මෙන් මගේ පපුව ඇතුලාන්තයෙන් ඇරඹි සන්තාපයත් ස්නේහා වෙනුවෙන් උපන්නේය.සුර`ගනක සේ සුවබර කෙලිලොල් දිවියක් ගත කරනු ඇතැයි මා ඈ පිළිබ`දව මෙතුවක් සිතා වුන් දෑ එහෙම් පිටින්ම වැරදීය.කෙනෙකුට දරළ යැයි සිතිය හැකි වුවද ෂත්‍යවශයෙන්ම ඇය ඉන්නේ අනතුර ඇස් මානයේ තියා ගෙනය.
මද වේලාවක් දෙතොල් පියාගෙන හිස බිමට නැඹුරු කරගෙන ආයාසයෙන් දෙනෙත් පාලනය කරගෙන සිටි යුවතිය හෙමින් හිස එසෙවුවා
ය. හිත කඩා ඉහිරුවා ලන්නේ ඔය බැල්මය. නටන ඇහි පිහාටු වලට වද දෙමින් ඇය කදු`ඵ තෙරපාලන්නට ආයාසයක් දරයි. හිතේ අඹමල් රේණුවක තරම්වත් අහිතක් නැතිව පිවිතුරුව ඇගේ සිරස මත සුරත තබන්නට මට සිතේ. ඇගේ සුසුම්සර පවා දැනෙන නොදැනෙන තරම් සමීපව සිටින යුවතියගේ ස්වරූපය ඉතාම අවිහිංසකය.හාත්පස මද අදුරේ වුවද ඇගේ පැහැපත් මුහුණ සුපසන් ලෙස පෙනේ.
—මේ තරම් ප්‍රශ්න මිස්ට තියෙනවා කියලා මං දැනං හිටියේ නෑ මිස්...˜
මම කියද්දී ස්නේහා සුසුමක් පාකර ඈත බැලූවාය.මගේ උරහිස ගෑවෙන නොගෑවෙන තරම් සමීපව ඕ හුස්ම ගනී.
—මේ ෆෝන් එක ඕෆ් කරගෙන ඉන්නේ රන්දික මට වද දෙන නිසා.පාර්ටීස් වලටයි-ක්ලබ් වලටයි ඇබ්බැහි වෙච්ච එයාගේ ජීවිතේ මගේ ජීවිතේ එක්ක පටලගන්න මට බෑ. එයාගේ ලයිෆ්ස්ටයිල් එක මට මැච් වෙන්නේ නෑ.මම ඒවාට ආස නෑ.කොහොමත් මම තනියම ඉන්න ආසයි.හිතට ෆිට් නැති අය එක්ක ගැවසෙනවාට වඩා ඒක සතුටක්.මම අම්මා නැතිව හැදුණ කෙල්ලෙක් තමයි.ඕන තරම් මට නිදහස වි`දින්න තිබුණා.ඒත් නිදහසට මුවා වෙලා මේ අවුරුදු විස්සට මං කිසිම නරක වැඩක් කරල නෑ.ස්කූල් යද්දි ක්ලාස් යද්දි කොල්ලෝ පස්සෙන් ආවා තමයි.මගේ යා`ඵවො හැම කෙනෙක්ටම කොල්ලො හිටියත් මට ඒකට හදිස්සියක් තිබුණේ නෑ.විශ්වාස කරයිද මන්දා මේතාක් මම කිසිම කොල්ලෙක්ට ආදරේ කරල නෑ. බර්ත් ඩේ එකට අයිය දෙන කිස් එක ඇරුනම මෙච්චර කාලෙකට කිසිම කොල්ලෙක්ට මේ මූණ ඉඹින්න දීල නෑ. ඉස්කෝලේදී මම ද`ගමල්ලක් කියල මට කාඩ් ගැහුවට ඒ අයම දන්නවා මගේ ද`ගකම් වලට සීමා ඉරක් තියෙනවා කියලා.රන්දිකට ආදරේ කරන්න මට බෑ. එකක් එයා මට ආදරේ නෑ. අනික එයාට ආදරේ කරන්න මට හේතුවක් නෑ.පොළවේ පය ගහලා ජීවත් වෙන-දුප්පත් වුණත් මනුස්සකම උතුරණ කොල්ලෙක්ට මමත් කවදහරි ආදරේ කරයි.එයාගේ ඇස් දෙකෙන් මට ජීවිතේ දකින්න පු`ඵවන් වෙන්න ඕන.එයා ළ`ග මට රැකවරණයක් තියෙන්න ඕණ.ඒ කිසි දෙයක් නැති රන්දිකට මං කොහොමද ආදරේ කරන්නේ...එයා ළ`ග මාව නාස්ති වෙයිනේ.නේද?...˜
ස්නේහා කදු`ඵ පුරවාගත් ඇස් ඇතිව සුසුම් අවකාශයට පාකරමින් තෙපලන්නීය. නියොන් එළියෙන් අ`දුර වියැකුන නමුදු හාත්පස කියාපාන්නේ රාත්‍රිය උදාවී ඇති වගය. ඇගේ ඇසුරෙන් රැදී බොහෝ දෑ කියමින් හිදින්නට හිත බල කරතත් එය වරම් ඇති දෙයක් නොවේ. එහෙ බලා මෙහෙ බලන ටිකට කාලය ගතව යනුයේ ඇස්ලලකිනි.
—වෙලා ගිහින්ද?˜
ඇය හිටි ගමන් ඇසුවේ මගේ සිතැගි වැටහුනා සේය.
—මට නෙවේ මිස්ට වෙලා ගිහිං...හතට පහයි˜
—බොරු..එච්චර වෙලා ගිහිං...? ˜
ඔක්වරම මගේ අත අල්ලා ගත් ස්නේහා වේලාව බැලූවාය.ඇගේ අත සීතලය.මම පරිස්සමින් නමුත් ලෝබ කමින් අත මුදා ගතිමි.
—සමහරදාට මං මියැසිලාගේ ගෙදර ඉදලා යන්නේ මීටත් රෑ වෙලා.ඉතිං අද කවුරු කලබල වෙන්නද?˜
රෑ බෝවී මෙතන රැදී සිටීම යුවතිය ලෙස සාධාරණ යැයි සිතයි.
—ඒත් අද ඉන්නේ මියැසිලාගේ ගෙදර නෙවේනේ.මේ මහපාර˜ මම කීමි.
—ඉතිං තනියම නෙවේනේ...˜
—ඒකම තමයි වරද.අනිත්තෙක හතරේ ඉදලා ෆෝන් ඕෆ්...මිස්ට නොතේරුනාට හැමෝම කලබලවෙලා ඇති.˜
—අයියා යාලූවෙලා ගෙදර ගියේ පාර්ටි එහෙකට. ගෙදර ඉන්න නෝනම්මා එන කෝල්ස් වලට ආන්සර් කරනවා මිසක් එයා කවදාවත් ගන්නේ නෑ. රන්දික මේ වෙලාවේ ක්ලබ් එහෙක.අනික එයා මාව හොයන්නේ මගේ ආරක්ෂාවට නෙවේ.˜
ඇය තර්ක කරයි.තර්ක වුවද ඒවා නැත්ත නොවේ.
—මම දන්නවා...ඒත් නිස්කාරනේ මිස්ට කරදර වි`දින්න වෙයි කියලා මට හිතෙනවා.නැත්නම් එළිවෙනකම් මම ඉන්නම්˜
මට එහෙම කියවිනි.
—ඇත්තටම ඉන්නවාද...?˜ ඇය විමතියෙන් මෙන් ඇසුවාය.
—ඔව්... ඉන්නවා...˜
වගේ වගක් නැතිව ඔහේ හිතට එන ගානට වචන අතහැරීම එසේ මෙසේ දෙයක් නොවෙතත් මම එසේ කීමි.
—ළිහිණිටනම් ඉතිං මොන ප්‍රශ්නද?වැඩට එනවා.හවස යනවා. ගමේ එක්කෙනා කතා කරනවා...ඉක්මනට ගමේ එන්න කියනවා...ෂෝයා නේද?˜
ස්නේහා බංකුවෙන් නැගිට අඩි දෙකතුනක් ඉදිරියට ගොස් නැවත හැරී ඇසුවාය. විහිලූවට හෝ සැබෑවට ඈ සිතා සිටිනුයේ මට පෙම්වතියක් සිටින වගය.එය සත්‍යයෙන් තොර වග එක්කෝ ඇය නොපිළි ගනී. නැත්නම් බොරු වග දැන දැනම එයම කියයි.
—නහය ල`ගටම ප්‍රශ්න පිරිල හිටියත් ඒ ප්‍රශ්න කාටවත් කියලා වැඩක් නැති නිසා ඔහේ ඉන්නවා.මිස් කොල්ලෙක්ට ආදරේ කරල නෑ කියන්නේ සහතික ඇත්ත කියලා මං විශ්වාස කරනවා. ඒත් ම්ස්ට මම කියනදේ විශ්වාසයක් නෑ.ඉතිං මම කොහොම තේරුම් කරන්නද?˜
තත්පර දෙකක් පාත්කරගත් හිසින් යුතුව සිටි ස්නේහා යලිත් මවෙත පියවර මැන්නාය.
—විශ්වාස කරන්නේ කොහොමද අප්පා...මනමාල මූණ දිහා බැලූවම...˜
ඈ මගේ ඇස දිහාම බලාගෙන කියයි.
—අපි යමු...˜ මම නැ`ගිට්ටෙමි.
—ඉන්න පොඩ්ඩක්...˜ සිය අත වූ ජංගම දුරකතනයත්,කුඩා පසුම්බියත් මා අතට දුන් ඇය අනතුරුව බුරුල්ව විසිර තිබූ කෙස් වැටියට දැත් යවා පිළිවෙලක් කොටගෙන නැවත පෙර පරිදි ගැටගසා ගත්තාය. ඇගේ අනුමැතිය ඇතිව මම දුරකතනය ඔන් කළෙමි. තත්පර කිහිපයක පමාවෙන් —ඇලර්ට්˜ කිහිපයක්ම දිගටම ලැබිණි.
—කෙලවරක් නැතිව මිස් හොයලා....˜
—මට මොකෝ...මම වැරදි ගමනක් ආවේ නැනේ.අනික මට ආදරේට හොයන්න ඉන්නේ අයිය විතරයි.˜
උඩමානෙට දුරකතන තිරයට නෙත් පාත්කරමින් ඇය කීවාය.
—වැරදි ගමනක් නාව විත්තිය අපි දෙන්නම දන්නව වුණත් ලොකෙ ඒක දන්නේ නෑනේ මිස්...˜
කෙලවරක් නැති දාංගල ඇති යුවතිය හිටි ගමන් ඉස්සී මගේ හිස අවුල් කළාය.එවැන්නක් කරතැයි අපේක්ෂා නොකළ මා විමතියට පත් විමී. දරා ගත නොහැක්කේ ඇගේ කතාකරන ඇස් වල කාන්තියය. කෙතරම් ප්‍රශ්න වෙතත් කෙලවරක් නොවන ඇගේ සැහැල්ලූව ඇදහිය නොහැකි තරම්ය. නිතර දෙවේලේ මුහුණ නොරොක් කරගෙන අතොරක් නැතිව ආඩපාලි කියන ඇතැම් යුවතියන්ට වඩා ස්නේහා වෙනස්ය. ඇගේ ඇවතුම් පැවතුම් මෙතරම් සො`දුරු වන්නේ ඇය අතිශය සරළ යුවතියක නිසාය.
—ඒත් ඊට කලින් ඔයා මට දෙයක් ප්‍රොමිස් වෙන්න ඕණ...˜
බංකුවෙන් නොනැ`ගිටම ඕ ඉස්සී මZදෙස බැලූවාය.
—මොකද්ද?˜ මම කුහුලින් ඇසීමි.
—මම ඔයා කියන හැම දේටම කැමතියි.ඒත් අකමැති දෙයක් ඔයා නිතරම කියනවා.˜ මම ගැස්සී ගියෙමි.
—මම˜
—ඔව් ඔයා තමයි.˜
—ඒ මොකක්ද මිස්?˜
—ඔය මිස් කෑල්ල...අනේ ඒක අයින් කරලා කතා කරන්නකෝ ප්ලී...ස්˜ මට සිනහා නැගිනි.
—මිස්ට මිස් නොකියා වෙන මොනා කියන්නද?˜
—වෙන ඕණ එකක් කියන්න...මිස් මිස් ගාන්න එපා.ලැජ්ජාවේ බෑ.රංගිලාටයි...චතුලටයි සේරටම අක්කේ නංගී කියනවා.මට විතරක් මිස්..˜
ඇය නොමනාප බැල්මක් හෙලයි.රංගිලා-චතුලා දෙන්නත් මා වැනිම සේවකයින් විනා ආයතනයේ හිමිකරුවන් නෙවේ. එබැවින් ඔවුන් හා මෙන් ස්නේහා සම`ග කතාබස් කළ හැකි නොවේ.හිතවත්කම් කුමක් වෙතත් ඇගැලූම්කම් පාත්දී ප්‍රවේශම් විය යුතු සීමාවක් තිබේ.එය ඉක්මවා යාම මට කෙසේවත් කළ හැක්කක් නොවේ.
—මිස් ඔය කියන්නේ මට ජොබ් එක නැතිකරගන්න වෙන කතාවක්...˜
—පිස්සුද... අයියටයි ම්ස්ට ආලෝකටයි විතරයි හැමෝම සර් කියන්නේ...මට මිස් කියන්න ඕණි නෑ.˜
—එහෙනං මොනාද කියන්නේ...?˜
—ඒකත් මම කියා දෙන්න ඕනද? මෝඩ පැටියට මොනාත් තේරෙන්නේ නෑ කැමති දෙයක් කියන්න..˜
මුරණ්ඩු ලෙස එසේ පැවසූ ඇය බංකුවෙන් නැ`ගිට රිය දෙසට ගියාය.බේරෙ වැව් දිය පහන් කණු වල විදුලි බුබුලූ එළි තවරාගෙන කහපැහැ රැළි සියදහසක් නංවයි. මම වම් පසින් විත් රියට නැංගෙමි.වාහනය හරවා ගත් ස්නේහා තුනීවට රේඩියෝව දැමුවාය.නාලිකාවක් ලැඛෙන තුරු ඇ`ගිලි තුඩින් කිහිපවරක් සංඛ්‍යාත සෙවූ ඇය වේග රිද්ම නාලිකා කිහිපයක්ද ඉංග්‍රිසි නාලිකාවක් හෝ දෙකක්ද ම`ගහැර නතර වූයේ අපූරු ගීතයක් අතරය.
සුළං කපොල්ලේ තැනූ කැදැල්ලේ
මුල් දෙපදය හමාරව අන්තරා කොටස වැයෙමින් තිබූ ගීතය මේ මොහොතේම ප්‍රචාරය වූ හැටි..æ
ඇයට මවක් පියෙක් නොමැත සිතිජ වළල්ලේ කදුළ පමණි ඇයට උරුම දවස මුලූල්ලේ යොදුන් ගනං ඔබමැ සොයා ඇසිය මුල්ලේ ඇයට ලැගුම් දෙන්න සබද ඔබගේ තුරුල්ලේ˜
ස්නේහා ඇස් දෙක හින් කොටගෙන මZදෙස බැලූවාය. අප දෙදෙනාගේම ඇස් හතර පැටලී තත්පර දෙකක් ගෙවින.ඇගේ දිලිසෙන නෙත් බැල්ම පාමුල මගේ දෑස කැවෙන්නට විය.
—හෙට යනවද?˜ හිටි ගමන් ඈ ඇසූයේ දියතලාව ගමන පිළිබ`දය.
—ඔව් යන්න වෙනවනේ˜
ඇය රිය පදවනුයේ ඕණෑවටත් වඩා සෙමිනි.වාහනත් මිනිසුනුත් අඩු මාවතේ මීට වඩා වේගයෙන් යා හැකිය.එහෙත් ඇයට ඇති හදිස්සියක් නැත.
—දවස් කීයක් ඉන්නවෙයිද දන්නෑ...˜ ඇය තමාටම වගේ කියාගත්තාය.
—දවස් දෙකයි...˜
—ගමෙත් යනවද?˜
ඇය උදේ ඇසූ දෑම යලිත් අසයි.මම එවේලේ දුන් පිළිතුරම පෙරළා යලිත් දුනිමි.
—ඒ පැත්ත මල් වලට ප්‍රසිද්ධයි නේද?˜
—ඔව් සමහර කාල වලට මල් ගෙනියන්න ඉන්දියාවෙනුත් එනවා.˜
—නැහ්˜
ස්නේහා විමතියෙන් ඇස් ලොකු කරගනී.
—ඔව්...නර්සරි වලට වඩා වතු වල තමයි මල් කඩන්න තියෙන්නේ වැස්සයි-කූඩැල්ලොයි නිසා මල් කඩන එක ඒ තරං ලේසි නෑ...˜
—ඒක තමයි මල් ඔය තරම් ගනං˜
—ඔව් සමහර වෙලාවට මල් කියන්නේ ගොඩක් ප්‍රපාත වල දිය සෙවෙල බැදුන ගල් වල අමාරුවෙන් අඩිය තිය තියා යන්න ඕණ.තැලෙන්නේ නැති වෙන්න කඩන මල් මිටි බැදලා ආපහු උඩට අරං එන්න ඕණ..ඒ මල් ගන්න එන අය අතරේත් තියෙන්නේ පුදුම මාෆියාවක්..˜
ස්නේහාට ඒවා විමතියට කාරණාය. ඕ පුදුමයෙන් බලනුයේ එබැවිනි. බත්තරමුල්ල පසුකරගෙන කිරුලපනට වාහනය හරවන විට ස්නේහාගේ දුරකතනයට ඇමතුමක් ලැබිණි.මෙසේ වේගය තවදුරටත් බාලකළ ඇය දුරකතනය අතට ගෙන මුලින් ඒ දෙසත් අනතුරුව මZදෙසත් බැලූවාය. අනතුරුව සිය දෙතොලතරට දබරැගිල්ල තබ ාමට ශබ්ධ නොනැගෙන ලෙස සන් කළාය.
—අයියා...˜
ඇය ඇමතුම සම්බන්ධ කොට ගත්තේ මට එහෙම කියමිනි.දැන් නිවසට එමින් සිටින වගත් මෙතුවක් මිතුරියගේ නිවසෙන් සිටි බවත් පැවසූ ඕ විනාඩි හතලිහකින් නිවසට යන වගත් පැවසුවාය.තවත් මොන මොනවාදෝ පවසන ඇමතුම විසන්ධි කළ යුවතිය සැනසුම් සුසුමක් හෙ`ඵවාය.
—අයියා තවම පාර්ටි එකේ...මම කොහෙද ඇහුවා...˜
—යන්න විනාඩි හතලිස් පහක් යනවද?˜
අසා ඇති පරිදි ස්නේහාලාගේ ගෙය පිහිටා ඇත්තේ විජේරාම හන්දියෙන් ජයවර්ධනපුර සරසවි මාවතේ මද දුරක් ගිය තැනය. එතැනට යන්නට විනාඩි දහයක්වත් යන්නේ නැත.
—බඩගිනියි...කාල යමුකෝ...˜ ඇය කුසට අත තබාගෙන කීවාය.
—අපි ෆැබ් එකට යමු˜
මට යමක් කියන්නට ඉඩක් නොතබා ඇයම තීරණය කොට රිය ෆැබ් එක දෙසට හැරවූවාය. රථගාලෙහි රිය නතර කල ඇය ඉන් නොබැස මොහොතක් මZදෙස බැලූවාය.
—තරහද...?˜ ඇය බොහෝ පහත් හඩින් අසයි.
—ඇයි ඒ...?˜
—මෙහෙම ඔයාව රස්තියාදු කරනවට˜
—මට මොන රස්තියාදුවක්ද...මිස්ටනේ වෙලා යන්නේ...˜
—නෑ...නෑ...මටත් වෙලා යන්නේ නෑ...යමු...˜ අයිය විනාඩි හතලිස් පහක් දුන්නා..
යුවතිය මට ඉස්සර වූවාය. මම ඈ පිටුපසින් පියවර මැනීමි.ගුරුපාට රැළි තිර රෙදි වලින් සැරසූ සීතල අවන්හල වැඩිමනක් වීදුරු ආවරණයන්ගෙන් වටව ඇත. ස්නේහා තරප්පු පෙළ නැංගේ මට සමාන්තරවමය.පටු තරප්පු පෙළ නගින්නට ඇය මගේ අත වාරුවක් කරගත්තේ නොදැනීමය වගේය.කලූපාට රවුම් වීදුරු මේස කිහිපයක් පසුකරගෙන ගිය අපි කෙලවරකවූ මේසයක් අසළ නතර වීමු.සත්තකින්ම මම උන්නේ නුහුරු සිතුවිලි වලිනි.
—ඉදගන්න˜
ස්නේහා පවසයි.කඩිසරව මෙනුවක් රැගෙන එන සේවකයෙකුට කතාකළ යුවතිය අවැසි දෑ පිළිබ`ද මගෙන් විමසුවාය. ඇය ප්‍රිය කෑමක් ඇනවුම් කරන ලෙස මම කියමි. අනතුරුව යුවතිය යම් යම් දෑ ඇනවුම් කොට —හරි...˜යැයි කියා හරිබරි ගැසුනාය.දෙතොල් පෙති පියාගෙන-දිප්තිමත් දෙනෙත නොසොල්වා මZදෙස බැලූවාය.මේ හැ`ගීමට මට නමක් නැත. ඒ බැල්ම අද්දර හිරිවැටී අසරණ වන තරම කියන්නට මට තේරෙන්නේද නැත. සීතල අයිස් වතුර ලු වීදුරුව හිමබිදු වලින් වැසී ඇත.මම ඇගිල්ලෙන් ඒ මතුපිට ඉරක් ඇදීමි.
—ඇත්තට ඔයාට ගර්ල් කෙනෙක් නැද්ද ලිහිණි?˜ හිටපුගමන් ඇසුවාය.
—ඉන්නවානම් ඇත්තටම ඉන්නවා කියනවා...˜
—පුදුමයි...˜ මම සිනාසීමි.
—ඔයා හොයන්නේ කොහොම කෙනෙක්ද?˜
—ඔහොම කෙනෙක්˜ යැයි ඇගේ මුහුණ දෙස බලා කියන්නට මට සිත් විණි. එවන් සවියක් මට කොහෙන්ද? සේවකයෙකු විවිධාකාර කෑම රැගෙන විත් මේසය මත තැබුවාය. කොල වර්ග වලින් වටවුණු එළව`ඵ මිශ්‍ර බත් දීසිය මේසය මැදක් වන්නට තැබිනි.ඒ වටේට විවිධාකාර දීසි පිරුණි.
—කියන්න කෝ...˜
හිම දිය වීදුරුව පසෙකට කරමින් ස්නෙහා මගෙ මුහුනට එබීගෙන කියයි.
",මම කෙල්ලො ගෑන දන්නේ නෑ.එයාලගේ හෑසිරීම්ල අදහස් මම දන්නේ නෑ.ඒ මම ගෑනු ලමයි ආශ්රය කරල නෑති නිසා.ඒත් මොන හේතුවකටද මන් දන්නේ නෑ.එක ගෑනු ලමයෙක්ගේ රුපයක් මට වද දෙනවා...."
මගේ කතාවෙන් ස්නෙහා තිගෑස්සුනාය.බොන්නට මුවට ලන් කරගත් වීදුරුව යලි මේසයේ තෑබුවාය...!!
,ඒ කවුද... ?

මතු සම්බන්ධයි.....


වෙන්දේසිවත්ත සමගින් Ranjith Kumara 
Facebook වෙතින් බැලීමට -  http://www.facebook.com/media/set/?set=a.315245558522695.67162.297569890290262&type=3 


ඔබ සතු හාස්‍යජනක්,දුර්ලභ,වැදගත් ලිපි,ඡායාරූප අපට එවන්න:
wendesiwatta@gmail.com




3 comments: